
ශ්‍රී ලංකාවේ ඉන්ධන අර්බුදය හේතුවෙන් පෞද්ගලික – රාජ්‍ය මගී ප්‍රවාහන සේවාවලට දැඩි බලපෑමක් එල්ල වී තිබේ. මේ හේතුවෙන් පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ සහ කුලී රථ සේවා පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක නොවේ.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ශ්‍රී ලංගම) සහ ශ්‍රී ලංකා දුම්රිය සේවය කියා සිටියේ ඉන්ධන අර්බුදය හමුවේ වුවද සිය සේවා අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ ඊයේ රාත්‍රිය වනතුරු පෞද්ගලික බස් රථ රැසක් ඉන්ධන පෝලිම්වල පැවති බවයි.
මේ හේතුවෙන් අද (8) දිනයේ සමස්ත පෞද්ගලික බස් සේවා ධාරිතාවෙන් 50%කට බස් රථ සීමා කෙරෙනු ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.