Home > Articles posted by Admin (Page 208)
FEATURE
on May 3, 2022
298 views 0 secs

ජන අරගලය තවත් පියවරක් ඉදිරියට තබමින් මැයි 6 වැනිදා රටපුරා හර්තාලයක් දියත් කිරීමට වෘත්තීය සමිති සැලසුම් කර ඇත.ජාතික වෘත්තීය සමිති සන්ධානය ඊයේ (02) සිය ඉදිරි ක්‍රියාමාර්ග පැහැදිලි කළ අතර, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සාමාජික කේ.ඩී. ලාල්කාන්ත කවුරුන් අරගල කළත් යථාර්ථය වන්නේ ජනතාවට මැතිවරණයක් ලබාදී ජනතාවට දේශපාලනය කිරීමට නව අවස්ථාවක් ලබාදී රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් ඇති […]

FEATURE
on May 3, 2022
488 views 0 secs

ලෝකවාසි ඉස්ලාමීය බැතිමතුන් සමරන රාමසාන් දිනය අදට යෙදී තිබෙනවා. මාසයක් පුරා උපවාස කර, න

FEATURE
on May 2, 2022
470 views 0 secs

අද (02) සිට ක්‍රියාත්මක වන පරිදි සහල් වර්ග කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිල නියම කරමින් ගැසට් නිවේදනය නිකුත් කර ඇත. ඒ අනුව නාඩු (සුදු සහ රතු) කිලෝ 1ක් රු. 220 ක් ද, සම්බා (සුදු සහ රතු) කිලෝ 1ක් රු. 230ක් ද, කීරි සම්බා (දේශීය) කිලෝ 1ක් රු. 260 ලෙසද උපරිම සිල්ලර මිලක් නියම කර ඇති […]

FEATURE
on May 2, 2022
279 views 0 secs

පෞද්ගලික ඉන්ධන බවුසර් හිමියන්ගේ සංගමය විසින් ක්‍රියාත්මක කර තිබූ වර්ජනය අත්හිටුවීමට එම සංගමය තීරණය කර තිබෙනවා. ඒ ඉන්ධන ප්‍රවාහන ගාස්තු 30% වැඩිකිරීමට බලශක්ති අමාත්‍යවරයා පළ කළ එකඟතාව අනුවයි. ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව පෞද්ගලික ඉන්ධන බවුසර් හිමියන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළා.

FEATURE
on May 2, 2022
306 views 0 secs

ඉන්ධන ප්‍රමිතිය පිළිබඳ සැකයක් ඇත්නම් , ඒ පිළිබඳව ඛණිජ තෙල් සංස්ථාව වෙත දැනුම් දීමට දුරකතන අංක 2 ක් හඳුන්වා දී තිබේ.0115234234 හා 0115455130 යන දුරකතන අංක වෙත ඒ පිළිබඳව දැනුම් දිය හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

FEATURE
on May 2, 2022
314 views 0 secs

විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඉන්ධන බෙදාහැරීම සඳහා, ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තවල සහ ඩිපෝවල මෙහෙයුම් කටයුතු සිදු කරමින් පවතින බව පවසනවා. ඉන්ධන බෙදාහැරීම සඳහා දුම්රිය, කුලී පදනම මත ලබාගත් පෞද්ගලික ඉන්ධන බවුසර සහ රජය සතු බවුසර් යොදාගන්නා බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ. කෙසේ වුවද මෙලෙස ක්‍රියාත්මක ඉන්ධන ප්‍රවාහන කටයුතුවලට බාධා කිරීම් […]

FEATURE
on May 2, 2022
456 views 0 secs

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් අද (02) විපක්ෂ නායක කාර්යාලයේදී පැවති අතර එහිදී එළඹෙන 4 වනදා ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව කතානායකවරයා වෙත භාරදීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා. එමෙන්ම එදිනට තවදුරටත් ආණ්ඩුව රැක ගැනීමට කටයුතු කරන පිරිස් ගැන අනාවරණය කිරීමටද කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ වැඩිදුරටත් සඳහන් කර සිටියා.

FEATURE
on May 2, 2022
317 views 0 secs

මෙතෙක් සතොස වෙත නිකුත් කළ සහල් තොග, ආනයනික සහල් තොග අවසන් වන තෙක් සුපිරි වෙළෙඳසල් ජාල වෙත ද නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව නාඩු 1ක්ග් රුපියල් 145 කටත් සම්බා සහල් 1ක්ග් රුපියල් 175 කටත් යන උපරිම සිල්ලර මිල යටතේ ලබා ගැනීමට හැකියාව ඇති බවයි අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කළේ.

FEATURE
on May 1, 2022
295 views 0 secs

අරලියගහ මන්දිරයේ ප්‍රධාන දොරටුව අභියස තිබූ අට්ටාලය නැවත එම ස්ථානයේ සවි කිරීමට මහජන විරෝධතාකරුවන් පිරිසක් කටයුතු කර තිබෙනවා. අද (01) උදෑසන පොලිස් නිලධාරීන් විසින් මෙම ස්ථානයේ සවිකර තිබු තාවකාලික අට්ටාලය ගලවා දැමීමට කටයුතු කර තිබුණි.

FEATURE
on May 1, 2022
317 views 0 secs

අද (01) එංගලන්තයේ ලන්ඩන් නුවර දැවැන්ත විරෝධතාවක් පැවැත්වෙනවා. ඒ රට තුළ පවතින අර්බුදයට විරෝධය පළ කරමින් හා කොළඹ ගාලුමුවදොර පැවැත්වෙන මහජන විරෝධයට සහාය පළ කරමිනි. ඒ අනුව “ලන්ඩනයට පන්දහසක්” යන තේමාවෙන් පැවැත්වෙන මෙම විරෝධතාව වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු චතුරශ්‍රය ඉදිරිපිට පැවැත්වීමට නියමිතයි. මෙම උද්ඝෝෂණය අද (01) එංගලන්ත වේලාවෙන් සවස 2.00 ට පැවැත්විම නියමිතව ඇති අතර මේ සඳහා […]