
ආරක්ෂක හේතූන් මත හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර වෙත රැගෙන ගිය බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පවසයි.
එමෙන්ම රටේ තත්ත්වය යථා තත්ත්වයට පත් වූ පසු හිටපු අගමැතිවරයා ඔහු කැමති ස්ථානයකට ගෙන යන බව ද ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.