Local News
March 15, 2022
186 views 10 secs 0

විදුලි කප්පාදුව අද දිනටත් ක්‍රියාත්මකයි…

අද (15) දිනයේත් විදුලිය කප්පාදුව සඳහා මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට, අවසර ලබාදී තිබේ.P, Q, R ,S ,T, U, V ,W ඛාණ්ඩයට අයත් ප්‍රදේශවලට පෙරවරු 9 .00 සිට සවස 5 .00දක්වා පැය 2ක කාලයක්ද, සවස 5.00 සිට රාත්‍රි 9.00 අතර කාල සීමාව තුළ පැයක කාලයක්ද විදුලි කප්පාදුව සිදු කරන අතර A, B, C, D, […]

Local News
March 14, 2022
189 views 0 secs 0

ජනපති ජාතිය ඇමතීමට සැරසෙයි…

එළඹෙන බදාදා (16) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය ඇමතීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. රටේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් ඔහු මෙහිදී අදහස් දක්වනු ඇති බවයි වාර්තා වන්නේ.

Local News
March 13, 2022
194 views 1 sec 0

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ…

2021 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත්කර ඇති අතර www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිථල ලබා ගැනීමේ හැකියාව පවතින බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

Local News
March 13, 2022
172 views 0 secs 0

දුම්රිය ගාස්තුත් ඉහල නංවන්නැයි ඉල්ලීමක්….

බස් ගාස්තුවලට සමාන ගාස්තුවකින් දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු ඉහළ නංවන්නැයි යළි ඉල්ලීම් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා ප්‍රකාශ කර සිටියා. ප්‍රවාහන අමාත්‍යාංශයේ උපදෙස් ගනිමින්, අදාළ ඉල්ලීම මුදල් අමාත්‍යාංශයට යොමු කරන බව, ඔහු සඳහන් කළේ ය. මේ අතර, බහාලුම් ප්‍රවාහන සේවා ගාස්තු 60% කින් ඉහළ දමා තිබේ.

Local News
March 13, 2022
240 views 0 secs 0

හෙට සිට බස් ගාස්තුත් ඉහලට….

බස් සංගම් කළ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව හෙට(14) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළ දැමීමට තීරණය කර තිබේ. ගාස්තු සංශෝධනය හෙට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගන්නා බවත්, අවම බස් ගාස්තුව බොහෝ දුරට රුපියල් 19ක් හෝ 20ක් වනු ඇටි බවත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් කර්මාන්ඩර් නිලාන් මිරැන්ඩා මහතා ප්‍රකාශ කලා.

Local News
March 13, 2022
195 views 0 secs 0

සිමෙන්ති මිල ඉහලට….

සිමෙන්ති කිලෝ ග්‍රෑම් 50 කොට්ටයක මිල රුපියල් 350 කින් ඉහළ දමා ඇති අතර ඒ අනුව සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 1850 ක් බව සිමෙන්ති ආනයනකරුවන් සඳහන් කර සිටියා.

Local News
March 13, 2022
248 views 0 secs 0

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද….

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද (13) දිනය තුළ ලබා දීමට බලාපොරොත්තු වන බවත්,ඊට අදාළ කටයුතු මේ වනවිට සම්පාදනය කරමින් සිටින බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරා. මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අපේක්ෂකයින් තුන් ලක්ෂ හතලිස් දහස් පන්සිය අට දෙනෙකු පෙනී සිටියා.

Local News
March 12, 2022
181 views 0 secs 0

අපරික්ෂාකාරී රිය පැදවීම නිසා ජීවිත අටක් අහිමි විය.

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.බ්ලූමැන්ඩල්, මීගොඩ, බියගම, පොල්පිතිගම, කුරුවිට, මැල්සිරිපුර, කුඹුක්ගැටේ සහ නෙළුක්කුලම යන පොලිස් බල ප්‍රදේශවල මෙම අනතුරු සිදුව ඇති අතර, පුද්ගලයන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇත.බොහෝ අනතුරුවලට හේතුව අපරික්ෂාකාරී රිය පැදවීම බව පොලිසිය ප්‍රකාශ කළේය.

Local News
March 12, 2022
166 views 0 secs 0

සාම්පූර්හි සූර්ය බලාගාරයට ගිවිසුම් අත්සන් කරයි…

ඉන්දියාවේ ණ්ඨ්ඵ්C ලිමිටඩ් සහ ලංකා විදුලිබල මණ්ඩලය අතර ගිවිසුම් අත්සන් තබා තිබේ. ඒ සාම්පූර්හි සූර්ය බලාගාරයක් ඒකාබද්ධව සංවර්ධනය කිරීම සඳහායි..බැසිල් රාජපක්ෂ මහතා සහ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය යන අමාත්‍යවරුන් ඒ සඳහා සහභාගී වූ අතර එය අන්‍යෝන්‍ය සෞභාග්‍යය වෙනුවෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගීතාවයේ ශක්තිය පිළිබඳ සාක්ෂියක් වනු ඇති.