Local News
January 06, 2025
188 views 0 secs 0

සුවසැරිය පදනමට නව පත්වීම්.

1990 සුවසැරිය පදනමට නව සභාපතිවරයෙක් සහ කළමනාකරණ මණ්ඩල සාමාජිකයෝ පත් කෙරෙතිජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 1990 සුවසැරිය පදනමට නව සභාපතිවරයෙක් සහ කළමනාකරණ මණ්ඩල සාමාජිකයෝ පත් කරනු ලැබ ඇත. මීට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අද (06) ජනාධිපති කාර්යාලයේදී පිරිනැමීය. ඒ අනුව, 1990 සුවසැරිය පදනමේ නව සභාපතිවරයා ලෙස ඒ.එම්.එන්. රත්නායක […]

Local News
January 06, 2025
228 views 3 secs 0

රාජ්‍ය භාෂා කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක් සහ සාමාජිකයන් පත් කෙරේ…

රාජ්‍ය භාෂා කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක් සහ සාමාජිකයෝ පත් කෙරේජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස නිමල් ආර්. රණවක මහතා පත් කරනු ලැබ ඇත. රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයින් ලෙස මහාචාර්ය ආර්. එම්. ඩ්බ්ලිව්. රාජපක්ෂ , මහාචාර්ය ජෝසප් යෝගරාජා (Stanislaus Joseph Yogarajah) යන මහත්වරු සහ ලරීනා අබ්දුල් හක් […]

Local News
January 06, 2025
182 views 0 secs 0

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අවහිරතාවයක්..

ඊයේ (5) රාත්‍රීයේ දකුණු කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රියක් පිළිපැනීම හේතුවෙන් මේ වන විට මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. මෙසේ පිළිපැන ඇත්තේ ඊයේ රාත්‍රීයේ මරදාන සිට දකුණු කළුතර දක්වා පැමිණ ඉන් අනතුරුව දුම්රිය අංගනය වෙත ගමන් කළ දුම්රියක්. එම දුම්රිය ඊයේ රාත්‍රියේ පීලි පැනීමෙන් අනතුරුව මුහුදුබඩ දුම්රිය මාර්ගයේ එක් දුම්රිය මන්තීරුවක් […]

Local News
January 06, 2025
179 views 0 secs 0

රාජ්‍ය විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් හා අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්…

රාජ්‍ය විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් හා අග්‍රාමාත්‍යවරිය අතර හමුවක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදී පැවති අතර එහිදී විශ්වවිද්‍යාලවල පවතින පරිපාලනමය ගැටලු, අධ්‍යයන සහ අනධ්‍යන කාර්ය මණ්ඩලවල පවතින පුරප්පාඩු, සිසුන්ගේ නේවාසික ගැටලු, ශිෂ්‍යාධාර ගෙවීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම ආදී විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් පවතින බොහෝ කරුණු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරියගේ අවධානය යොමු විය. මෙම හමුවට අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, අධ්‍යාපන උසස් අධ්‍යාපන […]

Local News
January 06, 2025
194 views 0 secs 0

ගමනා ගමන කොමිසමෙන් මගී අයිතිවාසිකම් ලැයිස්තුවක්…

බස් රථවල ගමන් ගන්නා මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මගී අයිතිවාසිකම් ලැයිස්තුවක් පිළියෙල කිරීමට කටයුතු ආරම්භ කර ඇති බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව ප්‍රකාශ කර සිටියා. ඒ අනූව බස් රථ සඳහා ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විසින් ලබාදෙන ධාවන බලපත්‍ර වල අඩංගු කොන්දේසි මෙන්ම පළාත් සභා වලින් බස් රථ ධාවන බලපත්‍ර නිකුත් කිරීමේ දී අඩංගු කොන්දේසි […]

Local News
January 05, 2025
181 views 1 sec 0

කාලගුණ වාර්තාව..

සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් කළුතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද […]

Local News
January 04, 2025
198 views 1 sec 0

ලිට්‍රො සමාගම ජනතාවට සහන සලසයි..

ජනවාරි මාසයේදී ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල වැඩි නොකිරීමට තීරණය කළ බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම දැනුම් දී සිටියා. ඒපාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණිනි. මේ අනුව 2025 ජනවාරි මාසයට අදාළව දැනට පවතින මිල ගණන් වලංගු වන අතර කොළඹ දිස්ත්‍රික්කයට අදාල ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල පහතින් දැක්වේ. 12.5Kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,690ක් ද 5Kg ගෑස් සිලින්ඩරයක […]

Local News
December 02, 2024
218 views 0 secs 0

WhatsApp හැක් කිරිම සම්බන්ධ පැමිණිලි ඉහලට…

WhatsApp හැකර්වරුන්ගේ ග්‍රහණයට ලක්වීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි ඉහළ යමින් තිබෙන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. පසුගිය සති කිහිපය තුළ එවැනි ආකාරයේ පැමිණීලි 74ක් පමණ ලැබී ඇති බවයි එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චාරුක දමුණුපොල මහතා පවසා සිටියේ.

Local News
December 02, 2024
199 views 0 secs 0

ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහලට…

ඩෙංගු අවදානම් ප්‍රදේශ 20 ක් මේ වනවිට හඳුනා ගෙන ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. අයහපත් කාලගුණය පහව යාමත් සමග ඩෙංගු රෝගීන් වැඩිපුර වාර්තාවීමේ අවදානමක් පවතින අතර නොවැම්බර් මාසය තුළදී පමණක් ඩෙංගු රෝගීන් 3,178 ක් වාර්තාවී ඇති බව එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ළහිරු කොඩිතුවක්කු මහතා ප්‍රකාශ කර සිටියා.

Local News
December 02, 2024
189 views 0 secs 0

කාළගුණ වාර්තාව….

අද (02) දිනට අදලව නිකුත් කරන ලද කාළගුණ වාර්තාවට අනුව උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවේ. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. උතුරු, උතුරුමැද, වයඹ, බස්නාහිර, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තද සුළං ඇතිවිය හැකි බවයි […]