Home > Articles posted by Admin (Page 199)
FEATURE
on May 23, 2022
323 views 0 secs

අද (23) නව අමාත්‍ය මණ්ඩලයේ තවත් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු දිවුරුම්දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. ජනාධිපතිවරයා ඉදිරියේදී පෙර අවස්ථා දෙකකදි අමාත්‍යවරුන් 13 දෙනෙකු දිවුරුම්දී තිබුණා. දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඇතුළුව 25 දෙනෙකුට සීමා වන බවයි.

FEATURE
on May 22, 2022
324 views 0 secs

නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ අක්‍රියව පැවති ජනන යන්ත්‍රයේ නඩත්තු කටයුතු අවසන් කර අද (22) යළි ජාතික පද්ධතියට එක් කර තිබේ.මේ හේතුවෙන් හෙට රාත්‍රී වනවිට සම්පූර්ණයෙන්ම මෙගාවොට් 260ක විදුලිය ධාරිතාවයක් ජාතික විදුලි පද්ධතියට එක්වන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ, සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේය.

FEATURE
on May 22, 2022
294 views 0 secs

හෙට (23) ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසු සිසුවියන් කල්වේලා ඇතිව විභාග ශාලාව වෙත යොමුකරන ලෙස විභාග දෙපාර්තමේන්තුව දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා. කෙසේ නමුත් යම් සිසුවෙකුට නියමිත වේලාවට විභාග ශාලාව වෙත පැමිණීමට නොහැකිවුවහොත් ඊට සහනයක් ලබාදීම සඳහා අදාළ විභාග ශාලා අධිපතිවරුන් දැනුවත් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන සඳහන් කළා. මේ […]

FEATURE
on May 22, 2022
289 views 0 secs

අද (22) ඉන්දීය රජයෙන් පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවට පිරිනමනු ලබන රුපියල් බිලියන 02ක මානුෂීය ආධාර තොගය නිල වශයෙන් මෙරටට ලබාදී තිබෙනවා. ඒ සඳහා විදෙස් අමාත්‍ය ජී.එල් පීරිස් ඇතුළු පිරිසක් සහභාගී වූ අතර ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතාග ප්‍රධානත්වයෙන් මෙය සිදු වුණා. සහල් මෙට්‍රික් ටොන් 9,000ක්, කිරිපිටි මෙට්‍රික් ටොන් 200ක්, ජීවිතාරක්ෂක ඖෂධ මෙට්‍රික් ටොන් […]

FEATURE
on May 22, 2022
287 views 0 secs

ඊයේ (21) රාත්‍රීයේ රාජගිරිය ප්‍රදේශයේ වෙළෙඳසැකලක සිටියදී , අමෙරිකානු ඩොලර් 50,000 ක් සන්තකයෙහි තබාගෙන සිටි පුද්ගලයෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 36 හැවිරිද හැටන් ප්‍රදේශයේ ස්ථිර පදිංචි පුද්ගලයෙක් වන අතර ඔහු කොළඹ 15 ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි පුද්ගලයෙකු බවට මේ වන විට අනාවරණයවී තිබෙනවා.

FEATURE
on May 22, 2022
331 views 0 secs

කම්කරු පක්ෂයෙන් ඕස්ට්‍රේලියාවේ හෝල්ට් මැතිවරණ ආසනය නියෝජනය කල ශ්‍රී ලංකාවේ උපන් කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු මෙවර ඕස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තු වරම් ලබා තිබේ. සිය 11 වැනි වියේදී එනම් 1999 වසරේදී කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු සිය දෙමව්පියන් සමග ඕස්ට්‍රේලියාවට පැමිණ තිබෙන අතර ඇය ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට තේරීපත්වූ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පළමු කාන්තාව වේ. හෝල්ට් මැතිවරණ ආසනයෙන් ලිබරල් පක්ෂයෙන් ඇයට එරෙහිව […]

FEATURE
on May 21, 2022
363 views 0 secs

අද (21) දිනයේ සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 80,000 බැගින් බෙදා හැරීමට කටයුතු කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. කොළඹ සහ ගම්පහ ප්‍රදේශයන් සඳහා ප්‍රමුඛතාවය ලබාදෙමින් ගෑස් සිලින්ඩර බෙදාහැරීමට කටයුතු කරන බව එම සමාගම සඳහන් කරනවා.

FEATURE
on May 21, 2022
303 views 0 secs

පසුගිය මැයි 06 වන දින අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් ජනාධිපතිවරයා විසින් බලාත්මක කරන ලද හදිසි නීති තත්ත්වය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර දින 14 ක් ඇතුළත සම්මත කර නොගැනීම හේතුවෙන් අහෝසි වී තිබෙනවා. ඒ අනුව මෙරටට පනවා තිබූ හදිසි නීති තත්ත්වය ඊයේ (20) දිනයේ සිට ඉවත්ව ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසනවා.

FEATURE
on May 19, 2022
297 views 0 secs

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට හා එහි කාර්ය මණ්ඩලය ඇතුළු 900කට ලබා දෙන දිවා ආහාරය සදහා විශාල වියදමක් දැරීමට සිදුවන නිසා මන්ත්‍රිවරුන්ට ලබා දෙන දිවා ආහාරය අත්හිටුවන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රිවරු කිහිප දෙනෙකු විසින් කථානායකවරයා වෙත ලිපියකින් ඉල්ලීමක් කොට තිබේ.එම ලිපිය පහතින්,

FEATURE
on May 19, 2022
268 views 0 secs

කොළඹ කොටුවේ විරෝධතාවේ නිරත අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල සිසුන් විසුරුවා හැරීමට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.