Local News
January 31, 2022
326 views 0 secs 0

සතොසෙන් පොල් රුපියල් 75ට

මේ වර්ෂය පුරා විශාල ප්‍රමාණයෙ පොල් ගෙඩි සතොස හරහා රුපියල් 75 කට අලෙවි කිරීමට කටයුතු කරන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. වරකට පොල් ගෙඩි 5 ක් පාරිභෝගිකයෙකුට මිලදීගත හැකි බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

Local News
January 27, 2022
327 views 0 secs 0

පානදුරේදී ගිලන් රථයකට වෙඩි තැබිමට උත්සහයක්

පුද්ගලයෙකු පානදුරේ ප්‍රදේශයේදී ගිලන් රථයකට වෙඩි තැබීමට උත්සාහ දරා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා. ඔහු සඳහන් කළේ, පානදුර ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට අයත් අදාළ ගිලන් රථයේ රියදුරාට මෙලෙස වෙඩි තැබීමට උත්සහ කර ඇති බවයි.

Local News
January 27, 2022
305 views 0 secs 0

OMICRON ප්‍රභේදයට මුහුණ දීමට මෙරට රෝහල් සූදානම් – කෙහෙළිය රඹුක්වැල්ල.

OMICRON ප්‍රභේදයේ ව්‍යාප්තියට මුහුණ දීමට මෙරට රෝහල් පද්ධතිය සූදානම් බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අවධාරණය කරයි.අමාත්‍යවරයා පෙන්වා දුන්නේ පසුගිය කොවිඩ් 19 තරංග කිහිපය තුළ මුළු රටම එකම රසායනාගාරයක් පමණක් පැවතීම සහ ඔක්සිජන් හිඟය වැනි යම් යම් අඩුපාඩුකම් පැවතියද මෙවර එම ගැටළු නිරාකරණය වනු ඇති බවයි.නුදුරු අනාගතයේ දී ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යා හැකි නම් නිවෙස්වලින් […]

Local News
January 27, 2022
301 views 0 secs 0

දුම්රිය ස්ථානාධිපතිවරු නැවතත් වර්ජනයක් සදහා සුදානම් වේ.

දුම්රිය දෙපාර්තමේන්තුව කණිෂ්ඨ කාර්යය මණ්ඩලය බඳවා ගැනීමට මෙතෙක් කටයුතු නොකිරීමට විරෝධය පළ කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සූදානමින් සිටින බව එහි සභාපති සුමේධ සෝමරත්න පවසනවා. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ සිය ඉල්ලීම් නැවතත් බලධාරීන් වෙත ලිඛිතව ඉදිරිපත් කරන බවත් ඊට විසඳුම් නොලැබුනහොත් වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවයි

Local News
January 27, 2022
342 views 0 secs 0

කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළට

රෝහල්ගත වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යමින් ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.සංගමයේ සභාපති උපුල් රෝහණ පෙන්වා දෙන්නේ රෝහල් ධාරිතාවයද ඉක්මවා යමින් පවතින බවයි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවන්නේ රෝගීන් සංඛ්‍යාව අසීමිතව ඉහළ ගියහොත් මරණ සංඛ්‍යාවද ඉහළ යා හැකි බවයි.

Local News
January 26, 2022
304 views 0 secs 0

අනුර කුමාර අද දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය වෙත

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක බදාදා (26) වත්මන් ජනාධිපතිවරයා විසින් පත් කරන ලද දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය වෙත කැඳවා තිබුණි.යහපාලන රජය හෝ යහපාලන රජය සමයේ ක්‍රියාත්මක වූ දූෂණ මර්දන කමිටුව සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කෙරිණි.දිසානායක පැය දෙකකට ආසන්න කාලයක් පොලිස් ඒකකයට ප්‍රකාශයක් ලබා දුන්නේය. “මෙම සිදුවීම් විමර්ශනය කිරීම සඳහා […]

Local News
January 26, 2022
303 views 0 secs 0

පාපැදි ධාවනය ප්‍රවර්ධනය කිරීමට සැලසුම්

කොළඹ මාර්ග තදබදය අවම කර ගැනීමටත් ඉන්ධන සඳහා වන මුදල් යම් ප්‍රමාණයකට ඉතිරි කර ගැනීමටත් ශ්‍රී ලංකාව පාපැදි ධාවනය ප්‍රවර්ධනය කිරීමට සැලසුම් කරයි. වායු දූෂණය සහ තවත් බොහෝ කරුණු අවම කිරීම සඳහා පාපැදි භාවිතය ප්‍රවර්ධනය කිරීමට පියවර ගැනීමට තම අමාත්‍යාංශය සූදානම් වන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.මාර්ග සංවර්ධනය කිරීමේදී පාපැදිකරුවන් සඳහා සෑම මාර්ගයකම […]

Local News
January 26, 2022
290 views 0 secs 0

අඩක් භාවිතා කළ හා සැක සහිත ගෑස් නැවත සමාගම්වලට භාර ගැනේ

සැක සහිත හා අඩක් භාවිත කළ ගෘහස්ත ගෑස් සිලින්ඩර එම සමාගම්වලට ආපසු භාර දීමේ හැකියාව ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය නිවේදනය කරනවා.නිවේදනය පහතින්,

Local News, Politics
January 26, 2022
317 views 0 secs 0

වෙළඳ අමාත්‍ය හා පාකිස්තාන අගමැති සමග හමුවක

වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පාකිස්තානයේ සංචාරයක නිරත වන අතර එරට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා හමුවී තිබෙනවා.පකිස්තාන අග්‍රාමාත්‍යවරයා මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකා පකිස්තාන වෙළඳ ගිවිසුමෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට නිරන්තර සාකච්ඡා පැවැත්වීමත් අදහස් හුවමාරු කර ගැනීමත් අවශ්‍ය බව සඳහන් කර තිබෙනවා.

Local News
January 26, 2022
308 views 0 secs 0

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු තවදුරටත් ප්‍රමාද වෙයි…

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු හෙට (27) දිනයේ සිට යළි ආරම්භ කිරීමට කලින් තීරණය කර තිබුණද, ජනවාරි මස 30 වනදින දක්වා එම කටයුතු ප්‍රමාද වන බව බලශක්ති අමාත්‍යංශ ලේකම් කේ. ඩී. ආර් වොල්ගා මහත්මිය පැවසුවේ ය. කෙසේවෙතත් බොරතෙල් සහිත නෞකාව දිවයිනට ළඟා වීම ප්‍රමාද වීම හේතුවෙන් අදාළ ප්‍රමාදය සිදුව ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකාවට […]