187 views 0 secs 0 comments

පාර්ලිමේන්තුවට ගිනි තැබූ ලිබියන් විරෝධතාකරුවන්…

In World News
July 02, 2022

අඛණ්ඩ විදුලි කප්පාදුව සහ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පාලනයෙන් තොරව ඉහළ යාම හා දේශපාලන අර්බුදයට එරෙහිව පැවැති විරෝධතාවක් අතරතුරදීපිරිසක් විසින් ලිබියාවේ ටොබෘෘක් නගරයේ පිහිටි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ගිනි තබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිය.

මේ වනවිට එම විරෝධතා ලිබියාවේ ට්‍රිපොලි අගනුවර ද පැවැත්වෙන අතර විරෝධතාකරුවන් ඉල්ලා සිටින්නේ වහාම මැතිවරණයක් පවත්වන ලෙසයි.

මෙම විරෝධතා සඳහා අන්තර්වාර එක්සත් රජයේ ප්‍රධානියා වන අබ්දුල් හමීඩ් ඩ්බෙයිබාගේ සහාය ලැබී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.