129 views 0 secs 0 comments

අගමැති ඉල්ලා අස් වීමට එකඟ වෙයි…

In Local News
July 09, 2022

තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී සර්ව පාක්ෂික රජයකට බලය ලබා දීමට සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකයින්ට ප්‍රකාශ කර තිබේ.

දීප ව්‍යාප්ත ඉන්ධන බෙදා හැරීම මේ සතියේදී යළි ආරම්භ කිරීමට නියමිත බවත්, ලෝක ආහාර වැඩසටහනේ අධ්‍යක්ෂවරයා මේ සතියේ දිවයිනට පැමිණීමට නියමිත බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසාර වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිත බවත් සැලකිල්ලට ගෙන තමන් මෙම තීරණය ගන්නා බව රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එබැවින් පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඔහු විරුද්ධ පක්ෂ නායකයින්ගේ මෙම නිර්දේශයට එකඟ වූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.