90 views 0 secs 0 comments

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ පෞද්ගලික ලේකම්වරයෙකු මරුට

In Local News
October 20, 2024

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ පෞද්ගලික ලේකම්වරයෙකු වෙඩි වැදීමෙන් මිය ගොස් තිබේ.
කටුගස්තොට මහයියාව ප්‍රදේශයේ ලොහාන් රත්වත්තේ මහතාට අයත් කාර්යාලයක් ආසන්නයේ නිවසකදී ලේකම්වරයාට වෙඩි වැදී ඇති බවත්, සිද්ධියට යොදා ගත් ගිනි අවියේ හිමිකාරිත්වය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් පොලීසිය සඳහන් කර සිටියා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.