189 views 2 secs 0 comments

අද පැයක විදුලි කප්පාදුවක්

In Local News
January 24, 2022

අද දිනයේ පැයක විදුලි කප්පාදුවක් සිදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ (ලංවිම) ඉංජිනේරු සංගමය නිවේදනය කරයි.

මෙම විදුලි කප්පාදුව පහත සඳහන් කාණ්ඩ හතරක් යටතේ සිදුකරන බවයි.

A කාණ්ඩය: පැය 17:30 සිට 18:30 දක්වා
B කාණ්ඩය: පැය 18:30 සිට 19:30 දක්වා
C කාණ්ඩය: පැය 19:30 සිට 20:30 දක්වා
D කාණ්ඩය: පැය 20:30 සිට 21:30 දක්වා

විදුලිය නිපදවීමට අවශ්‍ය බලාගාර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඉන්ධන නොමැතිකම හේතුවෙන් විදුලිය විසන්ධි කරන බවට ලංවිම ඉංජිනේරු සංගමය දිගින් දිගටම අනතුරු අඟවා ඇත.
ඩොලර් හිඟය හේතුවෙන් ශ්‍රී ලංකාවට විදුලිය නිෂ්පාදනයට අවශ්‍ය ඉන්ධන මිලදී ගැනීමට නොහැකි වී තිබේ.