Home > Articles posted by Admin (Page 204)
FEATURE
on May 9, 2022
187 views 0 secs

මහජන ආරක්ෂක ආඥාපනත යටතේ දැනට පනවා ඇති ඇඳිරිනීතිය, 11 වන බදාදා උදෑසන 7.00 දක්වා දීර්ඝ කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කර සිටියා. ඒ අනුව ඇඳිරි නීතිය පනවා ඇති කාලය තුළ ලිඛිත අවසරයකින් තොරව පොදු මාර්ගයේ, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදු ක්‍රීඩා භූමියක කිසිවෙකුට රැඳී සිටීමට අවසර නොමැති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

FEATURE
on May 9, 2022
171 views 0 secs

සියලු තැපැල් දුම්රිය අවලංගු කෙරේ.අද දින දුම්රිය ධාවනය ගමනාන්ත දක්වා පමණයි. නැවත දැනුම්දෙනතුරු දුම්රිය ධාවනය අත්හිටුවයි – දුම්රිය සාමාන්‍යාධිකාරී

FEATURE
on May 9, 2022
198 views 0 secs

මීට සුළු මොහොතකට පෙර අග්‍රාමාත්‍යවරයා ඇතුළු සමස්ත අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස් වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා පවසනවා.

FEATURE
on May 9, 2022
169 views 0 secs

අමෙරිකානු තානාපතිනිය ට්විටර් පණිවිඩයක් නිතුක් කරමින් සාමකාමී විරෝධතාවයට එල්ල කළ ප්‍රහාරය හෙළා දකින බව පවසනවා. ප්‍රචණ්ඩත්වය ඇති කරන ඕනෑම අයෙකු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස තානාපතිනිය වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

FEATURE
on May 9, 2022
190 views 0 secs

මහාචාර්ය චන්න ජයසුමන මහතා සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ.

FEATURE
on May 9, 2022
184 views 0 secs

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්, දේශපාලන පක්ෂපාතීත්වය නොසලකා උසිගන්වන්නන් හා සහභාගීවන්නන් විසින් සිදු කරන ප්‍රචණ්ඩ ක්‍රියා තරයේ හෙළා දකින බව පවසයි. ප්‍රචණ්ඩත්වය වර්තමාන ගැටලුවලට විසදුම නොවන බවත්, සංසුන්ව හා සංයමයෙන් කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයා සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටී. ඔහු වැඩිදුරටත් කියා සිටියේ ,මෙම අර්බුධය විසඳීමට සියලු දෙනා එක්ව කටයුතු කරන ලෙස […]

FEATURE
on May 9, 2022
202 views 0 secs

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති වෙත යොමු කර ඇති බව වාර්තා වේ.

FEATURE
on May 9, 2022
343 views 0 secs

අරලියගහ මන්දිරයට පැමිණි විරෝධතාකරුවන් ගාලු මුවදොර පිහිටි නිර්පාක්ෂික අරගල භූමියට පැමිණීමත් සමග ගැටුම්කාරී තත්ත්වයක් ඇති වී තිබෙනවා. මෙම පිරිස කොල්ලුපිටිය දෙසින් පොලිස් බාධක බිද දමමින් අරගල භූමියට පැමිණ එහි තිබූ ඉදිකිරීම් කඩා දමමින් පහර දීම් සිදු කළ අතර පොලීසිය පිරිස විසුරුවා හැරීමට කදුලු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරනු ලැබුවා. ගාලු මුවදොර ප්‍රදේශය තවදුරටත් උණුසුම්කාරී […]

FEATURE
on May 9, 2022
181 views 0 secs

මුළු දිවයිනටම බල පැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කලා.

FEATURE
on May 9, 2022
182 views 0 secs

තමා ඕනෑම කැපකිරීමක් ජනතාව වෙනුවෙන් කරන්න සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා. මේ පිළිබඳ අග්‍රමාත්‍යවරයා අද පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේදී සිය පාක්ෂිකයන් අමතමින් ප්‍රකාශ කළා.