167 views 0 secs 0 comments

රාජකීය දිවියක නිමාව…..

In World News
September 09, 2022

70 වසරකට අධික කාලයක් රජ කිරුළ දරමින් සිටි එළිසබෙත් මහ රැජිණ අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.

මිය යන විට ඇය 96 වැනි වියේ පසු වූ අතර ඈ රෝගාතුරව සිටි අවසන් මොහොතේ බ්‍රිතාන්‍ය රජ පවුලේ සියලු ම සාමාජිකයින් ඈ වටා රැස්ව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.

රුජිණගේ වියෝවත් සමග බකිංහැම් මාලිගයේ බ්‍රිතාන්‍ය ධජය අඩකුඹු කෙරුණු අතරම බැල්මෝර් සිට රාජකීය දුම්රියක් ඔස්සේ රැජිණගේ දේහය බකිංහැම් මාලිගය වෙත ගෙන ඒමට නියමිත බව විදෙස් වාර්තාවන්හි සඳහන් ය.

එළිසබෙත් රැජිණගේ අභාවයත් සමග මීළඟට සිහසුනට පතවන්නේ ඇගේ වැඩිමල් පුත් ඔටුන්න හිමි චාල්ස් කුමරුයි. චාල්ස් නිල වශයෙන් රජු බවට ප්‍රකාශයට පත් කිරීම සිදුවන්නේ සෙනසුරාදා ලන්ඩනයේ ශාන්ත ජේම්ස් මාලිගයේදී ය.