
ස්විට්සර්ලන්තයේ පැවති රෙසිස්ප්‍රින්ට් ජාත්‍යන්තර තරඟයේ මීටර 100 තරඟ ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට යුපුන් අබේකෝන් සමත්වී තිබෙනවා.
ඔහු තප්පර 9.96ක කාලයකින් සිය තරඟ ඉසව්ව අවසන් කිරීමට සමත්වූ අතර යුපුන් අබේකෝන් නැවත වරක් මීටර 100 ශ්‍රී ලංකා වාර්තාව සහ දකුණු ආසියානු වාර්තාව අලුත් කලා.
පිරිමි මීටර 100 ඉසව්ව තත්පර 10ට අඩුවෙන් නිමකළ පළමු ශ්‍රී ලාංකික සහ දකුණු ආසියානු කෙටිදුර ධාවකයාවීමට යුපුන් අබේකෝන් සමත්වීම මෙහි විශේෂත්වයකි.