අවම බස් ගාස්තු සංශෝධනය වේ.
2022 ජනවාරි 05 සිට බලපැවැත්වෙන පරිදි අවම බස් ගාස්තුව රු. 3/= ඉහළට. ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශයට අනුව නව අවම බස් ගාස්තුව රුපියල් 17ක් වනු ඇත.“ඉන්ධන මිල අඩු වූ විට සහ ආසන ධාරිතාවට අනුව මගීන් ප්‍රවාහනය කිරීමට රජය පනවා ඇති සීමාව ඉවත් කළ විට නැවත වරක් ගාස්තු අඩු කරන බව” රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම වැඩිදුරටත් පැවසීය.
බස් ගාස්තු සංශෝධනය වෙයි.
අද (29) දිනයේ ඉන්ධන මිල ඉහළයාමත් සමඟ බස් ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම වෙත බස් ගාස්තු සංශෝධනයට අදාළ වාර්තාව ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.බස් සංගම් සඳහන් කළේ නව සංශෝධනයට අනුව සාමාන්‍ය සේවා, සුඛෝපභෝගී, අර්ධ සුඛෝපභෝගී මෙන්ම අධිවේගී මාර්ගවල බස් ගාස්තු ද ඉහළ යනු ඇති බවයි.
විදේශ සංචිත ගැටළු හේතුවෙන් ශ්‍රී ලංකාව විදේශ දූත මණ්ඩල තුනක් වසා දැමීමට තීරණය කරයි
ගෝලීය වශයෙන් එල්ල වී ඇති බරපතල ආර්ථික අභියෝග හමුවේ, ද්විපාර්ශ්වික සබඳතා ඵලදායී ලෙස පවත්වාගෙන යාම සහතික කරමින්, රටට අවශ්‍ය විදේශ සංචිත සංරක්ෂණය කිරීම හා විදේශ රටවල ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රතිව්‍යුහගත කිරීමේ අරමුණින් මහ කොමසාරිස් කාර්යාලයක් හා කොන්සල් ජනරාල් කාර්යාල කිහිපයක් වසා දැමීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව නයිජීරියාවේ අබුජා හි ශ්‍රී ලංකා මහ […]
දුම්රිය ස්ථානාධිපතිවරුන් හා අමාත්‍ය දිලුම් අමුණුගම අතර සාකච්ඡාවක්
අද (28) ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම හා දුම්රිය ස්ථානාධිපතිවරුන් අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ප්‍රකාශ කළේ, මෙම සාකච්ඡාවෙන් තම ගැටලුවලට විසඳුම් නොලැබුනහොත් දැනට ක්‍රියාත්මක වර්ජනය අඛණ්ඩ වැඩවර්ජනයක් දක්වා දැඩි කරන බවයි. ඊයේ (27) දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමඟ පැවති සාකච්ඡාව අසාර්ථක වීම හේතුවෙන් අද සිට ඉන්ධන, සිමෙන්ති හා තිරිඟු පිටි ප්‍රවාහන කටයුතුවලින් ඉවත්වීමට […]
