168 views 0 secs 0 comments

මහ බැංකු නව උපදේශක කමිටුවක්…

In Local News
August 13, 2022

ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් සමග සිය සබඳතාව පුළුල් කිරීම ප්‍රධාන අරමුණ කර ගනිමින්, මහ බැංකුවේ මෙතෙක් ක්‍රියාත්මක වූ මුදල් ප්‍රතිපත්ති උපදේශන කමිටුව සහ මූල්‍ය පද්ධති ස්ථායිතා උපදේශන කමිටුව ප්‍රතිස්ථාපනය කරමින් පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්ව කමිටුව ස්ථාපිත කර තිබේ.

මෙම කමිටුවේ සභාපතිවරයා ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ, ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා කටයුතු කරන අතර පෞද්ගලික අංශයේ සහ අධ්‍යාපනික ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් 17 දෙනෙකු එහි සෙසු සාමාජිකයින් ලෙස කටයුතු කරන බව මහ බැංකුව සඳහන් කර සිටියා.