163 views 0 secs 0 comments

මත්පැන් වල ගුණාත්මක බව තීරණය කිරීමට අයවැයෙන් ගත් පියවර..

In Local News
November 14, 2022

2023 අයවැය යෝජනා හරහා මධ්‍යසාර නිෂ්පාදනවල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව යටතේ නව රසායනාගාරයක් ස්ථාපිත කිරීමට ජනාධිපතිවරයා යෝජනා කළේය.

ප්‍රමිතීත් සකස් කිරීම සඳහා ආයතනයක් නොතිබීම තුළ මිනිස් පරිභෝජනයට නුසුදුසු මධ්‍යසාර හඳුනාගැනීම දුෂ්කර වී ඇති බවද ජනාධිපතිවරයා පෙන්වාදුනි.

එසේම නුසුදුසු මධ්‍යසාර සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමද දුෂ්කර වීම ඇතුළු කරුණු මුල්කරගනිමින් මෙම රසායනාගාරය පිහිටුවීමට පියවර ගන්නා බව ජනාධිපතිවරයා පැවසීය.

ඒ අනුව මෙම නව රසායනාගාරය පිහිටුවීමට 2023 අයවැය හරහා රුපියල් මිලියන 100ක මුදලක් වෙන්කිරීමට තීරණය කර තිබේ.