Home > Articles posted by Admin (Page 202)
FEATURE
on May 14, 2022
280 views 0 secs

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (14) රටවල් රැසක තානාපතිවරු හමුවූහ. ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපති ඩෙනිස් චයිබි, ශ්‍රී ලංකාවේ ජර්මන් ජනරජයේ තානාපති හොල්ගර් ලොතර් සියුබර්ට්, ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලැවටු, ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති ටන්ජා ගොන්ග් ග්‍රීෆ්, ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිනි රීටා මනෙල්ලා, ශ්‍රී ලංකාවේ රුමේනියා තානාපති වික්ටර් චියුජ්ඩියා ඇතුළු පිරිසක් මෙලෙස විපක්ෂ […]

FEATURE
on May 14, 2022
278 views 0 secs

ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ, එච් එම් එම් හාරිස්, එම් එස් තවුෆික්, ෆයිසල් කාසීම්, සමගි ජන බලවේගයෙන් ඡන්දය ඉල්ලූ සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයේ ඉෂාක් රහුමාන් යන මහත්වරු අද (14) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු විය. ඒ කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දී ය. රට පත්ව ඇති තත්ත්වයෙන් ගොඩ ගැනීම උදෙසා සමගි ජන බලවේගයට සිය සහයෝගය ලබාදෙන බව […]

FEATURE
on May 14, 2022
409 views 0 secs

අද(14) පස්වරුවේ නව කැබිනට් අමාත්‍යවරු 04 දෙනෙකු ජනාධිපති මන්දිරයේදී ජනපති ඉදිරියේ දිවුරුම් දුන්නේය. ඒ අනුව, විදේශ කටයුතු ඇමති ලෙස ජී.එල්. පීරිස් මහතා ද, විදුලිබල හා බලශක්ති ඇමති ලෙස කංචන විජේසේකර මහතා ද, නාගරික සංවර්ධන හා නිවාස ඇමති ලෙස ප්‍රසන්න රණතුංග මහතා ද, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන ඇමති ලෙස දිනේෂ් ගුණවර්ධන […]

FEATURE
on May 14, 2022
291 views 0 secs

අද (14) ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ මෙරට අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය අතර හමුවක් සිදුව තිබේ.එහිදී රටේ වත්මන් දේශපාලන තත්ත්වය හා ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ජූලි චන්ග් මහත්මිය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

FEATURE
on May 14, 2022
275 views 0 secs

මේ අර්බුදකාරී අවස්ථාවේ සාම්ප්‍රදායික දේශපාලනය පසෙකලා දැවෙන ප්‍රශ්න විසඳීමට අත්වැල් බැඳ ගැනීම සඳහා නව රජය හා එකතු වන ලෙසට අග්‍රාමාත්‍යවරයා විසින් විපක්ෂ නායකවරයාට ලිපියක් යොමුකර අවධාරණය කර තිබේ. නමුත් මෙම යෝජනාව සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගය විසින් ප්‍රතික්ෂේප කොට තිබෙනවා.විපක්ෂ නායකවරයා අග්‍රාමාත්‍යවරයාට ලිපියක් යවමින් පෙන්වා දෙන්නේ රට තුළ පවතින අර්බුදයේ දී ජනතාව ඉල්ලා සිටින්නේ […]

FEATURE
on May 14, 2022
303 views 6 secs

2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා ප්‍රවේශ පත්‍ර විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් බාගත කර ගැනීමට පහසුකම් සලසා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා පැවසුවේ විභාගය මැයි මස 23 වැනිදා සිට ජුනි මස 01 වැනිදා දක්වා පැවැත්වෙන බවත් ඊට අදාළ ප්‍රවේශ පත්‍ර මේ වන විටත් තැපැල් කර ඇති […]

FEATURE
on May 14, 2022
264 views 0 secs

අද (14) දිනයේ මාර්ග අවහිර කරමින් තමන්ටත් ගෑස් ලබාදෙන ලෙස ඉල්ලා මට්ටක්කුලිය ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධතාවයක් ආරම්භ කළා.පසුගියදා පිටකොටුව, ආමර්වීදිය ප්‍රදේශයේ දී ගෑස් ලබාදෙන ලෙස ඉල්ලා සිදුකළ විරෝධතාවයෙන් පසු. ගෑස් ලබාදුන් බවත්, තමන්ටත් ‍එලෙස ගෑස් ලබාදෙන ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා.මට්ටක්කුලිය ප්‍රදේශයෙන් කොළඹට පිවිසෙන ප්‍රධාන මාර්ගයක් වන ෆාම් වීදියේ ද මෙම විරෝධතාවය හේතුවෙන්අවහිර වී තිබුණා.

FEATURE
on May 14, 2022
280 views 0 secs

යල කන්නය සදහා මෙරට අවශ්‍ය රසායනික පොහොර තොගයක්ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ණය යෝජනා ක්‍රමය යටතේ ලබාදීමට එකඟතාවය පළ කර තිබෙනවා.ඒ අනුව යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000ක ප්‍රමාණයක් ඉන්දියාව විසින් සපයනු ලබනවා.

FEATURE
on May 13, 2022
268 views 0 secs

හෙට (මැයි 14) පැය 5ක විදුලි කප්පාදුවක් සිදු කරන අතර මැයි 15 (වෙසක් පොහොය දින) විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

FEATURE
on May 13, 2022
313 views 0 secs

වෙසක් පොහොය හේතුවෙන් එළඹෙන මැයි 15 සහ 16 යන දිනවල මත්පැන් අලෙවි සැල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.