Yearly Archives: 2025
දැනට චිකුන්ගුන්යා වසංගත රෝගය පැතිරීමේ අවදානම ප්‍රදේශ කිහිපයක පවතින බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල, ගොතටුව සහ බත්තරමුල්ල යන ප්‍රදේශවලට හා ගම්පහ දිස්ත්‍රික්කයේ ජනාකීර්ණ ප්‍රදේශවලට මෙම රෝගය ව්‍යාප්ත වී ඇති බව වසංගත රෝග විශේෂඥ වෛද්‍ය චින්තන පෙරේරා මහතා පවසයි. මෙම රෝගය 2006, 2007 සහ 2008 වසරවල දීද සැලකිය යුතු ලෙස […]
ජපානයේ ටෝකියෝ නුවර පිහිටි ඉදිකිරීම් ස්ථානයක දරුණු පිපිරීමක් සිදුවීමෙන් පුද්ගලයින් දසදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම අනතුර සිදුවී ඇත්තේ ගෑස් නලයක් පුපුරා යාම හේතුවෙන් බවද වාර්තා වන අතර, පිපිරීමෙන් පසුව ආරක්ෂක හා බේරාගැනීමේ කණ්ඩායම් වහාම ක්‍රියාත්මක වී තිබේ. කෙසේවෙතත් තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතළ නොවන බවද විදෙස් මාධ්‍ය තවදුරටත් පවසයි.
ගොකරැල්ල පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකුගේ රාජකාරි තාවකාලිකව නවතා දැමූ බව පොලීසිය දැනුම් දෙයි. පසුගිය 24 වනදා සිදු වූ බහින්බස්වීමක් අතරතුර, එම සැරයන්වරයා පොදුජනයකුට පහරදීමක් සිදු කළේය. එම පහරදීම වාර්තා වන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල පුළුල්ව සංසරණය වෙමින් පවතින අතර, සමාජයේ විශාල අවධානයට ලක්වී ඇත. සිද්ධියට හේතු වී ඇත්තේ, ගොකරැල්ල පොලිස් වසමේ […]
ප්‍රවීණ රංගන ශිල්පිනී මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා මහත්මියගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයට අනුව, මේ වනවිට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ තැන්පත් කර ඇති මියගිය ශරීරය හෙට (26) පෙරවරු 8.00ට කොළඹ 07 නිදහස් චතුරස්‍රයට රැගෙන යනු ලබන අතර, පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා මහජන ගෞරවයට නිරූපණය කිරීමට කටයුතු […]
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නවතම දත්ත අනුව ඉන්දියාව ජපානය පසුකරමින් ලොව සිව්වැනි විශාලතම ආර්ථිකය ලෙස තම පිහිටුම තහවුරු කර තිබේ. මෙම වාර්තාවල සඳහන් වන්නේ ඉන්දීය ආර්ථිකය මේ වන විට අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 4ක් වටින බවයි. එමෙන්ම ඉදිරි දෙවසරක කාලය තුළ ලොව වේගවත්ම සංවර්ධනය විය හැකි ආර්ථිකය ලෙස ඉන්දියාව පත්වනු ඇති බව IMF ආචාර්යයින් පවසති. වඩාත් දීර්ඝ […]
දිවයිනේ බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම කඳුකරයට අයත් කිහිපයක් වන දිස්ත්‍රික්ක කිහිපයක වැසි තත්ත්වයේ ඉහළ යාමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ, ඉදිරි පැය කිහිපය තුළ බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලට අමතරව නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලද වාරින් වාරෙන් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. මෙවැනි […]
හෙළ සිනමාවේ රැජින, ලාංකේය සිනමාවේ ලලනා පෞරුෂය, ආචාර්ය මාලනී ෆොන්සේකා මහත්මිය අද (24) අලුයම අභාවප්‍රාප්ත වී ඇත. කලක් රෝගාතුරව සිටි ඇය කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතයෙන් සමුගත්තේ වයස අවුරුදු 78ක් වියද්දීය. කලාත්මක සිනමාවේ මෙන්ම වාණිජ සිනමාවේද අමතක නොවන මුද්‍රාවක් තබා දැමූ ඇය, හෙළ සිනමාවේ ජීවමාන නිධානයක් ලෙස සැලකුණි. වේදිකාව, පුංචි තිරය සහ රිදී […]
පැරකුම්පුර සහ අඹේවෙල දුම්රිය ස්ථාන අතර දුම්රියයක් පීලි පැනීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා ඇතිව ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි. මෙලෙස පීලි පැනීමට ලක්ව ඇත්තේ පෙරවරු 9.45ට කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වූ අංක 1007 සීඝ්‍රගාමී දුම්රියයි. ඒ හේතුවෙන් මෙම දුම්රිය ස්ථානයන් පසු කිරීමට නියමිත අනෙකුත් දුම්රියන් ප්‍රමාදයන් සහිතව ධාවනය විය හැකි […]
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වසර ගණනාවක් අනියම් පදනමක් මත සේවය කළ විදුලි වැට ආරක්ෂණ බහුකාර්ය නිලධාරීන් සියල්ල ස්ථිර කිරීමට රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය හිමිව ඇති බව පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා පවසයි. ඒ අනුව නිලධාරීන් 4,530 දෙනෙකුට ස්ථිර පත්වීම් ලබාදීමට කටයුතු කරන බවත්, මේ හරහා විදුලි වැට නඩත්තු කිරීමේ ක්‍රියාවලිය වඩා විධිමත් කර හැකි වන බවත් […]
අධිවේගී මාර්ගවල බැංකු කාඩ්පත් මගින් ගෙවීම් කිරීම සඳහා පහසුකම් අද (21) සිට ලබා දී ඇති බව වරාය, ගුවන්සේවා, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය සඳහන් කරයි. එමඟින් දක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ–කටුනායක අධිවේගී මාර්ගය, සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල සහ මීරිගම අතර කොටසේදී කාඩ්පත් භාවිතයෙන් ගෙවීම් කළ හැකිය. මෙම පහසුකම අන්තර් හුවමාරු 35ක් සහ පිටවීම් ද්වාර 119ක් වෙත […]
