Local News
February 23, 2022
323 views 0 secs 0

ඉන්ධන සැඟවන අයට වැඩ වරදී…

ඉන්ධන සඟවා තබාගෙන අළෙවි නොකර සිටින ඉන්ධන හල් සෙවීම සඳහා පරීක්ෂණ කණ්ඩායම් කිහිපයක් යොදවා ඇතැයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. මෙලෙස ඉන්ධන තොග තබාගෙන පාරිභෝගිකයාට නිකුත් නොකරන ඉන්දන අළෙවිසැල් සම්බන්ධයෙන් ඉදිරියේදි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණයක් ගන්නා බව එහි සභාපති නීතීඥ සුමිත් විජේසිංහ මහතා සඳහන් කළා..

Local News
February 22, 2022
360 views 0 secs 0

ඉන්ධන මිලෙහි යම් වෙනසක් සිදු විය හැකියි – අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ….

අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සඳහන් කර සිටියේ ඉන්ධන මිලේ යම් වෙනසක් සිදුවිය හැකි බවයි. යුක්‍රේනය හා රුසියාව අතර ඇති වී තිබෙන යුද තත්ත්වය හා සමගාමීව ලෝක වෙළෙඳපොළෙත් විශාල වශයෙන් තෙල් මිල ඉහළ යෑමක් සිදුව ඇති බවත් එතුමා එහිදී සඳහන් කල අතර ඉන්ධන මිලේ යම් වෙනසක් සිදුවිය හැකි […]

Local News
February 21, 2022
332 views 0 secs 0

හෙට විදුලි කප්පාදුව ගැන දැනුම් දීමක්…

හෙට (22) දිවයින පුරා පැය දෙකක විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිසමේ අවසර ලබා දී තිබෙනවා. ඒ බලාගාර කිහිපයක ඉන්ධන නොමැතිවීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය සිදුකළ ඉල්ලීමක් අනුවයි. මේ අනුව හෙට (22) ඇ,ඹ් සහ C යන ඛාණ්ඩ යටතේ සවස 4.30 සිට රාත්‍රී 10.30 දක්වා පැය දෙකක විදුලි කප්පාදුවක් ද අනෙක් කාණ්ඩ සඳහා පැය 3ක […]

Local News
February 21, 2022
312 views 0 secs 0

ඩෙංගු රෝගීන් සංඛ්‍යාවේ ඉහළ යෑමක් පවතී.

මේ වසරේ මේ දක්වා පමණක් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 9809 දක්වා ඉහළ ගොස් තිබේ.ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ අනෝජා වීරසිංහ මහත්මිය පැවසුවේ අපද්‍රව්‍යවලින් සියයට 40ත් 45ත් අතර ප්‍රමාණයක් ඩෙංගු ව්‍යාප්තියට දායක වන බවයි.ඉදිකිරීම් ස්ථාන, පාසල් සහ ව්‍යාපාරික ස්ථාන ඩෙංගු ව්‍යාප්ත වීමේ වැඩි අවදානම් ස්ථාන ලෙස සලකන බවද ඇය පැවසුවාය.

Local News
February 18, 2022
357 views 0 secs 0

විදුලි කප්පාදුවට අවසර ලැබේ.

ශ්‍රී ලංකාවේ විදුලි කප්පාදුවක් පැනවීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවසර ලබා දී ඇත.ඒ අනුව වෙනම කණ්ඩායම් 4ක් යටතේ පස්වරු 2.30 සිට පස්වරු 6.30 දක්වා පැයක විදුලි කප්පාදුවක් සිදුකෙරේ.ඊට අමතරව පස්වරු 6.30 සිට රාත්‍රී 10.30 දක්වා විනාඩි 45ක විදුලි කප්පාදුවක් ද සිදුකෙරේ.

Local News
February 18, 2022
352 views 3 secs 0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලබමින් වෙළෙඳපොළේ ඉන්ධන අලෙවි කරයි. – බලශක්ති අමාත්‍ය

ඉන්ධන සඳහා පනවා ඇති සියලුම බදු ඉවත් කිරීමට හෝ ඉන්ධන ක්‍රියාවලිය වැඩි කිරීමට මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළ බව ශ්‍රී ලංකා බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සිකුරාදා (18) නිවේදනය කළේය.අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සිදුව ඇති පාඩුව සම්බන්ධයෙන් කරුණු දක්වමින් කොළඹදී මාධ්‍යවේදීන් අමතමින්.ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලබමින් වෙළෙඳපොළේ ඉන්ධන අලෙවි […]

Local News
February 18, 2022
343 views 0 secs 0

අද පැය 36ක කාලයක් ජල සැපයුම අත්හිටුවයි.

ප්‍රධාන නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් සිකුරාදා (18) පෙරවරු 10 සිට කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 36ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කළේය.කොළඹ 1, 7, 9, 10 සහ 12 බලපානු ඇති අතර කොළඹ 8 සහ 11 ප්‍රදේශවලට අඩු පීඩන සැපයුමක් ඇති වේ.

Local News
February 18, 2022
331 views 0 secs 0

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර නිදහස් කෙරේ.

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර පාස්කු ප්‍රහාරයේ සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් නියෝග කර තිබෙනවා.

Local News
February 17, 2022
366 views 0 secs 0

ගරු ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා ප්‍රකාශයක් ලබාදීමට CIDයට

කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය අධ්‍යක්ෂ ගරු ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් 2021 දෙසැම්බර් මාසයේදී ගොනු කළ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සිටියේය. “පසුගිය වසරේ (2021) දෙසැම්බර් මාසයේදී ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා පාස්කු ප්‍රහාරයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සෘජුවම වගකිව යුතු බවත් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු […]

Local News
February 17, 2022
337 views 0 secs 0

මන්නා රොෂාන්ගේ සමීපතමයෙකු අත්අඩංගුවට

අපරාධකරුවෙකු වන මන්නා රොෂාන්ගේ සමීපතමයෙකු අවිස්සාවේල්ල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් බ්‍රහස්පතින්දා (17) අත්අඩංගුවට ගෙන ඇත.සැකකරු සිටින ස්ථානය පිළිබඳව විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයට දැනුම් දීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. 32 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කැලණි ගඟ ආශ්‍රිතව නීති විරෝධී ලෙස පතල් කැණීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාව මතයි.පොලිස් විශේෂ කාර්ය […]