296 views 0 secs 0 comments

2022 ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 100 අවසන් වටයට තේරී පත් වූ යුපුන්….

In Sports
September 05, 2022

ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් 2022 ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා ශූරතාවලියේ අවසන් අදියරේ මීටර් 100 පිරිමි ධාවන ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

මේ මස 7 සහ 8 වැනිදා ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා ශූරතාවලියේ අවසන් තරඟය සූරිච් හිදී පැවැත්වීමට නියමිතය.

මෙම තරගයේ මීටර 100 ධාවන ඉසව්වෙන් ලොව ප්‍රබල ක්‍රීඩකයින් රැසක් තරඟ වැඳීමට නියමිත බවද වාර්තා වේ.