Home > Articles posted by Admin (Page 202)
FEATURE
on May 14, 2022
231 views 6 secs

2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා ප්‍රවේශ පත්‍ර විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් බාගත කර ගැනීමට පහසුකම් සලසා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා පැවසුවේ විභාගය මැයි මස 23 වැනිදා සිට ජුනි මස 01 වැනිදා දක්වා පැවැත්වෙන බවත් ඊට අදාළ ප්‍රවේශ පත්‍ර මේ වන විටත් තැපැල් කර ඇති […]

FEATURE
on May 14, 2022
187 views 0 secs

අද (14) දිනයේ මාර්ග අවහිර කරමින් තමන්ටත් ගෑස් ලබාදෙන ලෙස ඉල්ලා මට්ටක්කුලිය ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධතාවයක් ආරම්භ කළා.පසුගියදා පිටකොටුව, ආමර්වීදිය ප්‍රදේශයේ දී ගෑස් ලබාදෙන ලෙස ඉල්ලා සිදුකළ විරෝධතාවයෙන් පසු. ගෑස් ලබාදුන් බවත්, තමන්ටත් ‍එලෙස ගෑස් ලබාදෙන ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා.මට්ටක්කුලිය ප්‍රදේශයෙන් කොළඹට පිවිසෙන ප්‍රධාන මාර්ගයක් වන ෆාම් වීදියේ ද මෙම විරෝධතාවය හේතුවෙන්අවහිර වී තිබුණා.

FEATURE
on May 14, 2022
198 views 0 secs

යල කන්නය සදහා මෙරට අවශ්‍ය රසායනික පොහොර තොගයක්ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ණය යෝජනා ක්‍රමය යටතේ ලබාදීමට එකඟතාවය පළ කර තිබෙනවා.ඒ අනුව යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000ක ප්‍රමාණයක් ඉන්දියාව විසින් සපයනු ලබනවා.

FEATURE
on May 13, 2022
190 views 0 secs

හෙට (මැයි 14) පැය 5ක විදුලි කප්පාදුවක් සිදු කරන අතර මැයි 15 (වෙසක් පොහොය දින) විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

FEATURE
on May 13, 2022
223 views 0 secs

වෙසක් පොහොය හේතුවෙන් එළඹෙන මැයි 15 සහ 16 යන දිනවල මත්පැන් අලෙවි සැල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

FEATURE
on May 13, 2022
197 views 0 secs

දෛනික විනිමය අනුපාතිකයට අනුව අමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 364.98 දක්වා අඩුවී තිබෙනවා. ඒ අනුව එහි ගැනුම් මිල 355.01 ක් ලෙස මහ බැංකුව නිවේදනය කළා. ඊයේ (12) දිනයේ අමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල සටහන් වුයේ රුපියල් 380 ක් ලෙසයි.

FEATURE
on May 12, 2022
180 views 0 secs

මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව දැනට මුලු දිවයිනටම පනවා ඇති ඇඳිරිනීතිය හෙට (13) උදෑසන 6.00 ට ඉවත් කර පස්වරු 02.00ට යලිත් මුලු දිවයිනටම ඇඳිරිනීතිය පනවන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. එලෙස මුලු දිවයිනටම පැනවෙන ඇඳිරි නීතිය 14 වනදා අලුයම 6.00 දක්වා බල පැවැත්වෙන බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.

FEATURE
on May 12, 2022
175 views 0 secs

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා 6 වන වරටත් ජනාධිපති මන්දිරයේදී අග්‍රාමාත්‍ය ධුරයේ අද (12) දිවුරුම් දුන්නේ ය. එක්සත් ජාතික පක්ෂයට හිමි වූ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර අග්‍රාමාත්‍ය ධුරයට පාර්ලිමේන්තුවේ එකම ආසනයක් පමණක් හිමි පුද්ගලයකු පත් වන පළමු අවස්ථාවද මෙය වේ.

FEATURE
on May 12, 2022
186 views 0 secs

මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු 17 දෙනෙකුට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජෙනරාල් අයේෂා ජිනසේන කරන ලද ඉල්ලීමක් පිළිගෙන කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් මෙම නියෝගය නිකුත්කර තිබෙන්නේ.

FEATURE
on May 12, 2022
190 views 0 secs

අද (12) පොලිස් ආරක්ෂාව මධ්‍යයේ කොළඹ ප්‍රදේශයේ මහල් නිවාස සඳහා ගෑස් බෙදා හැරීමට කටයුතු කර ඇති බව ලිට්‍රෝ සමාගම පවසනවා. එමෙන්ම වාණිජ කටයුතු සඳහා ගෑස් බෙදා හැරීම අඛණ්ඩව සිදුකරන බව ද එම සමාගම සඳහන් කළා. කෙසේ නමුත් දිවයිනේ විවිධ ප්‍රදේශවල අද දිනයේ දිගු ගෑස් පොලිම් පැවති බව වාර්තා වෙනවා.