Home > Articles posted by Admin (Page 210)
FEATURE
on Apr 27, 2022
280 views 0 secs

මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අලී සබ්රි අධිකරණ අමාත්‍යවරයා ලෙස ඊයේ (26) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම්දී තිබෙනවා.

FEATURE
on Apr 26, 2022
300 views 0 secs

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට පවසා ඇත්තේ මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කරන ලෙස සහ බදු ඉහළ නංවන ලෙස බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාපයේ වැඩබලන අධ්‍යක්ෂ ඈන් මරී විදෙස් මාධ්‍ය වෙත සඳහන් කර තිබෙන්නේ ශ්‍රී ලංකාව නම්‍යශීලී විනිමය අනුපාතයක් අනුගමනය කළ යුතු බවයි. ඈන් මරී එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ පසුගිය […]

FEATURE
on Apr 26, 2022
262 views 0 secs

2019 පාස්කු ඉරිදා ප්‍රහාරය පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න හෙළි කරන ලෙස ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සඳුදා (25) ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත් 60 කට අධික පිරිසකගේ පවුල්වල නියෝජිත පිරිසක් උන්වහන්සේගේ ශුද්ධෝත්තමයා මුණගැසුණු අතර, උන්වහන්සේගේ අදහස් දැක්වීමේදී ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පරිපාලනයෙන් සත්‍යය හෙළි කරන ලෙස ඉල්ලා සිටියේය. ඉතිහාසයේ දරුණුතම […]

FEATURE
on Apr 25, 2022
288 views 0 secs

පිවිතුරු හෙළ උරුමයේ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 120 ක පිරිසක් වත්මන් ආණ්ඩුව ඉවත්විය යුතුය යන ස්ථාවරයේ සිටින බව ප්‍රකාශ කර සිටියා. විශ්වාසභංගය ඉදිරිපත් කිරීමට පෙර මන්ත්‍රීවරුන් 113 හදා ගන්නාතෙක් සිටින ලෙස සමගි ජන බලවේගයෙන් ඉල්ලීමක් කළ බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.

FEATURE
on Apr 25, 2022
272 views 0 secs

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ත්‍රෛනිකායික මහ නා හිමිවරුන් වෙත ලිපියක් යොමුකරමින් අන්තර්වාර පාලනයක් ඇති කිරීම සඳහා කැමැත්ත පළ කර ඇති බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පවසනවා. එමෙන්ම ආර්ථික ප්‍රශ්න, රටේ අර්බුදකාරී තත්ත්වයන් විසඳා මහජනතාවගේ සුබ සාධනය සිද්ධ කිරීමට කටයුතු කරන බවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ සිදුකරන සාකච්ඡා සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා මහනාහිමිවරුන් දැනුවත් කර තිබෙනවා. […]

FEATURE
on Apr 25, 2022
260 views 0 secs

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ විදෙස් ගමන් තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබේ. එම විදෙස් ගමන් තහනම රජයේ මුදල් අවභාවිත සිද්ධියක් සම්බන්ධව වන නඩුව අවසන් වන තෙක් බලපැවැත්වෙනු ඇති බවයි වාර්තා වන්නේ.

FEATURE
on Apr 25, 2022
293 views 0 secs

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් ගේ ඉල්ලීම පරිදි ජනාධිපති ප්‍රමුඛ සියලු දෙනාම ඉල්ලා අස්විය යුතු බවත් එසේ නොවුන්හොත් ලබන සතියේ දී දීප ව්‍යාප්තව බස් රථ ධාවනයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවත් ප්‍රකාශ කර සිටිය.. රට මෙවැනි තත්ත්වයකට පත්වීම සම්බන්ධයෙන් බසර 74ක් මේ […]

FEATURE
on Apr 25, 2022
265 views 0 secs

අද පැවැත් වූ මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සමගි ජනබලවේගය ගෙන එන විශ්වාසභංග යෝජනාවට තමන් ඇතුළු මන්ත්‍රීවරුන් 120 කගේ සහය ඇති බැවින්අ ග්‍රාමාත්‍යවරයාට ධුරයෙන් ඉවත් වීමට සතියක් කල් දෙන බව ප්‍රකාශ කර සිටියා..

FEATURE
on Apr 25, 2022
275 views 1 sec

දින 05කට පසු අද(25) ගනුදෙනු ආරම්භ කළ, කොළඹ කොටස් වෙළඳපොළ S&ඵ් Sළ්20 මිල දර්ශක අගය 5%කට වැඩි අගයකින් පහත වැටීම හමුවේ ගනුදෙනු කටයුතු යළි තාවකාලිකව අත්හිටුවා තිබේ.

FEATURE
on Apr 25, 2022
285 views 0 secs

ඉදිරි සති දෙක තුළ ඉන්දීය ණය පහසුකම යටතේ භාණ්ඩ ආනයනය ආරම්භ කිරීමට හැකිවනු ඇති බවත්, ඒත් සමඟම අත්‍යවශ්‍ය භාණ්ඩවල මිලෙහි සුළු අඩුවීමක් අපේක්ෂා කෙරෙන බවත් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, නිහාල් සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කර සිටියා. ඩොලරයේ අගය ඉහළ යාම සමග අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි ද ඔහු පැවසුවේ ය.