Local News
March 15, 2022
289 views 1 sec 0

දේශීය නිෂ්පාදිත මත්පැන් වල මිල ඉහලට….

වහාම ක්‍රියාත්මක වන පරිදි දේශීය නිෂ්පාදිත සියලුම මත්පැන් වල මිල ඉහළ දමා තිබේ. ඒ අනුව අමතර විශේෂ ලේබලය යටතේ නිකුත් කරන 750ml මත්පැන් බෝතලයක මිල රුපියල් 100 කින් වැඩි වන අතර 375ml රුපියල් 60 සහ 180ml රුපියල් 30කින් වැඩි වී ඇත.

Local News
March 15, 2022
270 views 10 secs 0

විදුලි කප්පාදුව අද දිනටත් ක්‍රියාත්මකයි…

අද (15) දිනයේත් විදුලිය කප්පාදුව සඳහා මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට, අවසර ලබාදී තිබේ.P, Q, R ,S ,T, U, V ,W ඛාණ්ඩයට අයත් ප්‍රදේශවලට පෙරවරු 9 .00 සිට සවස 5 .00දක්වා පැය 2ක කාලයක්ද, සවස 5.00 සිට රාත්‍රි 9.00 අතර කාල සීමාව තුළ පැයක කාලයක්ද විදුලි කප්පාදුව සිදු කරන අතර A, B, C, D, […]

Local News
March 14, 2022
280 views 0 secs 0

ජනපති ජාතිය ඇමතීමට සැරසෙයි…

එළඹෙන බදාදා (16) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය ඇමතීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. රටේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් ඔහු මෙහිදී අදහස් දක්වනු ඇති බවයි වාර්තා වන්නේ.

Local News
March 13, 2022
287 views 1 sec 0

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ…

2021 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත්කර ඇති අතර www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිථල ලබා ගැනීමේ හැකියාව පවතින බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

Local News
March 13, 2022
257 views 0 secs 0

දුම්රිය ගාස්තුත් ඉහල නංවන්නැයි ඉල්ලීමක්….

බස් ගාස්තුවලට සමාන ගාස්තුවකින් දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු ඉහළ නංවන්නැයි යළි ඉල්ලීම් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා ප්‍රකාශ කර සිටියා. ප්‍රවාහන අමාත්‍යාංශයේ උපදෙස් ගනිමින්, අදාළ ඉල්ලීම මුදල් අමාත්‍යාංශයට යොමු කරන බව, ඔහු සඳහන් කළේ ය. මේ අතර, බහාලුම් ප්‍රවාහන සේවා ගාස්තු 60% කින් ඉහළ දමා තිබේ.

Local News
March 13, 2022
326 views 0 secs 0

හෙට සිට බස් ගාස්තුත් ඉහලට….

බස් සංගම් කළ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව හෙට(14) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළ දැමීමට තීරණය කර තිබේ. ගාස්තු සංශෝධනය හෙට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගන්නා බවත්, අවම බස් ගාස්තුව බොහෝ දුරට රුපියල් 19ක් හෝ 20ක් වනු ඇටි බවත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් කර්මාන්ඩර් නිලාන් මිරැන්ඩා මහතා ප්‍රකාශ කලා.

Local News
March 13, 2022
282 views 0 secs 0

සිමෙන්ති මිල ඉහලට….

සිමෙන්ති කිලෝ ග්‍රෑම් 50 කොට්ටයක මිල රුපියල් 350 කින් ඉහළ දමා ඇති අතර ඒ අනුව සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 1850 ක් බව සිමෙන්ති ආනයනකරුවන් සඳහන් කර සිටියා.

Local News
March 13, 2022
339 views 0 secs 0

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද….

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද (13) දිනය තුළ ලබා දීමට බලාපොරොත්තු වන බවත්,ඊට අදාළ කටයුතු මේ වනවිට සම්පාදනය කරමින් සිටින බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරා. මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අපේක්ෂකයින් තුන් ලක්ෂ හතලිස් දහස් පන්සිය අට දෙනෙකු පෙනී සිටියා.