
ලබන 19 වන දිනට යෙදෙන දෙවන එළිසබත් මහ රැජිණගේ රාජකීය අවමංගල්‍ය හේතුවෙන් එදින රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස රාජ්‍ය පරිපාලන හා ස්වදේශීය කටයුතු අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
එදින ජාතික ශෝක දිනයක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කර තිබෙන අතර මෙම නිවාඩුව රජයේ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට බාධාවක් නොවිය යුතු බවද රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කර සිටියා.