
පිටි සමාගම්, සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය විසින් තිරිඟු පිටි කිලෝවක මිල ඉහළ දැමීම හේතුවෙන් පාන් ගෙඩියක මිල ඇතුළු සියලුම බේකරි නිෂ්පාදනවල මිල අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට බේකරි හිමියන් තීරණය කර තිබෙනවා.
ඒ අනුව පාන් ගෙඩියක මිල රුපියල් 30/- ඉහළ දැමූ අතර ඒ අනුව නව මිල රු. 110/- සහ රු. 130/-කි.
අනෙකුත් බේකරි නිශ්පාදනවල මිල රුපියල් 10 කින් වැඩි කිරීමට තීරණය කර ඇති බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.