Local News
January 10, 2022
315 views 0 secs 0

ජනතාවට විවෘත වූ Port City….

අද (10) කොළඹ වරාය නගරයේ මරීනා කලාපයේ ඉදිකෙරුණු පදික මංතීරුව සහ සැහැල්ලු යාත්‍රා අංගනය ප්‍රථම වරට ජනතාවට නැරඹීම සඳහා අවස්ථාව උදා වුණා. අද සිට සෑම දිනකම පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා එය නැරඹීමේ අවස්ථාව ජනතාවට ලැබේ. කොළඹ වරාය නගර පරිශ්‍රයට ඇතුළුවීමට හැකි ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඇති පිවිසුම් දොරටුව පළමුවරට ජනතාව වෙනුවෙන් විවෘත කරනු […]

Local News
January 10, 2022
351 views 0 secs 0

ඉන්ධන අර්බුදයක් අත ළඟද…?

ඉදිරි කාලයට අවශ්‍යය ඉන්ධන තොග ආනයනය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන දෙසීයක පමණ හිඟයක් ඇති අතර මේ පිළිබඳව අදස් දක්වන බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා පවසා සිටින්නේ එම හිඟ මුදල් වහා ලබා දෙන ලෙස අද පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඉල්ලීමක් කරන බවයි.ජනවාරි මාසයේ මෙරට පරිභෝජනයට අවශ්‍ය ඉන්ධන සඳහා ඩොලර් මිලියන 350ක් අවශ්‍ය බවත් දැනට තෙල් සංස්ථාව […]

Local News
January 09, 2022
346 views 0 secs 0

හෙට සිට විදුලියත් කප්පදු වෙයිද..?

කැලණිතිස්ස බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රයක සිදුවූ බිඳවැටීමක් සහ ඛනිජ තෙල් සංස්ථාව දැවි තෙල් ලබාදීම අත්හිටුවීමට පියවර ගැනීම හේතුකොට ගෙන පසුගිය දිනවල දිවයිනේ ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම බිඳවැටී තිබුණි.මේ හේතුවෙන් විදුලිය විසන්ධි කිරීම සඳහා අවසර ඉල්ලමින් ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමට ඉල්ලීමක් ඉදිරිපත් කර තිබූ අතර විදුලිබල මණ්ඩලයට අවශ්‍ය පරිදි හෙට (10) සිට විදුලිය විසන්ධි […]

Local News
January 08, 2022
323 views 0 secs 0

ජල කප්පාදුවක්…

අද (08) උදෑසන 8.00 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 16ක කාලයක් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කර සිටියා. කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහනගර සභා බලප්‍රදේශ මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බලප්‍රදේශ සහ කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බලප්‍රදේශ සහ රත්මලානට මෙලෙස ජල සැපයුම අත්හිටුවා ඇත.

Local News
January 06, 2022
340 views 0 secs 0

ඉදිරියේදී සහල් කිලෝවක මිල රුපියල් 300 ක් දක්වා වුවද ඉහළ යා හැකිය – සහල් මෝල් හිමියන්

පොළොන්නරුව සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් පවසන අන්දමට පොහොර ගැටලුව හේතුවෙන් ඉදිරියේදී සහල් කිලෝවක මිල රුපියල් 300 ක් දක්වා වුවද ඉහළ යා හැකිය.ලබන මාසයේ අවසන් වන විට රට තුළ සහල් හිඟයක් ඇති විය හැකි බව එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා සඳහන් කළේය. රජය වී කිලෝවක් සඳහා රුපියල් 75 ක් ලබාදෙන බවට […]

Local News
January 06, 2022
319 views 0 secs 0

අනිද්දා කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි.

සෙනසුරාදා (08) පෙරවරු 8.00 සිට පැය 16ක කාලයක් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ කොළඹ, දෙහිවල-ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල යන මහ නගර සභා බල ප්‍රදේශවලටත් මහරගම, බොරලැස්ගමුව සහ කොළොන්නාව යන නගර නගර සභා බල ප්‍රදේශවලටත් කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයටයි.

Local News
January 05, 2022
331 views 0 secs 0

රාජ්‍ය අමාත්‍ය රොෂාන්ට කොවිඩ් ආසාදනය වෙයි…

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහට එක්සත් රාජධානියේ පෞද්ගලික සංචාරයක නිරතවන අතරතුර කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි.

Local News
January 05, 2022
328 views 0 secs 0

රාජිතට කොවිඩ්…

හිටපු සෞඛ්‍ය අමාත්‍ය හා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට කොවිඩ් ආසාදනය වී ඇති අතර මේ වනවිට නිවෙස් ප්‍රතිකාර සඳහා යොමුකර තිබේ. ජනවාරි මස 1 වනදා සිට මන්ත්‍රීවරයා ආශ්‍රය කළ සියලුදෙනා මේ වන විට නිරෝධායනයට ලක්කර ඇත.

Local News
January 05, 2022
337 views 0 secs 0

දකුණු පළාතේ සෞඛ්‍ය සේවක වර්ජනයක්…

දකුණු පළාතේ හෙද, පරිපූරක, වෛද්‍ය, අතුරු වෛද්‍ය වෘත්තීයවේදීන් සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. මෙම වර්ජනයට කරාපිටිය ශික්ෂණ රෝහල, මාතර සහ හම්බන්තොට මහ රෝහල්, රේඛීය අමාත්‍යංශ පාලනය යටතේ ඇති ආයතන, දකුණු පළාතට අයත් මූලික රෝහල් 09 ක්, සියලු ප්‍රාද්ශීය රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල 47 ක සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, එක්ව සිටී. අද උදෑසන 7 […]

Local News
January 05, 2022
325 views 1 sec 0

මන්ත්‍රීවරියකට දිවි අහිමි කල රිය අනතුර…

ඊයේ (04) පස්වරුවේ මීපේ -ඉංගිරිය මාර්ගයේ අංගම්පිටිය – උළුකැටිය ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් 50 හැවිරිදි වියෙහි පසුවූ පාලින්ද නුවර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියක් ජීවිතක්ෂයට පත්ව තිබේ. යතුරු පැදියක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටී සිදු වූ මෙම අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන පාදුක්ක පොලිසිය මඟින් ක්‍රියාත්මක කර තිබේ.