Local News
September 20, 2024
190 views 2 secs 0

සියලුදෙනාගේ සහාය ඇතිව රට ගොඩනඟන ආර්ථික සැලසුම් ක්‍රියාවට නංවනවා – ජනපති

පුද්ගලික බැදුම්කර හිමියන් සමඟ වූ සාකච්ඡා ද අවසන් කරමින් රට බංකොලොත්භාවයෙන් නිදහස් කර ගැනීමට අදාළ සියලු සාකච්ඡා මේ වන විට සාර්ථකව අවසන් කර තිබෙන බවත්, රට බංකොලොත්භාවයෙන් නිදහස් බවට වන නිල පිළිගැනීම නුදුරේදීම හිමිවීමත් සමඟ රට ඉදිරියට ගෙන යාමේ වේගවත් සැලැස්ම ක්‍රියාවට නංවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ […]

Local News
September 13, 2024
171 views 5 secs 0

ටයිම්ස් උසස් අධ්‍යාපන පාසල ජනපති අතින් විවෘත කෙරේ

තරුණ තරුණියන්ට ගෝලීය ප්‍රමිතීන්ට අනුකූල උසස් අධ්‍යාපන අවස්ථා මෙරටදීම ලබා ගැනීමට අවස්ථාව සලසමින් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නව අධ්‍යාපන ආයතන රැසක් ඉදිරියේ දී රට තුළ ස්ථාපිත කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ “Times School of Higher Education” උසස් අධ්‍යාපන පාසල සමාරම්භය වෙනුවෙන් කොළඹ ගාලු මුවදොර හෝටලයේදී ඊයේ (12) […]

Local News
September 10, 2024
179 views 0 secs 0

මහපොළ හා ශිෂ්‍යාධාර ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය..

2015 වර්ෂයේ සිට මේ දක්වා වැඩි නොකළ විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලබාදෙන මහපොළ හා ශිෂ්‍යාධාර වාරික මුදල් සංශෝධනය කිරීමේ අවශ්‍යතාව අධ්‍යාපන අමාත්‍යතුමා සහ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යතුමා, ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවක් මඟින් අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු කර තිබුණි. එම යෝජනාව සැලකිල්ලට ගෙන, මහපොළ ශිෂ්‍යත්ව වාරිකය රුපියල් 7,500 දක්වාත්, ශිෂ්‍යාධාර වාරිකය රුපියල් 6,500 දක්වාත් 2025 […]

Local News
September 10, 2024
195 views 0 secs 0

රාජ්‍ය අංශයේ වැටුප් සම්බන්ධ තීරණය සැලසුම් කල පරිදි ක්‍රියාත්මකයි – ජනාධිපති මාධ්‍ය ඒකකය

2025 වසරේදී ක්‍රියාත්මක කිරීමට නියමිත රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය මෙතෙක් ලැබී නොමැති බවට පළ වන වාර්තා අසත්‍ය වන අතර, ඊට අවශ්‍ය අනුමැතිය මේ වනවිටත් ලැබී ඇති බැවින් සැලසුම් කළ පරිදි රාජ්‍ය අංශයේ වැටුප් වැඩි කිරීම සිදු කෙරෙන බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටියා.

Local News
September 10, 2024
191 views 0 secs 0

වහා ක්‍රියාත්මක වන පරිදි අමාත්‍යවරුන් කිහිප දෙනෙක් ධූරයෙන් ඉවතට…

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ගීතා කුමාරසිංහ, ශෂීන්ද්‍ර රාජපක්ෂ, අමිත් තේනුක විදානගමගේ, ප්‍රසන්න රණවීර සහ ඩී. වී. චානක යන රාජ්‍ය අමාත්‍යවරුන් එම ධූරවලින් ඉවත් කර තිබේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47(3) (අ) ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම ඉවත් කිරීම සිදු කර ඇත.

Local News
September 06, 2024
187 views 0 secs 0

මැතිවරණ කොමිසමට තවත් පැමිණිලි…

ජනාධිපතිවරණයට අදාළව තවත් පැමිණිලි 132ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි. වාර්තා වී ඇති පැමිණිලි අතුරින් පැමිණිලි 131ක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් බවයි එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී සිටියේ. වෙනත් පැමිණිලි එකක් ද ඊයේ දිනයේ දී වාර්තා වී ඇති බවත් එහි සඳහන් ව තිබේ. මේ අනුව ජුලි මස 31 වැනිදා සිට ඊයේ […]

Local News
September 05, 2024
184 views 0 secs 0

රාජ්‍ය අමාත්‍යවරු සිව්දෙනෙකු සිය ධූර වලින් ඉවතට…

රාජ්‍ය අමාත්‍යවරු සිව්දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ධුර වලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ. මෙලෙස සිය ධූර වලින් ඉවත් කරනු ලැබ ඇත්තේ, ප්‍රේමලාල් ජයසේකර (වරාය සහ ගුවන් සේවා), ඉන්දික අනුරුද්ධ (විදුලි බල හා බලශක්ති), මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා (කෘෂිකර්ම) සහ සිරිපාල ගම්ලත් (මහාමාර්ග) යන රාජ්‍ය අමාත්‍යවරුන් වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47(3)(අ) ව්‍යවස්ථාව මඟින් ජනාධිපතිවරයාට […]

Local News
September 05, 2024
190 views 0 secs 0

මගේ සහය කාටත් නැහැ – චන්ද්‍රිකා බණ්ඩාරනායක

මෙවර ජනාධිපතිවරණයේ දි තම සහය කිසිදු අපේක්ෂකයෙකුට ලබා නොදෙන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය. ඉදිරියේ දී හෝ එසේ කිරීමට බලාපොරොත්තුවක් නොමැති බවත්, විවිධ අපේක්ෂකයින්ට සහාය පළකරන බවට ඇතැම් මාධ්‍ය විසින් සඳහන් කරන වාර්තා අසත්‍ය බවත් නිවේදනයක් නිකුත් කරමින් ඇය පෙන්වා දුන්නාය.

Local News
September 05, 2024
192 views 0 secs 0

පොදුජන එක්සත් නිදහස් පෙරමුණ ඇරඹේ….

අද (05) පොදුජන එක්සත් නිදහස් පෙරමුණ නමින් නව දේශපාලන සන්ධානයක් ආරම්භ කෙරිණි. ස්වාධීන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම සන්ධානය ආරම්ඹ්හ කරන ලදී. එහි සභාපතීත්වය අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා විසින් දරනු ලබන අතර ලේකම්වරයා වශයෙන් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කටයුතු කරනු ලැබේ. බත්තරමුල්ලේ පැවති […]

Local News
September 04, 2024
181 views 0 secs 0

ලාෆ්ස් ගෑස් මිලෙහි වෙනසක් නැහැ – ලාෆ්ස් ගෑස් සමාගම

මෙම මාසය තුල ලාෆ්ස් ගෑස් මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවන බව ලාෆ්ස් ගෑස් සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා ප්‍රකාශ කර සිටියා. මේ වනවිට එම සමාගම කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,680කට අලෙවි කරනු ලබන අතර කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,477 වේ.