Home > Articles posted by Admin (Page 193)
FEATURE
on Jun 21, 2022
308 views 0 secs

පෑලියගොඩ මැනිං වෙළෙඳපොළ තුළ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ 42 හැවිරිදි වියේ පසුවූ ඇ ප්‍රදීප් නොහොත් සානා නමැති අයෙකු බවයි පොලීසිය සඳහන් කර සිටියා.

FEATURE
on Jun 21, 2022
298 views 0 secs

විපක්ෂයේ පක්ෂ රැසක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් මෙම සතියේ පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීරණය කර තිබෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කළේ, තම පක්ෂය මෙම සතියේ පාර්ලිමේන්තුව වර්ජනය කරන බවයි. එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද පාර්ලිමේන්තුව වර්ජනය කරන බව එහි නායක අනුර කුමාර දිසානායක අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

FEATURE
on Jun 21, 2022
311 views 0 secs

සංචාරක ඕස්ට්‍රෙලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන හතරවන එක්දින තරඟය අද (21) පස්වරු 2.30 ට කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදී නියමිතයි. මේ වන විට තරඟ පහකින් සමත්විත තරඟාවලිය තරඟ 2 ට 1 ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණ ගෙන සිටින අතර අද තරඟය කණ්ඩායම් දෙකටම තීරණාත්මක තරඟයක් වනවා. පසුගිය තරඟයේදී ආබාධයක් හේතුවෙන් ක්‍රීඩා පිටියෙන් ඉවත්වූ […]

FEATURE
on Jun 21, 2022
316 views 0 secs

අද (21) පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා. අද දිනයේදී කාර්මික ආරවුල් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සිදු කිරීමට නියමිතයි. එමෙන්ම පාර්ලිමේන්තුව අද සිට ලබන සිකුරාදා දක්වා රැස්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

FEATURE
on Jun 19, 2022
290 views 0 secs

හෙට(20) සිට පෙරවරු 7.00 සිට දහවල් 12.00 දක්වා විදුලිය කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කර සිටියා. ඒ පාසල් දරුවන්ගේ ඔන්ලයින් අධ්‍යාපන කටයුතු හේතුවෙනි. ඒ අනුව හෙට(20) සිට දහවල් 12.00ත් රාත්‍රී 10.30ත් අතර කාලය තුළ දක්වා පැය 02 යි විනාඩි 30ක දෛනික විදුලිය කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම(PUCSL) ප්‍රකාශ කර සිටියා.

FEATURE
on Jun 17, 2022
286 views 0 secs

අද (17) දින කලාප අනුව විදුලි කප්පාදුව සිදුවන වේලාවන් මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කරයි.එම වෙලාවන් පහත පරිදි ය.

FEATURE
on Jun 17, 2022
308 views 0 secs

අද (17) දිනයේ නොර්වේ ඔස්ලෝ නුවර පැවති, ඩයමන්ඩ් ලීග් මළල ක්‍රීඩා තරඟාවලියේ මීටර් 100 තරග ඉසව්ව පැවැත්වුණා.එහිදී ශ්‍රී ලංකාවේ කෙටිදුර ධාවන ශූරයා වූ යුපුන් ප්‍රියදර්ශන අබේකෝන් ද සහභාගී වී සිටි අතර අවසන් තරගයේ දී ඔහුට 05 වන ස්ථානය හිමි විය.

FEATURE
on Jun 16, 2022
338 views 0 secs

අද (16) ඉන්දියානු ණය පහසුකම යටතේ මෙරටට ලැබෙන අවසන් ඩීසල් රැගත් නෞකාව මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා. මේ වන විට අත්‍යවශ්‍ය සේවා සඳහා ප්‍රමුඛතාව ලබා දෙමින් ඉන්ධන නිකුත් කිරීමට කටයුතු කර තිබෙන අතර ඉන්ධන නිකුත් කරන පිරවුම්හල්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා. කෙසේ නමුත් අද පැමිණෙන නෞකාවෙන් පසු නැවතත් ඉන්ධන නැවක් පැමිණෙන දිනයක් නිශ්චිතව සඳහන් නොවන අතර […]

FEATURE
on Jun 16, 2022
326 views 0 secs

එන්ජින් ඔයිල් නොමැති වීමෙන් ඉදිරියේදී දුම්රිය ධාවනය කිරීමට හැකියාවක් නොමැති බවත්, දැනට පවතින එන්ජිල් ඔයිල් ප්‍රමාණය තවත් මාස 02 ක් සඳහා පමණක් ප්‍රමාණවත් බවත් දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියා. එන්ජින් ඔයිල් ගෙන්විම සඳහා ණයවර ලිපි විවෘත කිරීමට ඩොලර් නොමැති බව දුම්රිය දෙපාර්තමේන්තුව පෙන්වා දුන් අතර මෙම තත්ත්වය තුළ දැනට ධාවනය කරන දුම්රියවලින් කොටසක් ධාවනයෙන් ඉවත් […]

FEATURE
on Jun 15, 2022
297 views 0 secs

රට තුළ ඉන්ධන අර්බුදය උග්‍රවීමත් සමඟ ජනතාව ගමනාගමනය සඳහා දුම්රිය සේවාව තොරා ගැනීම හේතුවෙන් අද (15) දිනයේ කාර්යාල දුම්රිය රැසක් මගීන්ගෙන් පිරීගොස් තිබූ ආකාරය දැක ගන්නට ලැබුණි. මේ හේතුවෙන් දුම්රිය ඇතුළත අධික තදබදයක්ද හටගෙන ඇති බවයි සඳහන් වන්නේ. කෙසේ වුවද අද දිනයේ සිට නව දුම්රිය කිහිපයක් ධාවනයට එක් කරන බව, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය සඳහන් […]