Local News
March 10, 2022
326 views 10 secs 0

හෙට විදුලිය කැපෙන්නේ මෙහෙමයි…

හෙට (11) දිනයේත් උදෑසන 8.00 සිට සවස 6.00 දක්වා A,B,C,D,E,F,G,H,I,J,K,L කලාප සඳහා පැය 2 යි විනාඩි 30 ක විදුලිය කප්පාදුවක් හා සවස 6.00 සිට රාත්‍රී 11.00 දක්වා කාලය තුළ පැය 1 යි විනාඩි 15 ක විදුලිය කප්පාදුවක් සිදු කිරීමට නියමිත බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. එමෙන්ම P,Q,R,S,T,U,V,W යන සෙසු කලාප සඳහා හෙට පස්වරු 5.00 සිට […]

Local News
March 10, 2022
316 views 0 secs 0

ඉන්ධන ගැටළුව අවසන්ද…?

මේ වන විට රට පුරා පවතින ඉන්ධන සැපයීම සම්බන්ධ ගැටලු මෙම සෙනසුරාදා දිනය වන විට සමනය වී එළැඹෙන සඳුදා සිට යථාතත්වයට පත්වනු ඇති බව අද (10) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය සංවිධානය කළ මාධ්‍ය හමුවකට එක් වෙමින් බලශක්ති අමාත්‍යාංශ ලේකම් කේ. ඩී. ආර්. ඔල්ගා ප්‍රකාශ කර සිටියා. මේ වන විටත් කොළඹ වරායට ඩීසල් නැවක් පැමිණ ඇති […]

Local News, Politics
March 10, 2022
348 views 0 secs 0

මුදල් ඇමතිට පාර්ලිමේන්තුවේ දී චෝදනා

මෙවැනි ආර්ථික අර්බුදයට රට පත්ව ඇති අවස්ථාවක මාස තුනකින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ රටේ මූල්‍ය තත්ත්ය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කර නොමැති බව අද (10) පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල චෝදනා කළා. ඔහු සඳහන් කරන්නේ මුදල් අමාත්‍යවරයා අවසන් වරට පාර්ලිමේන්තුවේ කතාවක් සිදු කළේ පසුගිය වසරේ දෙසැම්බර් 10 වනදා බවයි.මෙයට පිළිතුරු ලබාදුන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක […]

Health, Local News
March 10, 2022
409 views 0 secs 0

ඉදිරියේදී ඖෂධ මිල සංශෝධනය වන ලකුණු

ශ්‍රී ලංකා රුපියලේ අගය පහත වැටීමට සමගාමීව ඖෂධ මිල සංශෝධනය කිරීමට නිෂ්පාදන, සැපයුම් සහ ඖෂධ නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා යෝජනා කර තිබේ.ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගනිමින් සිටින බව මහාචාර්ය ජයසුමන මහතා පැවසීය.රට තුළ ඖෂධ හිඟයක් ඇති නොවීමට ද කටයුතු කරමින් සිටින බව ඔහු වැඩිදුරටත් පැවසීය.

Local News
March 10, 2022
323 views 0 secs 0

ඩොලරයක විකුණුම් මිල රුපියල් 260 ලෙස ඉහළට

අමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 260 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.ඒ අනුව මෙරට ප්‍රධානතම වාණිජ බැංකු කිහිපයක් ඩොලරයක විකුණුම් මිල රුපියල් 260ක් දක්වා ඉහළගොස් ඇති බවට සිය වෙබ් අඩවිවල දක්වා තිබුණා.පසුගියදා මහ බැංකුව ඩොලරයට සාපේක්ෂව රුපියල වැඩි අගයකින් පා කිරීමට ශ්‍රී ලංකා මහබැංකුව තීරණය කළ අතර මහ බැංකුව සඳහන් කළේ එය 230 අගය […]

Local News
March 10, 2022
336 views 0 secs 0

දිනකට ඩීසල් මෙට්‍රික් ටොන් 9,000ක් බෙදා හැරීමට බලශක්ති අමාත්‍යාංශය තීරණය කරයි.

ශ්‍රී ලංකා බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ, ශ්‍රී ලංකා වෙරළට ළඟා වූ ටැංකියකින් ඩීසල් ගොඩබෑම බ්‍රහස්පතින්දා (10) ආරම්භ වූ බව ය.එම නෞකාවේ ඩීසල් මෙට්‍රික් ටොන් 38,000ක තොගයක් තිබී ඇති බවයි අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.ආර් ඔල්ගා ප්‍රකාශ කළේ.ඩීසල් වෙළෙඳපොළට බෙදා හැරීම කඩිනම් කරන බවත්, ඩීසල් සඳහා පවතින ඉහළ ඉල්ලුම සැලකිල්ලට ගනිමින් දෛනිකව වෙළෙඳපොළට නිකුත් කෙරෙන ඩීසල් පරිමාව මෙට්‍රික් ටොන් […]

Local News
March 09, 2022
369 views 0 secs 0

පුද්ගලික දත්ත සුරැකීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත විය.

අද (9) දින පුද්ගලික දත්ත සුරැකීමේ පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත විය.පුද්ගලික දත්ත සුරැකීමේ පනත් කෙටුම්පත ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.එය දෙවන වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ පනතට විපක්ෂය විරුද්ධ බවයි.

Local News
March 09, 2022
326 views 0 secs 0

විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක්…

තාප විදුලි බලාගාර රැසක ඉන්ධන අවසන් වෙමින් පවතින හෙයින් විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස විදුලි බල මණ්ඩල මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමුණි මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිඅය. ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 149ක් එක් කරන කැලණිතිස්ස බලාගාරයේ ඩීසල් සීඝ්‍රයෙන් පහළ යමින් ඇතැයි ඔහු ප්‍රකාශ කළේ ය. එමෙන්ම කොළොන්නාව , මතුගම සහ තුල්හිරිය ඇතුළු විදුලි බලාගාර රැසකට මෙතෙක් […]

Local News
March 09, 2022
345 views 0 secs 0

බස් රථ වලර GPS සවි කිරීමට තීරණයක්….

මාර්ග නීති උල්ලංඝණය කරන බස් රථ හඳුනාගැනීමේ අරමුණින් කොළඹ සිට කතරගම දක්වා ධාවනය කෙරෙන සියලුම අන්තර් පළාත් ලංගම හා පෞද්ගලික බස් රථ වලට GPS යන්ත්‍ර සවි කිරීමට තීරණය කර ඇති බව ජාතික ප්‍රවාහන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කර සිටියා.

Local News
March 09, 2022
322 views 0 secs 0

ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමට නව සභාපතිවරයෙක්…

ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ (CPSTL) නව සභාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් (විශ්‍රාමික) එම්.ආර්.ඩබ්ලිව්. ද සොයිසා මහතා පත් කර තිබේ.