Local News
October 21, 2024
201 views 1 sec 0

උද්ධමනය ඍණ අගයකට….

ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට වාර්ෂික උද්ධමනය 2024 සැප්තැම්බර් මාසයේදී -0.2% දක්වා අඩු වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටි අතර අගෝස්තු මාසයේ දී එය සටහන් වූයේ 1.1%ක් ලෙසය. 2024 අගෝස්තු මාසයේ දී 2.3% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 සැප්තැම්බර් මාසයේ දී 0.5%ක් දක්වාද, 2024 […]

Local News
October 20, 2024
165 views 0 secs 0

මැතිවරණ පැමිණිලි 400 ඉක්මවයි…

ගතවූ දිනයේ පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව පැමිණිලි 58ක් මැතිවරණ කොමිෂන් සභාවට ලැබී ඇති අතර මේ දක්වා ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 401ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. එම සියලුම පැමිණිලි මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්වලට අදාළ ඒවා වන අතර ප්‍රචණ්ඩක්‍රියා සම්බන්ධ කිසිදු පැමිණිල්ලක් මෙතෙක් වාර්තා වී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ලැබී ඇති සමස්ථ […]

Local News
October 20, 2024
180 views 0 secs 0

“පිරිසිදු ශ්‍රී ලංකා” නව වැඩසටහන….

විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් යටතේ “පිරිසිදු ශ්‍රී ලංකා” නමින් නව වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි. ඉදිරි වසර කිහිපය තුළ ආසියාවේ පිරිසිදුම රට ශ්‍රී ලංකාව බවට පත් කිරීම එම වැඩසටහනේ අරමුණයි.

Local News
October 20, 2024
182 views 0 secs 0

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ පෞද්ගලික ලේකම්වරයෙකු මරුට

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ පෞද්ගලික ලේකම්වරයෙකු වෙඩි වැදීමෙන් මිය ගොස් තිබේ.කටුගස්තොට මහයියාව ප්‍රදේශයේ ලොහාන් රත්වත්තේ මහතාට අයත් කාර්යාලයක් ආසන්නයේ නිවසකදී ලේකම්වරයාට වෙඩි වැදී ඇති බවත්, සිද්ධියට යොදා ගත් ගිනි අවියේ හිමිකාරිත්වය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් පොලීසිය සඳහන් කර සිටියා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Local News
October 19, 2024
191 views 0 secs 0

ලෝක වෙළඳ පොළේ රන් මිල ඉහලට…

ලෝක වෙළඳපොලේ රත්‍රං මිල පසුගිය සතිය තුළ ඉහළ ගොස් තිබේ.ඒ අනුව අද(19) රන් අවුන්සයක මිල දැක්වුණේ අමෙරිකානු ඩොලර් 2721 යි සත 21 ක් ලෙසයි. පසුගිය සතියෙ රන් අවුන්සයක මිල සටහන් වූයේ අමෙරිකානු ඩොලර් 2665 යි සත 24 ක් ලෙසයි

Local News
October 09, 2024
209 views 0 secs 0

ජනපති ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවෙයි..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. රජයේ පුළුල් ආර්ථික සහ නියාමන ප්‍රතිසංස්කරණවලට අදාළව මෙම දෙපාර්තමේන්තු දෙක තුළ ආදායම් ඉපැයීම සහ මෙහෙයුම්වල කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා වූ උපායමාර්ගික සැලසුම් පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි. ආදායම් කළමනාකරණය […]

Local News
October 09, 2024
169 views 0 secs 0

දකුණු කොරියානු තානාපතිනිය ජනපති හමු වෙයි…

ශ්‍රී ලාංකිකයන් සඳහා වැඩි රැකියා අවස්ථා නිර්මාණය කිරීමට අවධානය ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපතිනි මියොන් ලී (Mඉයොන් ළී) මහත්මිය අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය. මෙහිදී තානාපතිනි මියොන් ලී මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් සුබපැතුම් පළ කරනු ලැබූ අතර දකුණු කොරියානු රජයේ සුබ පැතුම් […]

Local News
October 09, 2024
184 views 0 secs 0

ජනපතිට ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ සුබ පැතුම්…

ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති අති උතුම් බ්‍රයන් උඩෙයිග්වේ (ර්‍එව්. ඪ්‍ර.ඹ්‍රිඅන් Uඩඉග්වේ හිමිපාණන් අද (09) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය. අනුර කුමාර දිසානායක මහතා ශ්‍රි ලංකාවේ නව ජනාධිපති ධූරයට පත්වීම නිමිත්තෙන් සිය උණුසුම් සුබ පැතුම් පිළිගැන්වූ වතිකාන තානාපතිවරයා, කතෝලික සභාවේ ප්‍රධානී සහ ස්වෛරී වතිකාන රාජ්‍යයේ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ හෘදයාංගම සුබපැතුම් ද ජනාධිපතිවරයා […]

Local News
October 09, 2024
195 views 0 secs 0

ත්‍රීරොද රථ ගාස්තු පහලට…

ත්‍රිරෝද රථ සඳහා අය කරන ගාස්තුව අද (09) සිට රුපියල් 5කින් අඩු කිරීමට තීරණය කර ඇති බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ත්‍රිරෝද රථ කාර්යාංශයේ ප්‍රධානී ජීවින්ද කීර්තිරත්න මහතා ප්‍රකාශ කර සිටියා.. ඒ අනුව අද සිට පළමු කිලෝමීටරය රුපියල් 100ක් සහ දෙවෙනි කිලෝමීටරය රුපියල් 85 බවට පත්වන අතර බස්නාහිර පළාත තුළ එලෙස ගාස්තු නියාමනය […]