Local News
March 21, 2022
289 views 0 secs 0

මුව ආවරණ මිල ඉහලට..

අද(21) සිට මුව ආවරණ මිල 30% කින් ඉහළ දමන බව සමස්ත ලංකා මුව ආවරණ නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති විදුර අල්ගම මහතා ප්‍රකාශ කර සිටියා.

Local News
March 21, 2022
292 views 0 secs 0

ඉන්ධන පෝලිමක ගැටුමකින් තරුණයෙකුට දිවි අහිමි වෙයි..

නිට්ටඹුව පොලිස් වසමේ හොරගොල්ල ඉන්ධන පිරවුම්හල අසලදී ඉන්ධන ලබාගැනීමට පැමිණි යතුරුපැදිකරුවෙකු හා ත්‍රිරෝද රථ රියදුරෙකු අතර ආරවුලක් හේතුවෙන් 29 හැවරිදි යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර තුවාලකරු වතුපිටිවල රෝහල ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව වාර්තා වේ. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා නිට්ටඹුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන බවයි […]

Local News
March 21, 2022
354 views 0 secs 0

ගෑස් හිඟය රෝහල් වලටත් බලපායි….

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ප්‍රකාශ කර සිටියේ පවතින ගෑස් හිඟය හේතුවෙන් රෝහල්වල ආහාර පිසීමටද බාධා එල්ලවී ඇති අතර, මේ තත්ත්වය මඟ හැරීම සඳහා රෝහල් පද්ධතිය තුළ නිෂ්චිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවන බවයි. රජය මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බව එතුමා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Local News, Politics
March 21, 2022
284 views 0 secs 0

ජනාධිපති ඉල්ලා අස්වෙයිද…?

අද (21) උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තම ධූරයෙන් ඉල්ලා අස්වීමට යන බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පල වෙමින් තිබිණි. කෙසේ වුවද මේ වන විට ජනාධිපති කාර්යාලය ප්‍රතික්ෂේප එම තොරතුරු ප්‍රතික්ෂේප කරන අතර, ජනාධිපතිවරයා අර්බුදයකදී පලා යන පුද්ගලයකු නොවන බවත් පවතින තත්ත්වයට පිළියම් යෙදීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බවත් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ […]

Local News
March 21, 2022
315 views 0 secs 0

දේශීය කිරිපිටි මිල වැඩි කිරීමට මෙතෙක් පියවර ගෙන නැහැ – පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය …

දේශීය කිරිපිටි මිල වැඩි කිරීමට මෙතෙක් පියවර ගෙන නැතැයි පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා සඳහන් කර සිටි අතර, දේශීය කිරිපිටි නිෂ්පාදනය ඉහළ දැමීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අදාළ අංශවලට උපදෙස් දී ඇති බව අමාත්‍යවරයා පැවසුවේ. කෙසේ වුවද දේශීය කිරිපිටි සමාගමක් වන පැල්වත්ත සමාගමේ කිරිපිටි මිල ගණන් ඊයේ(20) සිට ඉහළ නංවා තිබේ.

Local News
March 20, 2022
260 views 0 secs 0

පෝලිමේ සිට තවත් අයෙක් මරුට…

කඩවත ඉන්ධන පිරවුම්හලක පෝලිමේ සිටි 70 හැවිරිදි පුද්ගලයකු අද (20) දහවල් ඇද වැටී මියගොස් තිබේ. ඇද වැටුණු පුද්ගලයා රාගම රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කලා. ඔහු මෙරට ඉන්ධන ලබා ගැනීමට පෝළිමේ සිටියදී ඇදවැටී මියගිය දෙවන පුද්ගලයා වේ.

Local News
March 20, 2022
293 views 0 secs 0

ඉන්දියානු ණයෙන් ලැබෙන පළමු ඉන්ධන තොගය දිවයිනට..

ඩීසල් මෙට්‍රික් ටොන් 35,000 ක් රැගත්, ඉන්දීය ණය ආධාර යටතේ ශ්‍රී ලංකාවට හිමිවන පළමු ඩීසල් නෞකාව අද (20) දිනයේ දිවයිනට පැමිණීමට නියමිතව තිබෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කර සිටියා.

Local News
March 20, 2022
282 views 0 secs 0

100ට නැග්ග කිරි තේ එක…

ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 250 කින් ඉහළ දැමිමට කිරිපිටි ආනයනයකරුවන්ගේ සංගමය ඊයේ (19) පියවර ගැනීමත් සමඟ කිරි තේ එකක මිල රුපියල් 100 ක් දක්වා ඉහළ දැමීමට සිදුවන බව, සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

Local News
March 20, 2022
297 views 0 secs 0

ලාෆ් ගෑස් මිල ඉහලට…

ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දමා ඇති අතර ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක නව මිල රුපියල් 4,199ක් වන අතර කිලෝග්‍රෑම් 05ක නව මිල රුපියල් 1680ක් දක්වා වැඩි කර ඇති බව වාර්තා වේ.

Local News
March 19, 2022
277 views 1 sec 0

ආනයනික කිරිපිටි මිල ඉහලට…

ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 250 කින් ඉහළ දමා තිbea athara ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 790ක් බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ ය.