Home > Articles posted by Admin (Page 203)
FEATURE
on May 13, 2022
277 views 0 secs

දෛනික විනිමය අනුපාතිකයට අනුව අමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 364.98 දක්වා අඩුවී තිබෙනවා. ඒ අනුව එහි ගැනුම් මිල 355.01 ක් ලෙස මහ බැංකුව නිවේදනය කළා. ඊයේ (12) දිනයේ අමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල සටහන් වුයේ රුපියල් 380 ක් ලෙසයි.

FEATURE
on May 12, 2022
254 views 0 secs

මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව දැනට මුලු දිවයිනටම පනවා ඇති ඇඳිරිනීතිය හෙට (13) උදෑසන 6.00 ට ඉවත් කර පස්වරු 02.00ට යලිත් මුලු දිවයිනටම ඇඳිරිනීතිය පනවන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. එලෙස මුලු දිවයිනටම පැනවෙන ඇඳිරි නීතිය 14 වනදා අලුයම 6.00 දක්වා බල පැවැත්වෙන බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.

FEATURE
on May 12, 2022
245 views 0 secs

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා 6 වන වරටත් ජනාධිපති මන්දිරයේදී අග්‍රාමාත්‍ය ධුරයේ අද (12) දිවුරුම් දුන්නේ ය. එක්සත් ජාතික පක්ෂයට හිමි වූ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර අග්‍රාමාත්‍ය ධුරයට පාර්ලිමේන්තුවේ එකම ආසනයක් පමණක් හිමි පුද්ගලයකු පත් වන පළමු අවස්ථාවද මෙය වේ.

FEATURE
on May 12, 2022
266 views 0 secs

මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු 17 දෙනෙකුට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජෙනරාල් අයේෂා ජිනසේන කරන ලද ඉල්ලීමක් පිළිගෙන කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් මෙම නියෝගය නිකුත්කර තිබෙන්නේ.

FEATURE
on May 12, 2022
276 views 0 secs

අද (12) පොලිස් ආරක්ෂාව මධ්‍යයේ කොළඹ ප්‍රදේශයේ මහල් නිවාස සඳහා ගෑස් බෙදා හැරීමට කටයුතු කර ඇති බව ලිට්‍රෝ සමාගම පවසනවා. එමෙන්ම වාණිජ කටයුතු සඳහා ගෑස් බෙදා හැරීම අඛණ්ඩව සිදුකරන බව ද එම සමාගම සඳහන් කළා. කෙසේ නමුත් දිවයිනේ විවිධ ප්‍රදේශවල අද දිනයේ දිගු ගෑස් පොලිම් පැවති බව වාර්තා වෙනවා.

FEATURE
on May 12, 2022
428 views 0 secs

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ කිසිදු තනතුරක් භාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.ගාලු මුවදොර විරෝධතාකරුවන්ගේ අදහස් විමසීමකින් තොරව අර්බුදය විසඳීමේ කිසිදු ක්‍රියාවලියක කොටස්කරුවෙකු නොවන බව මන්ත්‍රීවරයා පැවසීය.

FEATURE
on May 12, 2022
262 views 0 secs

අද 34 වන දිනයටත් රට තුළ පවතින අර්බුදයට විරෝධය පළ කරමින් කොළඹ ගාලුමුවදොර ආරම්භ කළ මහජන අරගලය පැවැත්වෙනවා.ඇඳිරිනීතිය පනවා තිබුනද විශාල පිරිසක් ගාලුමුවදොර විරෝධතාවට එක්ව සිටි අතර කලාකරුවන් ,සිවින් ක්‍රියාකාරීන්ද ,ආගමික නායකයින් ,නීතීඥයින් ද එක්ව සිටියා.

FEATURE
on May 11, 2022
253 views 0 secs

මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව දැනට මුලු දිවයිනටම පනවා ඇති ඇඳිරිනීතිය හෙට උදෑසන 7.00 ට ඉවත්කර හෙට (12) පස්වරු 02.00ට යලිත් මුලු දිවයිනටම ඇඳිරිනීතිය පනවන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. එලෙස මුලු දිවයිනටම පැනවෙන ඇඳිරි නීතිය 13 වනදා අලුයම 6.00 දක්වා බල පැවැත්වෙන බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.

FEATURE
on May 11, 2022
241 views 0 secs

තමන් සමගි ජන බලවේගයෙන් ඉවත්ව ස්වාධීන මන්ත්‍රීවරයෙකු වීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර සිටියා. රටට ඉක්මනින් රජයක් අවශ්‍ය අතර එය ප්‍රමාද කළ නොහැකි බවත් සමගි ජන බලවේගය එය ප්‍රමාද කරන්නේ නම් තමන් ස්වාධීන වී රජයක් පිහිටුවීමේ ක්‍රියාවලියට සහයෝගය ලබාදෙන බවයි ඔහු වැඩිදුටත් සඳහන් කරන්නේ.

FEATURE
on May 11, 2022
270 views 0 secs

ආරක්ෂක හේතූන් මත හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර වෙත රැගෙන ගිය බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පවසයි.එමෙන්ම රටේ තත්ත්වය යථා තත්ත්වයට පත් වූ පසු හිටපු අගමැතිවරයා ඔහු කැමති ස්ථානයකට ගෙන යන බව ද ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.