Local News
January 25, 2022
402 views 0 secs 0

අග්‍රාමාත්‍යතුමා රෝහල්ගත කෙරේ…

පෙර සැලසුම් කළ සැත්කමක් වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (24) දින කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරනු ලැබුවා. මෙහිදී මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගේ මුඛයේ සුළු සැත්කමක් සිදුකළ බවත් එම සැත්කම සඳහා අගමැතිවරයාගේ පෞද්ගලික වෛද්‍යවරයෙකු ලෙස දීර්ඝ කලක් කටයුතු කරන වෛද්‍ය නරේන්ද්‍ර පින්තූ ද එක්වී ඇති බවත් පැවසේ.

Local News
January 25, 2022
306 views 0 secs 0

ජනවාරි 27 දක්වා විදුලි කප්පාදුවක් කිරීමට අවශ්‍ය නොවේ. – මහජන උපයෝගීතා කොමිසම

අද සිට ජනවාරි 27 දක්වා විදුලි කප්පාදුවක් කිරීමට අවශ්‍ය නොවන බව මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබේ. ජනවාරි 27 වන දින නැවත විදුලි කප්පාදුවක් අවශ්‍ය දැයි සලකා බලන බව එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කර ඇත.

Local News
January 24, 2022
340 views 2 secs 0

අද පැයක විදුලි කප්පාදුවක්

අද දිනයේ පැයක විදුලි කප්පාදුවක් සිදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ (ලංවිම) ඉංජිනේරු සංගමය නිවේදනය කරයි. මෙම විදුලි කප්පාදුව පහත සඳහන් කාණ්ඩ හතරක් යටතේ සිදුකරන බවයි. A කාණ්ඩය: පැය 17:30 සිට 18:30 දක්වාB කාණ්ඩය: පැය 18:30 සිට 19:30 දක්වාC කාණ්ඩය: පැය 19:30 සිට 20:30 දක්වාD කාණ්ඩය: පැය 20:30 සිට 21:30 දක්වා විදුලිය නිපදවීමට අවශ්‍ය බලාගාර […]

Local News
January 24, 2022
343 views 0 secs 0

කොළඹ ජාතික රෝහලේ කොවිඩ් රෝගීන්ගේ ඉහළයාමක්

මේ දිනවල කොළඹ ජාතික රෝහලට වාර්තා වන කොවිඩ් රෝගීන්ගේ ඉහළයාමක් පෙන්නුම්කරන බව රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන ගජනායක පවසනවා.ඔහු පෙන්වා දෙන්නේ ඔක්සිජන් මත යැපෙන රෝගීන් ප්‍රමාණයද වැඩිවී ඇති බවයි. සියලුම දෙනාට මෙම තත්ත්වය හොඳ තත්ත්වයක් නොවන බවයි වෛද්‍ය චන්දන ගජනායක වැඩිදුරටත් සඳහන් කළේ.

Local News
January 23, 2022
327 views 0 secs 0

රැඳවියෙකු මියයාම නිසා ජේලර්වරුන් තිදෙනෙකුගේ වැඩ තහනම්…

කඳුරුගස්ආර වැඩ කඳවුරේ රැඳවියෙකු මියයාම සිද්ධිය සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි කඳවුර භාර ජේලර්වරයා, සැරයන් ජේලර්වරයා සහ නියාමක ජේලර්වරයාගේ සේවය අත්හිටවූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කල.. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව එම මහතා සඳහන් කළේ ය.

Health, Local News
January 23, 2022
344 views 0 secs 0

තවත් ඔමික්‍රොන් අසාදිතයන් 75….

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල රසායනාගාර පරීක්ෂණවලින් තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් 75ක් හඳුනා ගෙන ඇතැයි, ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි. මේ අතර විදෙස්ගතව සිට පැමිණි 4 දෙනෙකු ඇතුළුව අද දින හඳුනා ගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 845 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Local News
January 23, 2022
311 views 0 secs 0

ඉදිරි දින කිහිපයේ සිදුවන විදුලි කප්පාදුව…

හෙට (24) රාත්‍රියේ සිට විදුලි කප්පාදුවක් සිදුකිරීමට සිදුවන බව ලංකා විදුලි ඉංජිනේරු සංගමය පවසනවා. ඒ බලාගාර රැසක දැවිතෙල් අවසන් අදියරට පැමිණීම හේතුවෙනි. ඊයේ (22) දිනය වන විට ජල විදුලිය නිෂ්පාදනය සමස්ත විදුලි ඉල්ලුමෙන් සියයට 25 දක්වා පහළ බැස ඇති අතර ගල්අඟුරු, ඩීසල් හා දැවිතෙල් මගින් සැපයූ විදුලි ප්‍රමාණය සියයට 72 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අවශ්‍ය […]

Local News
January 22, 2022
338 views 0 secs 0

සපුගස්කන්ද විදුලි බලාගාරය යළි අක්‍රිය වීමේ අවදානමක්

තෙල් හිඟ වීමෙන් සපුගස්කන්ද විදුලි බලාගාරය යළි අක්‍රිය වීමේ අවදානමක් මතුව ඇති බව ඉංජිනේරුවන් පවසනවා.මෙයට හේතුව තෙල් සංස්ථාවෙන් විදුලිබල මණ්ඩලයට දැවිතෙල් ලබාදීමට එකඟ වී ඇත්තේ, අද දක්වා පමණක් වීමයි.දැවි තෙල් බලාගාරය තුළ පවතින්නේ අද පස්වරු 2 වන තුරු පමණක් බවයි ඉංජිනේරුවන් සඳහන් කළේ.

Local News
January 22, 2022
336 views 0 secs 0

2021 ශිෂ්‍යත්ව විභාගය අදයි.

අද (22) 2021 වර්ෂයේ පැවැත්වීමට නියමිතව තිබූ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙනවා. විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන සඳහන් කළේමෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා අපේක්ෂකයින් 340,508 දෙනෙකු පෙනී සිටින බවයි.විශේෂ ක්‍රමවේදයක් යටතේ කොවිඩ් ආසාදිත හා නිරෝධායනයට ලක්වී ඇති දරුවන්ට විභාගයට ලිවීමට පහසුකම් සළසා ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් ක‍ළා.