Local News
November 21, 2024
231 views 0 secs 0

10 වන පාර්ලිමේන්තුවෙ පළමු සැසිවාරය ඇරඹේ…

10 වන පාර්ලිමේන්තුවේ පළමු පාර්ලිමේන්තු සැසිවාරය අද (21) පෙරවරු 10ට ආරම්භ කරන ලදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් අශෝක රංවල මහතාගේ නම කථානායක ධූරයට යෝජනා කළ අතර, අමාත්‍ය විජිත හේරත් මහතා එය ස්ථීර කිරීමෙන් අනතුරුව ඒකමතික යෝජනා ස්ථීරත්වයෙන් අශෝක රංවල මහතා කථානායකවරයා ලෙස නම් කෙරුණි. කථානායකවරයා තෝරා පත් කරගැනීමෙන් අනතුරුව කථානායක නිල ප්‍රතිඥාව හෝ දිවුරුම […]

Local News
November 19, 2024
250 views 0 secs 0

නව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා..

නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණි. එහිදී නව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙලෙස පත් කරනු ලැබීය.

Local News
November 19, 2024
250 views 0 secs 0

අපොස උ පෙළ සම්බන්ධ සියලු උපකාරක පන්ති අද සිට තහනම්…

අද (19) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළව උපකාරක පංති පැවැත්වීම, සම්මන්ත්‍රණ, වැඩමුළු ආදිය පැවැත්වීම තහනම් බව නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කර සිටියා. මෙම කාලය තුළ උපකාරක පංති පැවැත්වීම, සම්මන්ත්‍රණ, වැඩමුළු ආදිය පැවැත්වීමට අමතරව විභාගය සදහා අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය […]

Local News
November 18, 2024
233 views 0 secs 0

ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ප්‍රකාශයට පත් කර අතිවිශේෂ ගැස්ට් නිවේදනයක්..

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් රවී කරුණානායකත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නාමල් රාජපක්ෂත්, ඉලංකෙයි තමිල් අරසු පක්ෂයෙන් පී.සත්තියලිංගම් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස ප්‍රකාශයට පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Local News
November 18, 2024
244 views 0 secs 0

අනුරාධපුර ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි..

නුවරවැව ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්අනුරාධපුරයේ ප්‍රදේශ කිහිපයකට හෙට (19) දිනයේදී පැය 08ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව සාලියපුර, රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලය, යාපනය හන්දිය, අනුරාධපුර 1 වන පියවර, මාතලේ හන්දිය, ගල්කුලම යන ප්‍රදේශ සඳහා හෙට පෙරවරු 09.30 සිට පස්වරු 05.30 දක්වා ජල සැපයුම අත්හිටුවීමට […]

Local News
November 18, 2024
267 views 11 secs 0

නව අමාත්‍ය මණ්ඩලය පත් කෙරේ…

ජාතික ජන බලවේග රජයේ නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (18) පෙරවරුවේ දිවුරුම් දුන්නේය. නව ඇමති මණ්ඩලය විසි එකකට සීමා වන අතර ආරක්ෂක , මුදල් සැලසුම් සහ ආර්ථික සංවර්ධන, ඩිජිටල් ආර්ථික යන අමාත්‍යාංශ ජනාධිපතිවරයා යටතට පත් කර ඇත. නව රජයේ අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය දිවුරුම් දුන් […]

Local News
November 18, 2024
244 views 0 secs 0

ශිෂ්‍යත්ව ප්‍රථිඵල නිකුත් කිරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්…

පසුගියදා අවසන් වූ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. මෙම නියෝගය නිකුත් කෙරුණේ ශිෂ්‍යත්ව විභාගය පැවති ආකාරය අභියෝගයට ලක් කරමින් ඊට සහභාගී වූ සිසුන් සහ ඔවුන්ගේ දෙමව්පියන් පිරිසක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුවයි. ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන […]

Local News
November 17, 2024
230 views 0 secs 0

කැබිනට් මණ්ඩල දිවුරුම් දීම හෙට…

නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම්දීම හෙට (18) දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ පෙ.ව 10ට ජනාධොපති ලේකම් කාර්යාලයේදි සිදු කිරීමට නියමිතව තිබෙනවා.

Local News
November 17, 2024
254 views 0 secs 0

මෙවර පාර්ලිමේන්තුවේ දෘශ්‍යාබාධිත ප්‍රජාව නියෝජනයට ඉඩක්….

ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට තේරීපත් වන මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුව නිකුත් කර තිබේ. ඒ අතර දෘශ්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් ජාතික ජන බලවේගයෙන් සුගත් වසන්ත ද සිල්වාට මන්ත්‍රී අසුනක් ලබා දී තිබේ. ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ මෙය ප්‍රථම වතාවට සිදු කරුණැක් ලෙස එය ඉතිහාසයට එක් වන්නකි. ජාතික ජන බලවේගයේ හා සර්වජන බලය පක්ෂයේ ජාතික ලැයිස්තුව පහතින්.

Local News, Politics
November 17, 2024
322 views 0 secs 0

ITAK ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය වෛද්‍ය පී සත්‍යලිංගම්ට…

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පක්ෂ මහලේකම් වෛද්‍ය පී සත්‍යලිංගම් මහතා පත්කර ඇති බව ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් මහතා ප්‍රකාශ කර සිටියා.