Local News, Politics
February 01, 2022
237 views 0 secs 0

ලිත් නඩුවෙන් බැසිල් රාජපක්ෂ නිදහස්

කොළඹ මහාධිකරණය විසින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවකව ලිත් නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කර තිබෙනවා. මොවුන්ට චෝදනා එල්ලවී තිබුණේ 2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ඡන්ද දායකයින් පෙළඹවීමේ අරමුණින් දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් මුදල් වැයකර එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂගේ රුව සහිත ලිත් ලක්ෂ 50 ක් […]

Local News
February 01, 2022
208 views 0 secs 0

රේගුවේ සිර වී ඇති අත්‍යාවශ්‍ය භාණ්ඩ සහිත බහලුම් නිදහස් කර ගැනීම පිළිබඳ සාකච්ඡාවක්

අද (01) දිනයේ මහ බැංකු අධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. එම සාකච්ඡාව රේගුවේ සිර වී ඇති අත්‍යාවශ්‍ය භාණ්ඩ සහිත බහලුම් නිදහස් කර ගැනීම සම්බන්ධයෙනුයි. මහ බැංකු අධිපතිවරයා සමඟ අදාළ බහලුම් නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය ඩොලර් සංචිත ලබාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Local News
February 01, 2022
195 views 0 secs 0

මහ බැංකුව ජනවාරි මස උද්ධමනය නිවේදනය කරයි.

මහ බැංකුව විසින් මේ වසරේ ජනවාරි මාසයේ උද්ධමනය නිවේදනය කර තිබෙනවා. ජනවාරි මාසයේදී මතුපිට උද්ධමනය සියයට 14.2 ක් වන අතර දෙසැම්බර් මාසයේ එය වාර්තා වී තිබුනේ සියයට 12.1 ක් ලෙසයි.ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ මෙය පෙර මාසයට සාපේක්ෂව සියයට 2.1 ක ඉහළ යෑමක් බවයි.මෙම තත්ත්වයට හේතුවී ඇත්තේ ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම මිල […]

Local News
February 01, 2022
199 views 0 secs 0

උසස් පෙළට අදාළ උපකාරක පන්ති අද සිට තහනම්….

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, විෂයානුබද්ධ දේශන සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම යනාදිය අද (01) මධ්‍යම රාත්‍රී 12 සිට විභාගය අවසන් වන තෙක් තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. 2021-2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන 07 වන දින සිට මාර්තු මස 05 වන දින දක්වා පැවැත්වීමට නියමිත අතර […]

Local News
January 31, 2022
334 views 0 secs 0

ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතාටත් කොව්ඩ්…

ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතාට කොවිඩ් 19 ආසාදනය වී ඇති අතර සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසා ඇත්තේ මේ වනවිට තමන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවය.

Local News
January 31, 2022
195 views 0 secs 0

නැවත දැනුම් දෙන තුරු විදුලි කප්පාදුව සිදුවන්නේ නැහැ – මහජන උපයෝගීතා කොමිසම

විදුලි කප්පාදුවක් නැවත දැනුම්දෙන තුරු සිදුනොකරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා.

Local News
January 31, 2022
182 views 0 secs 0

බොරැල්ල ප්‍රදේශයේ නාඳුනන මළ සිරුරක් සොයාගැනේ.

බොරැල්ල ප්‍රදේශයේ ඇළක තිබී අද මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.මිය ගිය පුද්ගලයා නාඳුනන පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කළේය.බොරැල්ල ඩ්‍රයිව් වැව අයිනේ ඇළක තිබී මෙම මළ සිරුර හමුවී ඇති බවයි ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ.සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Local News, Politics
January 31, 2022
186 views 0 secs 0

ජවිපෙ නායකයාට සිදු වු බිත්තර ප්‍රහාරය පිළිබඳ ඇමති ප්‍රසන්නගෙන් ප්‍රකාශයක්

ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ වාහනයට බිත්තර දැමීමේ සිද්ධියට තමා සම්බන්ධ බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.ඊයේ (30) පැවති ජාතික ජන බලවේගයේ (NPP) ගම්පහ දිස්ත්‍රික් සමුළුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී දිසානායක මහතාගේ වාහනයට බිත්තර ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා විය.සිද්ධියට තමා සම්බන්ධ කරමින් සමාජ […]

Local News
January 31, 2022
206 views 0 secs 0

සතොසෙන් පොල් රුපියල් 75ට

මේ වර්ෂය පුරා විශාල ප්‍රමාණයෙ පොල් ගෙඩි සතොස හරහා රුපියල් 75 කට අලෙවි කිරීමට කටයුතු කරන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. වරකට පොල් ගෙඩි 5 ක් පාරිභෝගිකයෙකුට මිලදීගත හැකි බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

Local News
January 27, 2022
208 views 0 secs 0

පානදුරේදී ගිලන් රථයකට වෙඩි තැබිමට උත්සහයක්

පුද්ගලයෙකු පානදුරේ ප්‍රදේශයේදී ගිලන් රථයකට වෙඩි තැබීමට උත්සාහ දරා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා. ඔහු සඳහන් කළේ, පානදුර ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට අයත් අදාළ ගිලන් රථයේ රියදුරාට මෙලෙස වෙඩි තැබීමට උත්සහ කර ඇති බවයි.