Home > Articles posted by Admin (Page 208)
FEATURE
on May 2, 2022
240 views 0 secs

විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඉන්ධන බෙදාහැරීම සඳහා, ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තවල සහ ඩිපෝවල මෙහෙයුම් කටයුතු සිදු කරමින් පවතින බව පවසනවා. ඉන්ධන බෙදාහැරීම සඳහා දුම්රිය, කුලී පදනම මත ලබාගත් පෞද්ගලික ඉන්ධන බවුසර සහ රජය සතු බවුසර් යොදාගන්නා බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ. කෙසේ වුවද මෙලෙස ක්‍රියාත්මක ඉන්ධන ප්‍රවාහන කටයුතුවලට බාධා කිරීම් […]

FEATURE
on May 2, 2022
362 views 0 secs

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් අද (02) විපක්ෂ නායක කාර්යාලයේදී පැවති අතර එහිදී එළඹෙන 4 වනදා ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව කතානායකවරයා වෙත භාරදීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා. එමෙන්ම එදිනට තවදුරටත් ආණ්ඩුව රැක ගැනීමට කටයුතු කරන පිරිස් ගැන අනාවරණය කිරීමටද කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ වැඩිදුරටත් සඳහන් කර සිටියා.

FEATURE
on May 2, 2022
237 views 0 secs

මෙතෙක් සතොස වෙත නිකුත් කළ සහල් තොග, ආනයනික සහල් තොග අවසන් වන තෙක් සුපිරි වෙළෙඳසල් ජාල වෙත ද නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව නාඩු 1ක්ග් රුපියල් 145 කටත් සම්බා සහල් 1ක්ග් රුපියල් 175 කටත් යන උපරිම සිල්ලර මිල යටතේ ලබා ගැනීමට හැකියාව ඇති බවයි අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කළේ.

FEATURE
on May 1, 2022
217 views 0 secs

අරලියගහ මන්දිරයේ ප්‍රධාන දොරටුව අභියස තිබූ අට්ටාලය නැවත එම ස්ථානයේ සවි කිරීමට මහජන විරෝධතාකරුවන් පිරිසක් කටයුතු කර තිබෙනවා. අද (01) උදෑසන පොලිස් නිලධාරීන් විසින් මෙම ස්ථානයේ සවිකර තිබු තාවකාලික අට්ටාලය ගලවා දැමීමට කටයුතු කර තිබුණි.

FEATURE
on May 1, 2022
243 views 0 secs

අද (01) එංගලන්තයේ ලන්ඩන් නුවර දැවැන්ත විරෝධතාවක් පැවැත්වෙනවා. ඒ රට තුළ පවතින අර්බුදයට විරෝධය පළ කරමින් හා කොළඹ ගාලුමුවදොර පැවැත්වෙන මහජන විරෝධයට සහාය පළ කරමිනි. ඒ අනුව “ලන්ඩනයට පන්දහසක්” යන තේමාවෙන් පැවැත්වෙන මෙම විරෝධතාව වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු චතුරශ්‍රය ඉදිරිපිට පැවැත්වීමට නියමිතයි. මෙම උද්ඝෝෂණය අද (01) එංගලන්ත වේලාවෙන් සවස 2.00 ට පැවැත්විම නියමිතව ඇති අතර මේ සඳහා […]

FEATURE
on May 1, 2022
228 views 0 secs

දින පහක් පුරා අරලියගහ මන්දිරයේ ප්‍රධාන දොරටුව අභියස විරෝධතා පැවැත්වූ විරෝධතාකරුවන් හා ඔවුන් රැඳි සිටී අට්ටාල අද (01) අලුයම පහට පමණ පොලිසිය විසින් ඉවත් කර තිබෙනවා. මේ හේතුවෙන් එහිදී උණුසුම් තත්ත්වයක් ද ඇති වී තිබෙන අතර එම ස්ථානයේ සිටි විරෝධතාකරුවන් මේ වන විට ගාලු පාර කොළඹ දෙසට ගමන් කරන මංතීරුවේ බිම වාඩි වී විරෝධතාවයේ යෙදී […]

FEATURE
on Apr 30, 2022
243 views 0 secs

ගෑස් අර්බුදයට විසඳුම් දීම සඳහා පාරිභෝගිකයින්ට අඩු මිලට ගෑස් ලබාදීමට නව සැපැයුම්කරුවෙකු සොයා ගැනීමට ලිට්‍රෝ සමාගම කටයුතු කර තිබෙනවා.ලිට්‍රෝ නව සභාපති අදහස් දක්වමින් පවසා සිටියේ තායිලන්තයේ සියාම් ගෑස් සමාගම මෙම නව සැපැයුම්කරුවා ලෙස තෝරාගෙන ඇති බවයි. ලිට්‍රෝ සභාපතිවරයා පෙන්වා දෙන්නේ සියාම් සමාගම හරහා වත්මන් ගෑස් සැපැයුම්කරුවාට වඩා අමෙරිකානු ඩොලර් මිලියන 09ක් අඩුවෙන් ගෑස් ලබාගැනීමට හැකියාව […]

FEATURE
on Apr 30, 2022
263 views 0 secs

පැරසිටමෝල් ඇතුළු ඖෂධ වර්ග 60ක මිල ඉහළ දමා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.පැරසිටමෝල් මිලිග්‍රෑම් 500 පෙත්ත රුපියල් 2.30 සිට රුපියල් 4.16 දක්වා ඉහළ ගොස් ඇත

FEATURE
on Apr 29, 2022
1416 views 0 secs

මේ වන විට ගැබිණි මව්වරුන්ට සහ ළඳරුවන්ට අතිරේක පෝෂණ ආහාරයක් ලෙස ලබාදෙන ත්‍රිපෝෂ ලබාදීම නතර වී තිබෙනවා.මාස 03ක කාලයක් තිස්සේ ත්‍රීපෝශ නිෂ්පාදනයය අවශ්‍ය කරනු ලබන අමුද්‍රව්‍ය සපයා ගැනීමට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමට නොහැකි වීම නිසා එයට හේතුව බව වාර්තා වෙනවා.

FEATURE
on Apr 29, 2022
242 views 0 secs

හතරවන දිනටත් මයිනාගෝගම නමින් අරලියගහ මන්දිරය ඉදිරිපිට පවත්වාගෙන යන විරෝධතාවය ක්‍රියාත්මක වුණා . පොලීසිය හා විරෝධතා කරුවන් අතර උණුසුම් තත්ත්වයක් හටගත්තා. එයට හේතුව පොලිසිය විසින් සටන් පාඨ පුවරු ඉවත් කිරීමට යෑමයි. එම විරෝධතාවේ සිටි පුද්ගලයෙකුට පොලිසිය විසින් පාර පහර දී ඇති බැවින් එම පුද්ගලයා ගිලන් රථයක් මාර්ගයෙන් රෝහල් ගත කෙරුණා