විදුලි කප්පාදුව හෙට දිනටත්….
හෙට (12) දිනයේත් විදුලි කප්පාදුවක් සිදුකිරීමට සැලසුම් කර ඇති අතර පහත දක්වා ඇති පරිදි එය සිදු කිරීමට නියමිතයි. ඒ අනුව P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා උදෑසන 10.00 සිට දහවල් 2.00 දක්වා වේලාව තුළ පැයක කාලයක් හා සවස 4.30 සිට රාත්‍රී 9.30 දක්වා වේලාව තුළ පැයයි විනාඩි 15 ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිතයි. මේ අතර A,B,C,D,E,F,G,H,I,J,K,L […]
ජනතාවට සහන සැලසීමට රජය උපරිමයෙන් කටයුතු කරනවා.- බැසිල් රාජපක්ෂ
ලංකා IOC සමාගම බ්‍රහස්පතින්දා (10) මිල වැඩි කිරීමට තීරණය කිරීමෙන් පසු CPC ඉන්ධන මිල ඉහළ යා හැකි බවට ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉඟි කර තිබේ.පළමුව ලෝකය වසංගතයෙන් පීඩාවට පත් වූ බවත්, දැන් යුක්රේනයේ ගැටුම කෙසේ වෙතත්, ජනතාවට සහන සැලසීමට රජය උපරිමයෙන් කටයුතු කරන බවත් ඔහු පැවසීය.“අපි දැනටමත් රු. 5000/- දීමනාවක්, සහ හැකිතාක් වැඩිපුර […]
බහු භාණ්ඩවල මිල ඉහළ දමන ලදී.
රජය විසින් මුදල් ඒකක පාවීමට ඉඩ දීමෙන් පසු සිකුරාදා (10) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවේ බහු භාණ්ඩවල මිල ඉහළ දමන ලදී.වැඩි කළ දේ ලැයිස්තුවක්: ඉන්ධන මිල:ලංකා IOC පෙට්‍රල් සහ ඩීසල් මිල රු. 50/- සහ රු. 75/-, පිළිවෙලින්.ඔක්ටේන් 92 24.5% කින් වාර්තාගත රු. 254/- ක් වූ අතර ඩීසල් 54% කින් ඉහළ ගොස් රු. 214/- පාන් […]
පාන් මිලත් ඉහලට…
පිටි සමාගම්, සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය විසින් තිරිඟු පිටි කිලෝවක මිල ඉහළ දැමීම හේතුවෙන් පාන් ගෙඩියක මිල ඇතුළු සියලුම බේකරි නිෂ්පාදනවල මිල අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට බේකරි හිමියන් තීරණය කර තිබෙනවා. ඒ අනුව පාන් ගෙඩියක මිල රුපියල් 30/- ඉහළ දැමූ අතර ඒ අනුව නව මිල රු. 110/- සහ රු. 130/-කි. අනෙකුත් […]
දකුණු කොරියාවේ මැතිවරණයේ ජය යූන්සුක් යේඕල් හට….
දකුණු කොරියාවේ මැතිවරණයෙන් එරට පාලක පක්ෂය පරාදා කොන්සර්වේටිව් පක්ෂයේ අපේක්ෂක යූන්සුක් යේඕල් 48.6ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින්ජ ය ගෙන තිබෙනවා. පාලක පක්ෂ අපේක්ෂකයා ලබාගෙන ඇත්තේ 47.8ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි. යූන්සුක් යේඕල් ධුරයේ දිවුරුම් දීම ලබන මැයි මාසයේ සිදු කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
හෙට විදුලිය කැපෙන්නේ මෙහෙමයි…
හෙට (11) දිනයේත් උදෑසන 8.00 සිට සවස 6.00 දක්වා A,B,C,D,E,F,G,H,I,J,K,L කලාප සඳහා පැය 2 යි විනාඩි 30 ක විදුලිය කප්පාදුවක් හා සවස 6.00 සිට රාත්‍රී 11.00 දක්වා කාලය තුළ පැය 1 යි විනාඩි 15 ක විදුලිය කප්පාදුවක් සිදු කිරීමට නියමිත බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. එමෙන්ම P,Q,R,S,T,U,V,W යන සෙසු කලාප සඳහා හෙට පස්වරු 5.00 සිට […]
ඉන්ධන ගැටළුව අවසන්ද…?
මේ වන විට රට පුරා පවතින ඉන්ධන සැපයීම සම්බන්ධ ගැටලු මෙම සෙනසුරාදා දිනය වන විට සමනය වී එළැඹෙන සඳුදා සිට යථාතත්වයට පත්වනු ඇති බව අද (10) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය සංවිධානය කළ මාධ්‍ය හමුවකට එක් වෙමින් බලශක්ති අමාත්‍යාංශ ලේකම් කේ. ඩී. ආර්. ඔල්ගා ප්‍රකාශ කර සිටියා. මේ වන විටත් කොළඹ වරායට ඩීසල් නැවක් පැමිණ ඇති […]
