Home > Articles posted by Admin (Page 209)
FEATURE
on May 1, 2022
306 views 0 secs

දින පහක් පුරා අරලියගහ මන්දිරයේ ප්‍රධාන දොරටුව අභියස විරෝධතා පැවැත්වූ විරෝධතාකරුවන් හා ඔවුන් රැඳි සිටී අට්ටාල අද (01) අලුයම පහට පමණ පොලිසිය විසින් ඉවත් කර තිබෙනවා. මේ හේතුවෙන් එහිදී උණුසුම් තත්ත්වයක් ද ඇති වී තිබෙන අතර එම ස්ථානයේ සිටි විරෝධතාකරුවන් මේ වන විට ගාලු පාර කොළඹ දෙසට ගමන් කරන මංතීරුවේ බිම වාඩි වී විරෝධතාවයේ යෙදී […]

FEATURE
on Apr 30, 2022
315 views 0 secs

ගෑස් අර්බුදයට විසඳුම් දීම සඳහා පාරිභෝගිකයින්ට අඩු මිලට ගෑස් ලබාදීමට නව සැපැයුම්කරුවෙකු සොයා ගැනීමට ලිට්‍රෝ සමාගම කටයුතු කර තිබෙනවා.ලිට්‍රෝ නව සභාපති අදහස් දක්වමින් පවසා සිටියේ තායිලන්තයේ සියාම් ගෑස් සමාගම මෙම නව සැපැයුම්කරුවා ලෙස තෝරාගෙන ඇති බවයි. ලිට්‍රෝ සභාපතිවරයා පෙන්වා දෙන්නේ සියාම් සමාගම හරහා වත්මන් ගෑස් සැපැයුම්කරුවාට වඩා අමෙරිකානු ඩොලර් මිලියන 09ක් අඩුවෙන් ගෑස් ලබාගැනීමට හැකියාව […]

FEATURE
on Apr 30, 2022
340 views 0 secs

පැරසිටමෝල් ඇතුළු ඖෂධ වර්ග 60ක මිල ඉහළ දමා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.පැරසිටමෝල් මිලිග්‍රෑම් 500 පෙත්ත රුපියල් 2.30 සිට රුපියල් 4.16 දක්වා ඉහළ ගොස් ඇත

FEATURE
on Apr 29, 2022
1550 views 0 secs

මේ වන විට ගැබිණි මව්වරුන්ට සහ ළඳරුවන්ට අතිරේක පෝෂණ ආහාරයක් ලෙස ලබාදෙන ත්‍රිපෝෂ ලබාදීම නතර වී තිබෙනවා.මාස 03ක කාලයක් තිස්සේ ත්‍රීපෝශ නිෂ්පාදනයය අවශ්‍ය කරනු ලබන අමුද්‍රව්‍ය සපයා ගැනීමට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමට නොහැකි වීම නිසා එයට හේතුව බව වාර්තා වෙනවා.

FEATURE
on Apr 29, 2022
313 views 0 secs

හතරවන දිනටත් මයිනාගෝගම නමින් අරලියගහ මන්දිරය ඉදිරිපිට පවත්වාගෙන යන විරෝධතාවය ක්‍රියාත්මක වුණා . පොලීසිය හා විරෝධතා කරුවන් අතර උණුසුම් තත්ත්වයක් හටගත්තා. එයට හේතුව පොලිසිය විසින් සටන් පාඨ පුවරු ඉවත් කිරීමට යෑමයි. එම විරෝධතාවේ සිටි පුද්ගලයෙකුට පොලිසිය විසින් පාර පහර දී ඇති බැවින් එම පුද්ගලයා ගිලන් රථයක් මාර්ගයෙන් රෝහල් ගත කෙරුණා

FEATURE
on Apr 28, 2022
287 views 0 secs

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී කීර්තිරත්න අත්අඩංගුවට ගෙන ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියා. මේ අතර , රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරුන් 03 දෙනෙකු ද කුණ්ඩසාලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

FEATURE
on Apr 28, 2022
357 views 0 secs

රුසියාවේ මොස්කව් නුවර සංචාරයෙන් අනතුරුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටියරෙස් යුක්‍රේනයට පැමිණ තිබේ. රුසියානු සංචාරයේදී තමා යුක්‍රේන අර්බුදය පිළිබඳව ජනාධිපති ව්ලැදිමීර් පූටින් සමග සාකච්ඡා කළ බව, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා පවසයි. ඔහු සිය ට්විටර් ගිණුමේ සටහන් කර ඇත්තේ, මානූෂීය සහයෝගය පුළුල් කිරීම වෙනුවෙන් තමා රුසියානු සංචාරයෙන් පසු යුක්‍රේනයට පැමිණි බවත්, යුක්‍රේනයේ ගැටුම් කලාපවලින් සිවිල් වැසියන් […]

FEATURE
on Apr 28, 2022
380 views 0 secs

අද (28) උදෑසන කළුබෝවිල රෝහලේදී ජනප්‍රිය රංගන ශිල්පිනී අනූෂා සොනාලි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. අභාවප්‍රාප්ත වන විට ඇය වයස අවුරුදු 47 වූ ඈ විසිදැල, ලොකු දුව, මමත් ගැහැනියක්, සුන්දර වරද ආදී නිර්මාණ හරහා රසික හදවත් තුළ ලැඟුම් ගත්තේය. 1995 වසරේදී සිය ප්‍රථම රංගනය වෙනුවෙන් ඇය හොඳම නැගී එන නිළියට හිමි සරසවිය සම්මානය ද දිනාගත්තා ය.

FEATURE
on Apr 27, 2022
306 views 26 secs

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන 12ක (NBFIs) ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම් “ෆිච් රේටින්ග්ස්” විසින් තවත් පහත හෙළා තිබේ. එම මුල්‍ය සහ ලීසිං සමාගම් පහතින් දැක්වේ.Bimputh Finance PLC (Bimputh)CBC Finance LTD (CBCF)Central Finance Company PLC (CF)Fintrex Finance Limited (Fintrex)HNB Finance PLC (HNBF)LB Finance PLC (LB)Mercantile Investments and Finance PLC (MIF)People’s Leasing & Finance PLC (PLC)Sarvodaya […]

FEATURE
on Apr 27, 2022
334 views 0 secs

සිමෙන්ති මිල ඉහළ යාම නිසා ඉදිරි මාස තුනක කාලයක් සඳහා සියලු ඉදිකිරීම් කටයුතු නවතා දමන ලෙස ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනආරච්චි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. නිෂ්පාදන අලෙවි නොවන තත්ත්වයක් ඇතිවූ විට ආනයනකරුවන් මිල පහත දැමීමට අනිවාර්යයෙන් ක්‍රියාකරන බවයි ඔහු පෙන්වා දෙන්නේ. පවතින තත්ත්වය මත ලක්ෂ 100 කට සාදා නිම කිරීමට සැලසුම් කරන නිවසක් […]