Local News
January 21, 2025
222 views 0 secs 0

නැවත දැනුම්දෙන තුරු වසා දැමූ 18 වංගුව…

කහටගොල්ල ප්‍රදේශයෙන් මතුවූ අවදානමක් හේතුවෙන්18 වංගුව මාර්ගය නැවත දැනුම්දෙන තුරු රාත්‍රී කාලයේදී පමණක් වසා දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව, ගල් පෙරලීමේ අවදානම හේතුවෙන් නැවත දැනුම්දෙන තුරු සෑම දිනකම පස්වරු 6:00 සිට පෙරවරු 6:00 දක්වා එම මාර්ග කොටස වසා තැබෙනු ඇති බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා ප්‍රකාශ කර සිටියා. මේ වනවිට හුන්නස්ගිරිය කහටගොල්ල […]

Local News
January 21, 2025
255 views 0 secs 0

රාජ්‍ය සේවයේ ඉහල තනතුරු 3ට කැබිනට් අනුමැතිය හිමි වෙයි..

රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු 3ක් සඳහා නව පත්කිරීම් සිදුකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැති හිමිව තිබේ. ඒ අනුව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික මේජර් ජෙනරාල් කේ.එච්.පී පාලිත ප්‍රනාන්දු මහතා පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති අතර මෙම පත්කිරීම වසරක කාලයක් සඳහා වලංගු වනු ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය […]

Local News
January 14, 2025
232 views 0 secs 0

කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්..

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ මුහුද රළු වීම සම්බන්ධව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. අද (14) උදෑසන 6:00ට නිකුත්කරන ලද එම නිවේදනය හෙට (15) උදෑසන 6:00 දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටි අතර එම නිවේදනයෙන් කොළඹ සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා සැලකිලිමත්වන ලෙසට […]

Local News
January 14, 2025
229 views 0 secs 0

තෛපොංගල් උත්සවය අදයි….

ලොව පුරා වෙසෙන හින්දු බැතිමතුන්ගේ ප්‍රධානතම ආගමික උත්සවයක් වන තෛපොංගල් උත්සවය අදට (14) යෙදී තිබේ. හින්දු බැතිමතුන් මහත් හරසරින් සමරන මෙම උත්සවය, සශ්‍රීකත්වය ළඟාකරදීම වෙනුවෙන් හිරු දෙවිදුන්ට කෘතවේදීත්වය දැක්වීම විශේෂත්වයක් ගනී. හිරු දෙවියන්ට තම පළමු අස්වැන්න පූජා කිරීම මෙහිදී සිදුවන අතර කෘෂිකර්මාන්තයට දායකත්වය ලබාදෙන සතුන්ට ගෞරව කිරීම ද තෛපොංගල් උත්සවයේ දී සිදුකෙරේ. කිරි උතුරවා යාමට […]

Local News
January 08, 2025
246 views 0 secs 0

සමාජ මාධ්‍ය තුලින් එන ව්‍යාජ කෙටි පණිවිඩවලට පුද්ගලික තොරතුරු ලබා දෙන්න එපා – TRC

සමාජ මාධ්‍ය ජාලා හරහා නිකුත් වන ව්‍යාජ කෙටි පණිවුඩ වෙත සිය පුද්ගලියක තොරතුරු ලබා දීමෙන් වළකින ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ප්‍රකාශ කර සිටියා. ජනාධිපතිවරයා විසින් දිළිදු පවුල් සඳහා රුපියල් 50,000ක ආධාර මුදලක් ලබා දෙන බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ කෙටි පණිවුඩ නිකුත් කිරීමක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබෙමින් පවතින බව එම කොමිෂන් සභාව […]

Local News
January 07, 2025
228 views 0 secs 0

HMPV ගැන අනවශ්‍ය බියක් ඇති කරගන්න එපා – ජූඩ් ජයමහ

චීනයේ මේ දිනවල ව්‍යාප්ත වෙමින් පවතින එච්.එම්.පී.වී වෛරසය මෙරට තුළ ද ඇතැම් අවස්ථාවල හදුනාගත් වෛරස් රෝගී තත්ත්වයක් බවත්, එම වෛරසය සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවත්, වෛරස් රෝග විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පෙන්වා දී සිටියා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛරස් රෝග විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා, සාමාන්‍යයෙන් කැස්ස, හෙම්බිරිස්සාව, මද උණ […]

Local News
January 07, 2025
250 views 0 secs 0

මුදල් කාරක සභාවට නව සාමාජිකයින් පත් කෙරේ…

මුදල් කාරක සභාවට නව සාමාජිකයින් පත් කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චතුරංග අබේසිංහ, ෂානක්කියන් රාසමාණික්කම්, ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, අර්කම් ඊල්ලෙයාස් යන මහත්වරුන් ඒ සදහා පත් කිරීමට පියවර ගෙන තිබේ. අද (07) ආරම්භ වුණු නව වසරේ පළමු පාර්ලිමේන්තු සැසිවාරයේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ආරම්භ වුණු අතර එහිදි කථානායකවරයා විසින් මෙම පත් කිරීම් පිළිබඳ නිවේදනය සිදුකරනු […]

Local News
January 07, 2025
233 views 0 secs 0

ජනපතිගේ චීන සංචාරය එළඹෙන 14 වනදින..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ චීන නිල සංචාරය එළඹෙන 14 වනදා සිට 17 වනදා දක්වා සිදු කිරීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කර සිටියා. ඒ අද (07) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව එක්වෙමිනි. චීන සංචාරය සඳහා අමාත්‍යවරුන් වන බිමල් රත්නායක සහ විජිත හේරත් යන මහත්වරුන් ද එක්වීමට නියමිත බවද අමාත්‍ය […]

Local News
January 07, 2025
248 views 4 secs 0

ජනවාරි සහ පෙබරවාරි වල විශේෂ දුම්රිය ධාවනයට පියවර..

මෙම වසරේ (2025) ජනවාරි සහ පෙබරවාරි මාස සඳහා කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ද කොළඹ කොටුව සිට කන්කසන්තුරේ දක්වාද විශේෂ දුම්රිය ධාවනය කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ. ඒ තෛපොංගල් උත්සවය, නිදහස් උත්සවය සමඟ එන සතිඅන්ත නිවාඩු වෙනුවෙනි. විශේෂ දුම්රිය ධාවනය වන ආකාරය පහතින්. 1) විශේෂ දුම්රිය අංක 01 – කොළඹ කොටුව සිට […]

Local News
January 06, 2025
230 views 0 secs 0

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට උප්පැන්න, විවාහා හා මරණ සහතික ලබා ගැනීමට ඩිජිටල් පහසුකම් සැලසේ..

විදේශගත ශ්‍රී ලාංකිකයින්ට ඒ ඒ රටවල තානාපති කාර්යාල හරහා ප්‍රමාදයකින් තොරව උප්පැන්න සහතික, විවාහ සහතික හා මරණ සහතික කඩිනමින් ලබා ගැනීමට හැකි වන පරිදි ඩිජිටල් පහසුකම් අද (06) ආරම්භ විය. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඩිජිටල්කරණ වැඩටසටහන යටතේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියක් අනුවය. ඒ අනුව තානාපති කාර්යාල 07ක් වෙනුවෙන් මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක වනු ඇති […]