Home > Articles posted by Admin (Page 196)
FEATURE
on Jun 1, 2022
299 views 0 secs

ඉන්ධන හිඟය නිසා එළවළු තොග ආර්ථික මධ්‍යස්ථාන හා තොග වෙළඳුන් වෙත නොලැබීම නිසා වෙළඳපොළේ එළවළු මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. ඉන්ධන හිඟයට අමතරව වර්ෂාව ආරම්භ වීම නිසාද එළවළු තොග ආර්ථික මධ්‍යස්ථාන වෙත ලැබීමේ ප්‍රමාදයක් පවතී. එළවළු තොග අඩුවීම නිසා ඉහළ යන මිල හමුවේ පාරිභෝගිකයින්ට සහන සැලසීමට තියා තම ජීවන වෘත්තිය පවත්වා ගෙන යාමට පවා නොහැකි […]

FEATURE
on Jun 1, 2022
322 views 0 secs

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක් නිකුත් කරමින්, සිය පක්ෂයේ අවසන් මධ්‍යම කාරක සභාවේදී, පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ සිටිමින් රජය මහජනතාව වෙනුවෙන් ගනු ලබන යහපත් තීරණ සඳහා පමණක් පක්ෂයක් ලෙස සහය දැක්වීමට තීරණය කළ බව ප්‍රකාශ කර සිටියා. එමෙන්ම එම තීරණයට පටහැනිව අමාත්‍ය ධුර ලබා ගන්නා මන්ත්‍රිවරුන් පක්ෂයේ සියලු තනතුරුවලින් ඉවත් කරන බව එම නිවේදනයෙන් […]

FEATURE
on Jun 1, 2022
293 views 0 secs

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත හා මිලාන් ජයතිලක ඇතුළු සැකකරුවන් 13 දෙනා ලබන 08 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. පසුගිය මැයි 09 වැනිදා මයිනාගෝගම සහ ගෝඨාගෝගම විරෝධතාකරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවලට අදාළව මන්ත්‍රීවරුන් දෙදෙනා මැයි 17 වැනිදා අත්අඩංගුවට ගනු ලැබිණි.

FEATURE
on Jun 1, 2022
345 views 0 secs

වැට් බද්ද ඉහළ දැමීමත් ස්මඟ අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි දුම්වැටියක මිල රුපියල් 5කින් ඉහළ දැමීමට එම සමාගම් තීරණය කර තිබෙනවා.

FEATURE
on Jun 1, 2022
299 views 0 secs

භාණ්ඩ කිහිපයක් මත පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු ඉහළ දැමීමට මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් පියවර ගෙන තිබෙනවා. ආනයනික යෝගට් සඳහා මෙතෙක් තිබූ කිලෝග්‍රෑමයකට රු. 1,000 ක් වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රු. 2,000 ක් දක්වා ඉහළ දමා තිබෙන අතර චීස්, මිදි, ඇපල්, දොඩම් ඇතුළු තවත් භාණ්ඩ රැසක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද සැලකිය […]

FEATURE
on Jun 1, 2022
309 views 0 secs

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස කටයුතු කරන දුමින්ද සිල්වා ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපතිවරයා විසින් ප්‍රදානය කළ සමාව අත්හිටුවන ලෙස දන්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් ඊයේ (31) […]

FEATURE
on Jun 1, 2022
284 views 0 secs

ඊයේ (31) වහාම ක්‍රියාත්මක පරිදි විදුලි සංදේශ බද්ද 11.25% සිට 15% දක්වා ඉහළ දැමුණු අතර මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් එය අද (01) සිට බලාත්මක වන පරිදි ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. මේ අතර ලබන ඔක්තොම්බර් 01 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ආදායම් බදු , ඔට්ටු සහ සූදු බදු සංශෝධනය කිරිමට ද නියමිතය.

FEATURE
on Jun 1, 2022
375 views 0 secs

චෙක් ජනරජයේ පැවැත්වෙන ඔස්ට්‍රේව් ගෝල්ඩන් ස්පයික් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 100 පිරිමි ඉසව්වේ 5 වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත් වුණා. යුපුන් අබේකෝන් මෙම වාරයේ වාර්තා කළ දෙවැනි හොඳම කාලය මෙහිදී වාර්තා කල අතර එය තප්පර 10.08 ක කාලයකි. මෙම තරඟයේදී යුපුන්ගේ ප්‍රතිවාදීන් අතර ජැමෙයිකාවේ යොහාන් බ්ලේක් සහ දකුණු අප්‍රිකාවේ අකානි සිම්බයින්ද […]

FEATURE
on Jun 1, 2022
422 views 0 secs

53 වන වියේ පසුවූ බොලිවුඩයේ සුපිරි ගායකයකු වන ක්‍රිෂ්ණකුමාර් කුන්නාත් හෙවත් KK ඊයේ (31) රාත්‍රියේ කොල්කටාහි සජීවී ප්‍රසංගයකට සහභාගි වීමෙන් පසු මියගොස් තිබෙනවා. සජීවී ප්‍රසංගය අවසන්වී රාත්‍රී 10.30 ට පමණ තම හෝටලයට ආපසු එන විට අසනීපවී තිබෙන ඛ්ඛ්, දකුණු කොල්කටා හි පෞද්ගලික රෝහලකට රැගෙන යන අතරතුර මියගොස් ඇති බවයි එරට වෛද්‍යවරුන් සඳහන් කරන්නේ. භාෂා ගණනාවකින් […]

FEATURE
on May 31, 2022
357 views 0 secs

හෙට සිට දිනපතා පුවත්පතක මිල රුපියල් 50 ක් දක්වා ඉහළ දමන බවට පුවත්පත් සමාගම් තීරණය කර තිබෙනවා. ප්‍රවාහන හා මුද්‍රණ වියදම් සහ කඩදාසි මිල ඉහළ යාම හේතුවෙන් පුවත් පත් මිල මෙලෙස ඉහළ දැමීමට තීරණය කර තිබෙන බව එම සමාගම් පවසයි.