Local News, Sports
February 17, 2022
348 views 0 secs 0

අදට වසර 40 ක් සපිරෙන ශ්‍රී ලංකා ටෙස්ට් වංශ කතාව…

ශ්‍රී ලංකාව සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කලේ 1982 පෙබරවාරි 17 වනදායි. ඒ එංගලන්ත කණ්ඩායමට එරෙහිව කොළඹ පී සරවණමුත්තු ක්‍රීඩාංගණයේදීයි. එම මංගල ටෙස්ට් තරගයේදි ශ්‍රී ලංකා පිලට නායකත්වය ලබාදුන්නේ අභාවප්‍රාප්ත බන්දුල වර්ණපුරයි. මෙම තරගයේදී රංජන් මඩුගල්ලේ, අර්ජුණ රණතුංග සහ රෝයි ඩයස් ශ්‍රී ලංකාව වෙනුවෙන් අර්ධ ශතක වාර්තා කල අතර මෙම ටෙස්ට් තරගය කඩුලු 7 කින් […]

Local News
February 15, 2022
331 views 0 secs 0

අද සිට විදුලි කප්පාදුවක්

අද (15)සිට ජලාශවල ඇති ජලය කළමණාකරණය කර ගැනීම සහ ඉන්ධන අර්බුදය හේතුවෙන් දෛනික විදුලි කප්පාදුවක් සිදු විය හැකි බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. ඒ අනුව ඊට ආදාළ ක්‍රමවේදය සහ විදුලි කප්පාදු කිරීමේ කාලසටහන අද පස්වරුවේ දැනුම් දෙන බවයි මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.

Local News
February 15, 2022
321 views 0 secs 0

සෞඛ්‍ය වැඩ වර්ජනය පිළිබඳ අවසන් තීරණය අද

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සෞඛ්‍ය වෘත්තීයවේදින් ආරම්භ කළ වැඩ වර්ජනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බව එහි කැඳවුම්කරු වන රවී කුමුදේශ් පවසනවා.සෞඛ්‍ය වෘත්තීයවේදින් ආරම්භ කළ වැඩ වර්ජනය මේ වන විට දින 10 කට ආසන්න වී තිබෙනවා.

Local News
February 14, 2022
312 views 0 secs 0

CID අත්අඩංගුවට පත් ෂෙහාන් මාලක….

සිවිල් ක්‍රියාකාරිකයෙකු වන ⁣ෂෙහාන් මාලක ගමගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධව ඔහු සිදු කල ප්‍රකාශයකට අදාලවයි නීතිපතිවරයාගේ උපදෙස් මතයි..

Local News
February 14, 2022
300 views 0 secs 0

අද අලුයම චමුදිත සමරවික්‍රමගේ නිවසට ප්‍රහාරයක්

ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ පිළියන්දල පිහිටි නිවසට නාඳුනන පුද්ගලයින් සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද අලුයම ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.ඇසින් දුටු සාක්ෂිකරුවන්ට අනුව මෙම පිරිස මුහුණු ආවරණ පැළඳ සුදු පැහැති වෑන් රථයකින් පැමිණ ඇත.ප්‍රහාරකයන් මාධ්‍යවේදියාගේ නිවාස සංකීර්ණයට ඇතුළු වී ඇත්තේ ගේට්ටුවේ සිටි ආරක්ෂක නිලධාරියාට තර්ජනය කිරීමෙන් පසුව බව වාර්තා වේ.සිද්ධියෙන් පසු චමුදිත සමරවික්‍රම හෙළි කළේ […]

Local News
February 14, 2022
330 views 0 secs 0

සමෘද්ධි ප්‍රතිලාභීන් සඳහා වැඩි කළ දීමනාව අද සිට

අද (14) සිට සමෘද්ධි ප්‍රතිලාභීන් සඳහා වැඩි කළ දීමනාව සමෘද්ධි ප්‍රජාමූල බැංකුව හරහා ලබා ගැනීමේ හැකියාව ඇති බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා. රජය , කොවිඩ් වසංගත තත්ත්වය සමඟ ඇති වූ බලපෑම සැලකිල්ලට ගනිමින් අයවැය මඟින් සියලු සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ දීමනා සියයට 28කින් වැඩි කිරීමට තීරණය කළා.

Local News
February 07, 2022
317 views 0 secs 0

IOC ඉන්ධන මිල ඉහළට

ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ලංකා IOC සමාගම සිය ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබෙනවා.ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 7 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 184 ක්. ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 3 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 124 ක් ලෙසයි.

Local News
February 07, 2022
304 views 0 secs 0

ජී.එල්. පීරිස් ඉන්දියාවට

විදේශ කටයුතු අමාත්‍ මහාචාර්ය ජී.එල්. පීරිස් නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය අතර ඊයේ (06) පස්වරුවේ ඉන්දියාවට ළඟාවී තිබෙනවා. විදේශ අමාත්‍යවරයාව එරට ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ විසින් පිළිගෙන තිබෙනවා. මෙහිදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්විපාර්ශවීය මිත්‍ර සබඳතා සහ විදේශ සබඳතා පුළුල් කරගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.

Local News
February 05, 2022
325 views 0 secs 0

පූර්ණ එන්නත්කරණයට ලක්නොවූවන්‍ට පොදු ප්‍රවාහනය, පොදු ස්ථානවලට යෑම තහනම්…

පූර්ණ එන්නත්කරණයට ලක්නොවූ පුද්ගලයින්‍ට පොදු ප්‍රවාහනය සහ පොදු ස්ථානවලට ඇතුළුවීම වළක්වාලමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් මෙය ලබන අප්‍රේල් මස 30වන දින සිට බලපැවැත්වෙන පරිදි නිකුත් කර ඇති බව සඳහන්ය.

Local News
February 03, 2022
320 views 0 secs 0

අද සිට ක්‍රියාත්මක වන “අයවැයෙන් වැඩ ලක්ෂයක්”

“අයවැයෙන් වැඩ ලක්ෂයක්” ග්‍රාමීය සංවර්ධන වැඩසටහන අද (03) සිට ආරම්භ වනවා. ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බළකාය විසින් එම වැඩසටහන දිවයින පුරා දියත් කිරීමට සැලසුම් කර ඇති අතර එහි සමාරම්භක උළෙල අද උදෑසන 8.52 ට දිවයින පුරා ගම් ආවරණය කරමින් පැවතුණා. “ගම සමග පිළිසඳරක් – අයවැයෙන් වැඩ ලක්ෂයක්” ව්‍යාපෘතිය ශ්‍රී […]