Local News
September 10, 2024
141 views 0 secs 0

වහා ක්‍රියාත්මක වන පරිදි අමාත්‍යවරුන් කිහිප දෙනෙක් ධූරයෙන් ඉවතට…

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ගීතා කුමාරසිංහ, ශෂීන්ද්‍ර රාජපක්ෂ, අමිත් තේනුක විදානගමගේ, ප්‍රසන්න රණවීර සහ ඩී. වී. චානක යන රාජ්‍ය අමාත්‍යවරුන් එම ධූරවලින් ඉවත් කර තිබේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47(3) (අ) ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම ඉවත් කිරීම සිදු කර ඇත.

Local News
September 06, 2024
142 views 0 secs 0

මැතිවරණ කොමිසමට තවත් පැමිණිලි…

ජනාධිපතිවරණයට අදාළව තවත් පැමිණිලි 132ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි. වාර්තා වී ඇති පැමිණිලි අතුරින් පැමිණිලි 131ක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් බවයි එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී සිටියේ. වෙනත් පැමිණිලි එකක් ද ඊයේ දිනයේ දී වාර්තා වී ඇති බවත් එහි සඳහන් ව තිබේ. මේ අනුව ජුලි මස 31 වැනිදා සිට ඊයේ […]

Local News
September 05, 2024
138 views 0 secs 0

රාජ්‍ය අමාත්‍යවරු සිව්දෙනෙකු සිය ධූර වලින් ඉවතට…

රාජ්‍ය අමාත්‍යවරු සිව්දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ධුර වලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ. මෙලෙස සිය ධූර වලින් ඉවත් කරනු ලැබ ඇත්තේ, ප්‍රේමලාල් ජයසේකර (වරාය සහ ගුවන් සේවා), ඉන්දික අනුරුද්ධ (විදුලි බල හා බලශක්ති), මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා (කෘෂිකර්ම) සහ සිරිපාල ගම්ලත් (මහාමාර්ග) යන රාජ්‍ය අමාත්‍යවරුන් වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47(3)(අ) ව්‍යවස්ථාව මඟින් ජනාධිපතිවරයාට […]

Local News
September 05, 2024
133 views 0 secs 0

මගේ සහය කාටත් නැහැ – චන්ද්‍රිකා බණ්ඩාරනායක

මෙවර ජනාධිපතිවරණයේ දි තම සහය කිසිදු අපේක්ෂකයෙකුට ලබා නොදෙන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය. ඉදිරියේ දී හෝ එසේ කිරීමට බලාපොරොත්තුවක් නොමැති බවත්, විවිධ අපේක්ෂකයින්ට සහාය පළකරන බවට ඇතැම් මාධ්‍ය විසින් සඳහන් කරන වාර්තා අසත්‍ය බවත් නිවේදනයක් නිකුත් කරමින් ඇය පෙන්වා දුන්නාය.

Local News
September 05, 2024
144 views 0 secs 0

පොදුජන එක්සත් නිදහස් පෙරමුණ ඇරඹේ….

අද (05) පොදුජන එක්සත් නිදහස් පෙරමුණ නමින් නව දේශපාලන සන්ධානයක් ආරම්භ කෙරිණි. ස්වාධීන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම සන්ධානය ආරම්ඹ්හ කරන ලදී. එහි සභාපතීත්වය අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා විසින් දරනු ලබන අතර ලේකම්වරයා වශයෙන් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කටයුතු කරනු ලැබේ. බත්තරමුල්ලේ පැවති […]

Local News
September 04, 2024
136 views 0 secs 0

ලාෆ්ස් ගෑස් මිලෙහි වෙනසක් නැහැ – ලාෆ්ස් ගෑස් සමාගම

මෙම මාසය තුල ලාෆ්ස් ගෑස් මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවන බව ලාෆ්ස් ගෑස් සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා ප්‍රකාශ කර සිටියා. මේ වනවිට එම සමාගම කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,680කට අලෙවි කරනු ලබන අතර කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,477 වේ.

Local News
September 04, 2024
131 views 0 secs 0

ඇරුන්දික ප්‍රනාන්දු ස්වාධීන වෙයි…

තමන් පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස ක්‍රියා කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා අද(04) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ප්‍රකාශ කර සිටියා.

Local News
September 04, 2024
140 views 0 secs 0

විශ්වවිද්‍යාල කඩයිම් ලකුණු නිකුත් කිරීම ඉදිරි දෙසතිය ඇතුළත….

පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලවලට තෝරා ගැනීමේ කඩයිම් ලකුණු ඉදිරි දෙසතිය ඇතුළත නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ප්‍රකාශ කර සිටියා.මේ වනවිට එම අදියරේ කටයුතු බොහෝ දුරට අවසන් වී ඇති බව එහි උපසභාපති මහාචාර්ය චන්දන උඩවත්ත මහතා සඳහන් කර සිටියා. මෙවර විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමට අපේක්ෂිත සිසුන් සංඛ්‍යාව 45000කට අධිකයි.

Local News
September 03, 2024
142 views 5 secs 0

අපොස උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වේ..

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2023 (2024) නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (03) නිකුත් කර තිබේ. එම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස විභාග අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් ලබාගත හැකිය. ක්ෂණික දුරකථන අංක 1911 හෝ 0112 784 208 – 0112 784 537 – 0112 785 […]

Local News
September 03, 2024
134 views 0 secs 0

කරුණාරත්න පරණවිතාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙයි…

අද (03) කරුණාරත්න පරණවිතාන මහතා 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කළ බව පසුගිය අගෝස්තු 21 වනදා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර ධූරයෙන් ඉවත් වීමත් සමඟ ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් පත්විය 2020 අගෝස්තු මාසයේ පැවති […]