Home > Articles posted by Admin (Page 203)
FEATURE
on May 12, 2022
341 views 0 secs

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ කිසිදු තනතුරක් භාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.ගාලු මුවදොර විරෝධතාකරුවන්ගේ අදහස් විමසීමකින් තොරව අර්බුදය විසඳීමේ කිසිදු ක්‍රියාවලියක කොටස්කරුවෙකු නොවන බව මන්ත්‍රීවරයා පැවසීය.

FEATURE
on May 12, 2022
177 views 0 secs

අද 34 වන දිනයටත් රට තුළ පවතින අර්බුදයට විරෝධය පළ කරමින් කොළඹ ගාලුමුවදොර ආරම්භ කළ මහජන අරගලය පැවැත්වෙනවා.ඇඳිරිනීතිය පනවා තිබුනද විශාල පිරිසක් ගාලුමුවදොර විරෝධතාවට එක්ව සිටි අතර කලාකරුවන් ,සිවින් ක්‍රියාකාරීන්ද ,ආගමික නායකයින් ,නීතීඥයින් ද එක්ව සිටියා.

FEATURE
on May 11, 2022
176 views 0 secs

මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව දැනට මුලු දිවයිනටම පනවා ඇති ඇඳිරිනීතිය හෙට උදෑසන 7.00 ට ඉවත්කර හෙට (12) පස්වරු 02.00ට යලිත් මුලු දිවයිනටම ඇඳිරිනීතිය පනවන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. එලෙස මුලු දිවයිනටම පැනවෙන ඇඳිරි නීතිය 13 වනදා අලුයම 6.00 දක්වා බල පැවැත්වෙන බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.

FEATURE
on May 11, 2022
169 views 0 secs

තමන් සමගි ජන බලවේගයෙන් ඉවත්ව ස්වාධීන මන්ත්‍රීවරයෙකු වීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර සිටියා. රටට ඉක්මනින් රජයක් අවශ්‍ය අතර එය ප්‍රමාද කළ නොහැකි බවත් සමගි ජන බලවේගය එය ප්‍රමාද කරන්නේ නම් තමන් ස්වාධීන වී රජයක් පිහිටුවීමේ ක්‍රියාවලියට සහයෝගය ලබාදෙන බවයි ඔහු වැඩිදුටත් සඳහන් කරන්නේ.

FEATURE
on May 11, 2022
188 views 0 secs

ආරක්ෂක හේතූන් මත හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර වෙත රැගෙන ගිය බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පවසයි.එමෙන්ම රටේ තත්ත්වය යථා තත්ත්වයට පත් වූ පසු හිටපු අගමැතිවරයා ඔහු කැමති ස්ථානයකට ගෙන යන බව ද ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

FEATURE
on May 10, 2022
213 views 0 secs

මහජන දේපල කොල්ල කන හෝ පුද්ගල හානි සිදුකරන සියලු තැනැත්තන්ට වෙඩි තැබීම සඳහා ත්‍රිවිධ හමුදාවට නියෝග කර ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසනවා.

FEATURE
on May 10, 2022
177 views 0 secs

නවම් මාවතේදී විරෝධතාකරුවන් පිරිසකගේ පහර දීමකින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තේන්නකෝන් තුවාල ලබා ඇති බව පොලීස් ආරංචි මාර්ග සඳහන් කරයි.

FEATURE
on May 10, 2022
198 views 0 secs

නීතිපති සංජය රාජරත්නම් විසින් ගාලුමුවදොර සාමකාමී අරගල භූමියට සිදුකළ පහරදීම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන ලෙස පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙනවා.මෙසේ ලිඛිතව දැනුම් දී ඇත්තේ පහරදීමට සම්බන්ධ පිරිස සහ හේතු සොයා බැලීමට කඩිනමින් විමර්ශන සිදු කරන ලෙසයි.සාමකාමීව විරෝධතාවල නිරත වන පිරිස් වෙත එල්ල වන ප්‍රහාර වැළැක්වීමට වගකිව යුතු පාර්ශ්වයන් කටයුතු කළ යුතු බවත් එම වගකීම් පැහැර නොහැරිය […]

FEATURE
on May 10, 2022
183 views 0 secs

අද අලුයම හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයෙන් පිටත්ව ගියේ හමුදාව විසින් විරෝධතාකරුවන් ඉවත් කිරීමෙන් අනතුරුවය .

FEATURE
on May 10, 2022
219 views 0 secs

අද දිනයේදී ද දිවයිනම ආවරණය වන ලෙස ආරම්භ කළ වැඩවර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසනවා. එහි කැඳවුම්කරු වසන්ත සමරසිංහ සඳහන් කළේ මෙම වැඩ වර්ජනයට සියලූම රාජ්‍ය, පෞද්ගලික, අර්ධ රාජ්‍ය යන සියලූම පාර්ශ්ව නියෝජනය වන පරිදි වෘත්තිය සමිති 2000 ක් පමණ එක්වන බවයි.