Local News
January 18, 2022
291 views 0 secs 0

ලෙඩ වුණු විදුලි ඉංජිනේරුවන්..

විදුලි ඉංජිනේරුවන්, අසනීප නිවාඩු වාර්තාකරමින් සේවාවලින් ඉවත් තිබේ.වාර සේවාවල නිරත ඉංජිනේරුවන් හැර සෙසු සියලු දෙනා මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එක්ව සිටින බව විදුලි ඉංජිනේරු සංගමයේ ලේකම් ධම්මික තිලරත්න මහතා ප්‍රකාශ කර සිටියා.

Local News
January 18, 2022
301 views 0 secs 0

අද මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම් වන උපකාරක පංති….

මෙවර ශිෂ්‍යත්ව විභාගය ජනවාරි මස 22 වන දින පැවැත්වෙන බැවින් අද (18) මධ්‍යම රාත්‍රියේ සිට පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ සියලු උපකාරක පංති, දේශන සහ සම්මන්ත්‍රණ යනාදිය පැවැත්වීම තහනම් කර තිබේ. ඒ අනුව උපකාරක පන්ති සංවිධානය කිරීම සහ එම පන්ති මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම, අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය සහ බෙදාහැරීම ඇතුළු […]

Local News
January 15, 2022
302 views 0 secs 0

දුම්රිය ධාවනය සාමාන්‍ය තත්වයට…

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය, අද (15) දිනයේ සිට දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන බව නිවේදනය කර සිටියා. ඊයේ (14) දහවල් ආරම්භ කළ ක්ෂණික වැඩ වර්ජන ක්‍රියාමාර්ගය ඊයේ පස්වරුවේ අත්හිටුවීමට කටයුතු කළ බව එම සංගමයේ සභාපති ප්‍රකාශ කර සිටියා.

Local News
January 15, 2022
318 views 0 secs 0

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඇතුගල්පුර පිවිසුම අද සිට ජනතා අයිතියට…

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියර වන ඇතුගල්පුර පිවිසුම, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (15) පස්වරු 4.30 ට මීරිගමදී විවෘත කිරීමට නියමිතය. පාරිසරික සහ සමාජීය බලපෑම් අවම වන පරිදි නාගරික ප්‍රදේශ මග හරිමින් ඉදිකර ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියරේ මීරිගම සිට කුරුණෑගල දක්වා දුර කිලෝමීටර් 40.91 කි. එහි මීරිගම, […]

Local News
January 15, 2022
304 views 0 secs 0

විදුලි කප්පාදුව ගැන නව නිවේදනයක්

විදුලි උත්පාදනය සඳහා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 3,000ක් ලැබීම හේතුවෙන් අද (15) විදුලිය කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළා.

Local News
January 11, 2022
299 views 0 secs 0

CID යේ 5වන මහලින් පැන දිවි නසා ගත් කත….

අද (11) අලුයම 4 .00 ට පමණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 46 හැවිරිදි කාන්තාවක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ 5 වන මහලින් පැන මියගොස් ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිතීඥ නිහාල් තල්දූව මහතා ම්වාර්තා කලා. රුපියල් හය කෝටි අසුතුන්ලක්ෂ හතළිස් දහසක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ඊයේ ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර […]

Local News
January 11, 2022
289 views 0 secs 0

සහල් මෙට්‍රික් ටොන් 100,000 ක් ආනයනයට කැබිනට් අනුමැතිය…

සාධාරණ මිලට සහල් ලබා දීම සඳහා අවශ්‍ය සහල් ආනයනය කිරීමේ යෝජනාවක් වෙළඳ අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, නාඩු සහල් මෙට්‍රික් ටොන් 200,000 ක් සහ සම්බා සහල්වලට අදේශ වශයෙන් ඝ්ර්‍ 11 ශොර්ට් ඝ්‍රඉන් සහල් මෙට්‍රික් ටොන් 100,000 ක් ආනයනය සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.විවෘත වෙළඳපොළේ ප්‍රමාණවත් සහල් තොග පවතින බව තහවුරු කර ගැනීම සඳහා […]

Local News
January 11, 2022
459 views 0 secs 0

ඌරු හදවතකින් ජීවත් වන මිනිසා….

ලොව ප්‍රථම වරට ජානමය වශයෙන් වැඩිදියුණු කළ ඌරෙකුගේ හදවතක් මිනිසෙකුට බද්ධ කිරීම අමෙරිකාවේදී සාර්ථකව සිදුකර තිබේ. ඩේවිඩ් බෙනට් නම් 57 හැවිරිදි අමෙරිකානුවෙකුට මෙම හදවත් බද්ධය සිදුකර ඇති අතර මෙම ශල්‍යකර්මය සඳහා පැය 7ක කාලයක් ගතවී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ශල්‍යකර්මය නිමකර දින 3කට පසුව ඔහු හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවයි අදාළ වෛද්‍යවරු ප්‍රකාශ කළේ.

Local News
January 10, 2022
349 views 0 secs 0

නන්නාදුනන මළ සිරුරු දෙකක් හමුවෙයි…

අද (10) දහවල් බම්බලපිටිය හා වැල්ලවත්ත වෙරළ තීරවලින් පිරිමි පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු හමුව තිබේ. මිය ගිය පුද්ගලයින්ගේ අන්‍යතාව මෙතෙක් හෙළිවි නොමැති බව වාර්තා වේ.