Connect with us

Uncategorized

ශ්‍රී ලංකාවේ සැප්තැම්බර් මස උද්ධමනය 73.7% දක්වා ඉහළට

Published

on

2022 සැප්තැම්බර් මාසය සඳහා NCPI විසින් මනිනු ලබන ශ්‍රී ලංකාවේ සමස්ත උද්ධමන අනුපාතය 73.7% දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වාර්තා කරයි. 2022 සැප්තැම්බර් සඳහා, 2022 අගෝස්තු මාසයට සාපේක්ෂව මාසික වෙනස 2.3% ලෙස වාර්තා විය.
වසරින් වසර පදනම මත NCPI විසින් මනිනු ලබන සමස්ත උද්ධමන අනුපාතය 2022 සැප්තැම්බර් මාසයේදී 73.7% ක් වන අතර 2022 අගෝස්තු සඳහා ගණනය කරන ලද උද්ධමනය 70.2% කි.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Uncategorized

නව ජනපති සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට IMF සූදානම්…

Published

on

By

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කරලීම සඳහා සහාය වීමට හා විස්තීර්ණ ණය වැඩසටහන යටතේ ලබා ඇති ප්‍රගතිය ඉදිරියට ගෙනයාම සඳහා නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග සහයෝගයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

ශ්‍රී ලංකාව සඳහා වූ ඓMF විස්තීර්ණ ණය වැඩසටහනේ තුන්වැනි ඇගයීමේ කාලරාමුව සම්බන්ධයෙන් නව පරිපාලනය සමග අවස්ථාව ලැබුණු වහාම සාකච්ඡා කරන බවත්, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර බැඳුම්කර හිමියන්ගේ නියෝජිතයින් සමග ඇතිකරගත් එකඟතාව, මෙරට නිල ණයහිමියන්ගේ කමිටුවේ සහතික කිරීමට යටත්ව පිළිගන්නා බවත් මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයෙකු සඳහන් කර තිබේ.

නිල ණය හිමියන්ගේ කමිටුව එහිදී සලකා බලනු ඇත්තේ එම එකඟතාව සංසන්දනාත්මකව ණය ප්‍රතිකර්මයක්ද යන්න පිළිබඳවයි.

එමෙන්ම මෙම එකඟතාව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයේ කැපීපෙනෙන ප්‍රගතියක් පිළිබිඹු කරන බවද මුල්‍ය අරමුදලේ ප්‍රකාශකයා අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවට ලබාදෙන අමෙරිකානු ඩොලර් බිලියන 03ක විස්තීර්ණ ණය මුදලේ තුන්වැනි ඇගයීමේ කාල රාමුව සම්බන්ධයෙන් නව පරිපාලනය සමග ප්‍රායෝගිකව හැකි පළමු අවස්ථාවේදීම සාකච්ඡා කරන බවත් එහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය වැඩසටහනේ දෙවැනි ඇගයීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 336ක තුන්වැනි වාරිකය හිමිවූයේ පසුගිය ජුනි මාසයේදීය.

Continue Reading

Uncategorized

කාළගුණයෙන් බැට කෑ අයට සහන සැලසීමට අමාත්‍ය මණ්ඩලය  අනුමැතිය හිමිවෙයි..

Published

on

By

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් විපතට පත් කොළොන්නාව ඇතුළු දිවයිනේ සෙසු ප්‍රදේශවල පදිංචිකරුවන්ට ආහාර සහ අත්‍යවශ්‍ය සේවා සැපයීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඊයේ (03) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

Continue Reading

Uncategorized

“උරුමයෙන්” මුලතිව් ජනතාවට සින්නක්කර ඔප්පු

Published

on

By

“උරුමය” වැඩසටහන යටතේ මුලතිව් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 5ක් ආවරණය වන පරිදි සින්නක්කර ඔප්පු 600ක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ජනතාවට ලබාදීම අද (26) පුත්තුකුඩියිරිප්පු මධ්‍ය මහා විද්‍යාලයේ පැවති උත්සවයකදී සිදු කෙරිණි. “උරුමය” වැඩසටහන යටතේ මුලතිව් දිස්ත්‍රික්කයේ සින්නක්කර ඔප්පු 1,376ක් ලබා දීමට නියමිතය.

Continue Reading

ප්‍රවණතාවන්