Local News
September 04, 2024
205 views 0 secs 0

ඇරුන්දික ප්‍රනාන්දු ස්වාධීන වෙයි…

තමන් පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස ක්‍රියා කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා අද(04) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ප්‍රකාශ කර සිටියා.

Local News
September 04, 2024
207 views 0 secs 0

විශ්වවිද්‍යාල කඩයිම් ලකුණු නිකුත් කිරීම ඉදිරි දෙසතිය ඇතුළත….

පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලවලට තෝරා ගැනීමේ කඩයිම් ලකුණු ඉදිරි දෙසතිය ඇතුළත නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ප්‍රකාශ කර සිටියා.මේ වනවිට එම අදියරේ කටයුතු බොහෝ දුරට අවසන් වී ඇති බව එහි උපසභාපති මහාචාර්ය චන්දන උඩවත්ත මහතා සඳහන් කර සිටියා. මෙවර විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමට අපේක්ෂිත සිසුන් සංඛ්‍යාව 45000කට අධිකයි.

Local News
September 03, 2024
209 views 5 secs 0

අපොස උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වේ..

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2023 (2024) නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (03) නිකුත් කර තිබේ. එම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස විභාග අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් ලබාගත හැකිය. ක්ෂණික දුරකථන අංක 1911 හෝ 0112 784 208 – 0112 784 537 – 0112 785 […]

Local News
September 03, 2024
195 views 0 secs 0

කරුණාරත්න පරණවිතාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙයි…

අද (03) කරුණාරත්න පරණවිතාන මහතා 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කළ බව පසුගිය අගෝස්තු 21 වනදා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර ධූරයෙන් ඉවත් වීමත් සමඟ ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් පත්විය 2020 අගෝස්තු මාසයේ පැවති […]

Local News
September 03, 2024
205 views 1 sec 0

කතරගම දේවාලයේ පුද පඬුරුවලින් ඉදිකෙරුණු අපේක්ෂා රෝහලේ ළමා වාට්ටු සංකීර්ණය…

රුහුණු මහා කතරගම දේවාලයට බැතිමතුන්ගෙන් ලද පුද පඬුරු මගින් මහරගම අපේක්ෂා රෝහලේ ඉදිකළ නව ළමා වාට්ටු සංකීර්ණය විවෘත කිරීම අද (03) සිදුකෙරුණි. මෙම ඉදිකිරීම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ‘හුස්ම’ ව්‍යාපෘතිය යටතේ රණවිරුවන්ගේ ශ්‍රම දායකත්වයෙන් මාස 10ක කාලයක් තුළ නිම කර ඇත. මෙම වාට්ටු සංකීර්ණය සඳහා වියදම් වී ඇති මුදල දල වශයෙන් රුපියල් මිලියන 160කි වන […]

Local News
September 03, 2024
217 views 2 secs 0

රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා ඉහළ නැංවීම සඳහා වූ නිර්දේශ ඇතුළත් ජනාධිපති විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව ජනපතිට…

2025 වසරේ ජනවාරි මස 01 දා සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා ඉහළ නැංවීම සඳහා වූ නිර්දේශ ඇතුළත් ජනාධිපති විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව එම කමිටුවේ සභාපති උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු කමිටු සාමාජිකයින් විසින් අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දෙනු ලැබීය.ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය […]

Local News
September 03, 2024
213 views 0 secs 0

වහා ක්‍රියාත්මක වන පරිදි වගා ණය කපා හැරීමට පියවර…

ගොවීන් විසින් කෘෂිකාර්මික කටයුතු සඳහා ලබාගෙන ඇති සියලුම වගා ණය වහාම ක්‍රියාත්මක වන පරිදි කපා හැරීමට රජය තීරණය කර තිබේ. ගොවි සංගම් කිහිපයක් විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින්, ගොවී ජනතාවට මූල්‍ය සහන සහ සහයෝගය ලබා දීමේ අරමුණින් රජය මෙම තීරණය ගෙන ඇත

Local News
September 02, 2024
207 views 0 secs 0

හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුව රැස්වෙයි…

හෙට(03) සහ අනිද්දා(04) යන දෙදින තුළ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිලිබඳ කාරක සභාවේදී මෙය තීරණය කළ බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සඳහන් කර සිටි අතර හෙට දින උදෑසන කාලය වාචික පිළිතුරු අපේක්ෂාවෙන් කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇති බව වාර්තා වේ.

Local News
September 02, 2024
211 views 0 secs 0

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු වල වෙනසක් නැහැ…

ඉන්ධන මිල අඩු වුව ද බස් ගාස්තු සංශෝධනයක් සිදුනොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කර සිටියා. ගාස්තු සංශෝධනයක් සිදුකිරීමට ප්‍රමාණවත් ඉන්ධන මිල අඩුවීමක් සිදුව නොමැති බවයි එහි සභාපති ශෂී වෙල්ගම මහතා සඳහන් කර සිටියේ. පසුගිය 31 වනදා මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ලංකා සුදු ඩීසල් ලීටරයක මිල […]

Local News
September 02, 2024
304 views 5 secs 0

2024 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග කාලසටහන නිකුත් කෙරේ.

2024 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.එම කාලසටහනට අනුව සැප්තැම්බර් මස 15 වන ඉරිදා දින උදෑසන 9.30 සිට 10.45 දක්වා දෙවන ප්‍රශ්න පත්‍රය පැවැත්වේන අතර එදින උදෑසන 11.15 සිට දහවල් 12.15 දක්වා පළමු පත්‍රය පැවැත්වේ. එම විභාගය විභාග මධ්‍යස්ථාන 2,649 කදී පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ. අපේක්ෂකයින්ගේ පැමිණීමේ […]