Local News
October 27, 2024
142 views 0 secs 0

උතුරු දුම්රිය හෙට සිට යලි ධාවනයට..

කොළඹ – කොටුවේ සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය හෙට (28) සිට ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියා. මහව සහ අනුරාධපුරය අතර දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු අවසන් වීමත් සමග උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු එලෙස ආරම්භ කිරීමට තීරණය කර ඇති අතර, උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කරන බැවින්, දුම්රිය හරස් මාර්ග භාවිතා කරන මහජනතාව […]

Local News
October 22, 2024
139 views 1 sec 0

චීන රජයෙන් ගංවතුර ආධාර…

පසුගියදා ඇතිවූ හදිසි ගංවතුර තත්ත්වයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා චීන රජයෙන් රුපියල් මිලියන 30ක (USඪ් 100,000) මුදලක් මෙරටට පරිත්‍යාග කර තිබේ. අද (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවූ ශ්‍රී ලංකාවේ චීන තානාපති Qඉ Zහෙන්හොන්ග් මහතා එම මුදල නිල වශයෙන් ජනාධිපතිවරයා වෙත භාරදී ඇත. විපතට පත් වූවන් වෙනුවෙන් හදිසි සහන සැලසීම […]

Local News
October 22, 2024
139 views 0 secs 0

බස් රථ දෙකක් එකිනෙකට ගැටේ….

අවිස්සාවේල්ල පොලිස් බල ප්‍රදේශයේ දෙව්රුම් පිටිය වංගුව අසල අද (22) දහවල් පෞද්ගලික මගී බස් දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 28 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කර තිබේ. තුවාලකරුවන් අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබෙන අතර ඉන් තිදෙනකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වෙයි. කොළඹ සිට ඇඹිලිපිටිය සූරියවැව දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයක් රත්නපුර සිට […]

Local News
October 22, 2024
137 views 0 secs 0

සහල් පාලන මිලෙහි වෙනසක් නැහැ – ජනපති

සහල් පාලන මිලෙහි කිසිදු වෙනසක් සිදුකිරීමට බලාපොරොත්තු නොවන බවත්, සංවිධිත කෘෂිකර්මාන්ත සැලැස්මක් ඇති කර ගොවි ජනතාවට වැඩි ප්‍රතිලාභ ලැබීමේ දිගුකාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ, සහල් ව්‍යාපාරිකයන් සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (22) පැවැති සාකච්ඡාවේදීය. වර්තමානයෙහි පවතින පාරිභෝගික […]

Local News
October 22, 2024
142 views 0 secs 0

රාත්‍රී කාලයේ දුම්රිය ගමන් සීමා කෙරේ..

වන අලි වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන ආශ්‍රිත ප්‍රදේශවල රාත්‍රී කාලයේ දුම්රිය ධාවනය සීමා කිරීමට තීරණය කර තිබේ.ඇත අතර ඉන්ධන ප්‍රවාහන දුම්රිය සඳහා පමණක් දැනට අදාළ කාලසටහන් සංශෝධනයට පියවර ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියා. ඒ අනුව, අලුයම 01 ත් 05 ත් අතර කාලයේ හඳුනාගෙන ඇති ස්ථාන හරහා දුම්රිය ධාවනය සීමා කෙරෙන අතර මඩකලපුව සහ […]

Local News
October 22, 2024
143 views 1 sec 0

ජාතික ගමනාගමන කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක් සහ අධ්‍යක්ෂ මණ්ඩලයක්….

ඊයේ (21) පැවැති අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය පරිදි ජාතික ගමනාගමන කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක් සහ අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කර තිබේ. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු වන ආචාර්ය බන්දුර දිලීප විතාරණ මහතා එහි සභාපතිවරයා ලෙස පත්කර ඇත. එම කොමිසමේ අනෙකුත් සමාජිකයින් වන්නේ, ඩබ්ලිව්. රවී ප්‍රසාද් ද මෙල් මහතා – ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යආචාර්ය නාමලි තරංගා සිරිසෝම […]

Local News
October 21, 2024
138 views 1 sec 0

උද්ධමනය ඍණ අගයකට….

ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට වාර්ෂික උද්ධමනය 2024 සැප්තැම්බර් මාසයේදී -0.2% දක්වා අඩු වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටි අතර අගෝස්තු මාසයේ දී එය සටහන් වූයේ 1.1%ක් ලෙසය. 2024 අගෝස්තු මාසයේ දී 2.3% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 සැප්තැම්බර් මාසයේ දී 0.5%ක් දක්වාද, 2024 […]

Local News
October 20, 2024
116 views 0 secs 0

මැතිවරණ පැමිණිලි 400 ඉක්මවයි…

ගතවූ දිනයේ පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව පැමිණිලි 58ක් මැතිවරණ කොමිෂන් සභාවට ලැබී ඇති අතර මේ දක්වා ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 401ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. එම සියලුම පැමිණිලි මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්වලට අදාළ ඒවා වන අතර ප්‍රචණ්ඩක්‍රියා සම්බන්ධ කිසිදු පැමිණිල්ලක් මෙතෙක් වාර්තා වී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ලැබී ඇති සමස්ථ […]

Local News
October 20, 2024
130 views 0 secs 0

“පිරිසිදු ශ්‍රී ලංකා” නව වැඩසටහන….

විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් යටතේ “පිරිසිදු ශ්‍රී ලංකා” නමින් නව වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි. ඉදිරි වසර කිහිපය තුළ ආසියාවේ පිරිසිදුම රට ශ්‍රී ලංකාව බවට පත් කිරීම එම වැඩසටහනේ අරමුණයි.

Local News
October 20, 2024
131 views 0 secs 0

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ පෞද්ගලික ලේකම්වරයෙකු මරුට

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ පෞද්ගලික ලේකම්වරයෙකු වෙඩි වැදීමෙන් මිය ගොස් තිබේ.කටුගස්තොට මහයියාව ප්‍රදේශයේ ලොහාන් රත්වත්තේ මහතාට අයත් කාර්යාලයක් ආසන්නයේ නිවසකදී ලේකම්වරයාට වෙඩි වැදී ඇති බවත්, සිද්ධියට යොදා ගත් ගිනි අවියේ හිමිකාරිත්වය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් පොලීසිය සඳහන් කර සිටියා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.