Local News
September 24, 2024
188 views 0 secs 0

නව අගමැතිනිය ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි..

නව රජයේ අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය අද (24) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ. ඇය ශ්‍රී ලංකාවේ තුන්වැනි අගමැතිවරිය ලෙස ඉතිහාසගත විය. 2020 මහ මැතිවරණයෙන් අනතුරුව ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය ඔස්සේ පාර්ලිමේන්තුවට පත්වූ ඇය දේශපාලනයට පිවිසීමට පෙර නාවල විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ ඡ්‍යේෂ්ඨ කථිකාචාර්යවරියක් ලෙස සේවය කළාය. කොළඹ […]

Local News
September 23, 2024
196 views 0 secs 0

පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට ලක්ෂ්මන් නිපුණආරච්චි පත් කෙරේ…

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට තේරීපත්වීම හේතුවෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා පත්කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව 2020 මහ මැතිවරණයේ මනාප ලැයිස්තුව සැලකිල්ලට ගනිමින් මෙලෙස ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතාව පුරප්පාඩු වූ මන්ත්‍රීධුරය සඳහා පත්කර ඇත. 2020 මහ මැතිවරණයේ දී ජාතික ජනබලවේගය නියෝජනය […]

Local News
September 23, 2024
192 views 0 secs 0

අභිනව ජනපති මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දකී

අභිනව ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (23) පස්වරුවේ ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය. පළමුව මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපතිවරයා මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ බැහැ දැක සුව දුක් විමසා කෙටි පිළිසඳරක නිරත විය. මෙහිදී උන්වහන්සේ සෙත් පිරිත් […]

Local News
September 23, 2024
202 views 0 secs 0

අභිනව ජනපති දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගනී…

අභිනව ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (23) පස්වරුවේ ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය.දළදා මාළිගා පරිශ්‍රය වෙත පැමිණි අභිනව ජනාධිපතිවරයාව දළදා මාළිගාවේ දියවඩන නිළමේ නිලංග දෑල මහතා විසින් සාම්ප්‍රදායානුකූලව පිළිගනු ලැබීය. අනතුරුව දළදා සමිඳුන් අභියස ආගමික වතාවත්වල නිරත වූ ජනාධිපතිවරයා වෙත මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ආශිර්වාද පළ කළහ.ජනාධිපතිවරයා ඓතිහාසික […]

Local News
September 23, 2024
183 views 0 secs 0

ආරක්ෂක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එච්.එස්. සම්පත් තුයියකොන්ත මහතා පත් කෙරේ

ආරක්ෂක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ගුවන් හමුදාවේ විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල්එච්.එස්. සම්පත් තුයියකොන්ත මහතා පත් කර තිබේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 52 (I) අනු ව්‍යවස්ථාවේ බලය ප්‍රකාරව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත් කිරීම සිදු කර ඇත. චීන ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අධ්‍යයනය පිළිබඳ විද්‍යාපති උපාධිධාරීයෙකු වන තුයියකොන්ත මහතා කොතලාවල […]

Local News
September 23, 2024
191 views 0 secs 0

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ඩී.ඩබ්ලිව්. ආර්. බී. සෙනවිරත්න පත් කෙරේ

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 52 (1) වන අනු ව්‍යවස්ථාවේ බලය ප්‍රකාරව ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඩී.ඩබ්ලිව්. ආර්. බී. සෙනවිරත්න මහතා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කොට ඇත. රවී සෙනවිරත්න මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ මානව හිමිකම් පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධාරියෙකි. විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන ඒ මහතා විශේෂ කාර්ය බලකායේ ආරම්භක […]

Local News
September 23, 2024
182 views 0 secs 0

නව ජනපති ලේකම් පත් කෙරේ…

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පත්කර තිබේ. ශ්‍රි ලංකාවේ නව වැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව ජනාධිපතිවරයා එම පත් කිරීම කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියා.

Local News
September 23, 2024
181 views 0 secs 0

09 වන විධායක ජනාධිපතිවරයා දිවුරුම් දීමට සූදානම්….

අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ඉදිරියේ, 09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තව සුළු වේලාවකින් ධුරයේ දිවුරුම් දීමට නියමිතව තිබේ. ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අනුර දිවුරුම් දීමට නියමිත අතර, මේ වනවිට පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ, පක්ෂ කාර්යාලයෙන් අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පිටත්ව වූ බව වාර්තා වේ.

Local News
September 22, 2024
253 views 0 secs 0

මෙරට 9 වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක…

2024 ජනාධිපතිවරණයේ දිවයිනේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී ඇති අතර එහි ජයග්‍රහණය ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට හිමි ව තිබේ. එහි සමස්ත ප්‍රතිඵල මෙසේය. අනුර කුමාර දිසානායක 5,634,915සජිත් ප්‍රේමදාස 4,363,035රනිල් වික්‍රමසිංහ 2,299,767නාමල් රාජපක්ෂ 342,781 ඒ අනුව ,මෙරට 9 වන විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වී තිබෙන […]

Local News
September 22, 2024
170 views 0 secs 0

“ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”- ජනාධිපති රනිල් වික්‍රමසිංහ

පසුගිය 21 වනදා පැවති ජනාධිපතිවරණයේදී ජනතාව ලබාදුන් ජනවරම ප්‍රකාරව අභිනව ජනාධිපති අනුර දිසානයක මහතාට රට භාර දෙන්න බවත් තමන්ට සහය දුන් නොදුන් සියලුම දෙනාට ස්තූතිවන්ත වන බවත් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා තමන් මෙතෙක් ආරක්ෂිතව වැල් පාළමේ ගෙන ආ බවත් අභිනව ජනාධිපතිවරයා යටතේ එම දරුවා වඩා ආරක්ෂිතව […]