මහජන දේපල කොල්ල කන හෝ පුද්ගල හානි සිදුකරන සියලු තැනැත්තන්ට වෙඩි තැබීම සඳහා ත්‍රිවිධ හමුදාවට නියෝග කර ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසනවා.
නවම් මාවතේදී විරෝධතාකරුවන් පිරිසකගේ පහර දීමකින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තේන්නකෝන් තුවාල ලබා ඇති බව පොලීස් ආරංචි මාර්ග සඳහන් කරයි.
නීතිපති සංජය රාජරත්නම් විසින් ගාලුමුවදොර සාමකාමී අරගල භූමියට සිදුකළ පහරදීම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන ලෙස පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙනවා.මෙසේ ලිඛිතව දැනුම් දී ඇත්තේ පහරදීමට සම්බන්ධ පිරිස සහ හේතු සොයා බැලීමට කඩිනමින් විමර්ශන සිදු කරන ලෙසයි.සාමකාමීව විරෝධතාවල නිරත වන පිරිස් වෙත එල්ල වන ප්‍රහාර වැළැක්වීමට වගකිව යුතු පාර්ශ්වයන් කටයුතු කළ යුතු බවත් එම වගකීම් පැහැර නොහැරිය […]
අද අලුයම හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයෙන් පිටත්ව ගියේ හමුදාව විසින් විරෝධතාකරුවන් ඉවත් කිරීමෙන් අනතුරුවය .
අද දිනයේදී ද දිවයිනම ආවරණය වන ලෙස ආරම්භ කළ වැඩවර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසනවා. එහි කැඳවුම්කරු වසන්ත සමරසිංහ සඳහන් කළේ මෙම වැඩ වර්ජනයට සියලූම රාජ්‍ය, පෞද්ගලික, අර්ධ රාජ්‍ය යන සියලූම පාර්ශ්ව නියෝජනය වන පරිදි වෘත්තිය සමිති 2000 ක් පමණ එක්වන බවයි.
මහජන ආරක්ෂක ආඥාපනත යටතේ දැනට පනවා ඇති ඇඳිරිනීතිය, 11 වන බදාදා උදෑසන 7.00 දක්වා දීර්ඝ කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කර සිටියා. ඒ අනුව ඇඳිරි නීතිය පනවා ඇති කාලය තුළ ලිඛිත අවසරයකින් තොරව පොදු මාර්ගයේ, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදු ක්‍රීඩා භූමියක කිසිවෙකුට රැඳී සිටීමට අවසර නොමැති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
සියලු තැපැල් දුම්රිය අවලංගු කෙරේ.අද දින දුම්රිය ධාවනය ගමනාන්ත දක්වා පමණයි. නැවත දැනුම්දෙනතුරු දුම්රිය ධාවනය අත්හිටුවයි – දුම්රිය සාමාන්‍යාධිකාරී
මීට සුළු මොහොතකට පෙර අග්‍රාමාත්‍යවරයා ඇතුළු සමස්ත අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස් වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා පවසනවා.
අමෙරිකානු තානාපතිනිය ට්විටර් පණිවිඩයක් නිතුක් කරමින් සාමකාමී විරෝධතාවයට එල්ල කළ ප්‍රහාරය හෙළා දකින බව පවසනවා. ප්‍රචණ්ඩත්වය ඇති කරන ඕනෑම අයෙකු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස තානාපතිනිය වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.
