Local News
December 28, 2021
378 views 0 secs 0

විදේශ සංචිත ගැටළු හේතුවෙන් ශ්‍රී ලංකාව විදේශ දූත මණ්ඩල තුනක් වසා දැමීමට තීරණය කරයි

ගෝලීය වශයෙන් එල්ල වී ඇති බරපතල ආර්ථික අභියෝග හමුවේ, ද්විපාර්ශ්වික සබඳතා ඵලදායී ලෙස පවත්වාගෙන යාම සහතික කරමින්, රටට අවශ්‍ය විදේශ සංචිත සංරක්ෂණය කිරීම හා විදේශ රටවල ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රතිව්‍යුහගත කිරීමේ අරමුණින් මහ කොමසාරිස් කාර්යාලයක් හා කොන්සල් ජනරාල් කාර්යාල කිහිපයක් වසා දැමීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව නයිජීරියාවේ අබුජා හි ශ්‍රී ලංකා මහ […]

Local News
December 28, 2021
358 views 0 secs 0

දුම්රිය ස්ථානාධිපතිවරුන් හා අමාත්‍ය දිලුම් අමුණුගම අතර සාකච්ඡාවක්

අද (28) ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම හා දුම්රිය ස්ථානාධිපතිවරුන් අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ප්‍රකාශ කළේ, මෙම සාකච්ඡාවෙන් තම ගැටලුවලට විසඳුම් නොලැබුනහොත් දැනට ක්‍රියාත්මක වර්ජනය අඛණ්ඩ වැඩවර්ජනයක් දක්වා දැඩි කරන බවයි. ඊයේ (27) දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමඟ පැවති සාකච්ඡාව අසාර්ථක වීම හේතුවෙන් අද සිට ඉන්ධන, සිමෙන්ති හා තිරිඟු පිටි ප්‍රවාහන කටයුතුවලින් ඉවත්වීමට […]

Local News
December 28, 2021
398 views 0 secs 0

පුද්ගලික ගුවන් යානාවක හදිසි ගොඩබෑමක්.

පෞද්ගලික ගුවන් යානාවක් හදිසි ගොඩබෑමක් කටුනායක කිඹුලාපිටිය ප්‍රදේශයට සිදුකර තිබෙනවා.ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මේ වන විට අදාළ ස්ථානයට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කණ්ඩායමක් පිටත් කර යවා ඇති බවයි. ගොඩබෑමේදී නියමුවා සහ නියමුවරිය මෙන්ම කාන්තාවක්ද තුවාල ලබා මීගමුව මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

Local News
December 27, 2021
374 views 0 secs 0

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකය.

දැනට ක්‍රියාත්මක වර්ජනය අඛණ්ඩව සිදු කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. මෙම තීරණයට හේතුව වන්නේ දුම්රිය ස්ථානාධිපති සංගමය සහ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා අතර පැවති සාකච්ඡාව අසාර්ථක වීමයි.

Local News
December 27, 2021
362 views 0 secs 0

ගෑස් හිඟයක් නැවතත් මතු වෙයි.

නැවතත් ගෑස් හිඟයක් වෙළඳපොළ තුළ හටගෙන තිබෙන බව පාරිභෝගිකයන් පවසනවා.වෙළඳුන් සඳහන් කළේ වෙළඳසැල්වලට ප්‍රමිතිය සටහන් කළ ගෑස් සිලින්ඩර ලැබීමේ ප්‍රමාදයක් ඇති බවයි. රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කළේ මේ වන විට ගෑස්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් දැඩි අධීක්ෂණයක් යටතේ කටයුතු කරන බැවින් ගෑස් සිලින්ඩර වෙළඳපොළට නිකුත් කිරීමේ යම් ප්‍රමාදයක් ඇතිවී ඇති බවයි.

Local News
December 27, 2021
402 views 0 secs 0

ප්‍රදේශ දෙකක ඝාතන දෙකක්….

මට්ටක්කුලිය, පොකුණුවත්ත ප්‍රදේශයේදී මත්පැන් සාදයක් අවසානයේ ඇති වු සිදුවීමක් මුල්කර ගනිමින් පුද්ගලයින් දෙදෙනකු පිහියකින් ඇණ අවුරුදු 22ක තරුණයෙක් ඝාතණය කර තිබේ. ඝාතනය සිදුකළ සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව පොලීසිය පැවසී ය. එමෙන්ම පුනරීන් ගෞතාර්මුණි කළපු තීරයේදී තරුණයින් දෙදෙනෙකු ඝාතනය කර තිබේ.එහි කළපු තීරයේදී දියනාමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අතර බහින් […]

Local News
December 23, 2021
377 views 0 secs 0

රජයේ වෛද්‍යවරුන් තෙවන දිනටත් වර්ජනයක

අද (23) තෙවන දිනටත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දිවයින පුරා දියත් කර ඇති වැඩවර්ජනය ක්‍රියාත්මක වනවා. පසුගිය දින දෙකේදීම මෙම වැඩවර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි පීඩාවට පත් විය.

Local News
December 23, 2021
359 views 1 sec 0

දුම්රිය ස්ථානාධිපතිවරුන් අද මධ්‍යම රාත්‍රීයේ සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක.

දුම්රිය ස්ථානාධිපතිවරුන් මුහුණ දෙන බරපතළ ගැටලු මඟහරවා ගැනීම සඳහා අද මධ්‍යම රාත්‍රී 12.00 සිට පාර්සල් ප්‍රවාහනය කිරීමෙන් හා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමෙන් වැළකී සිටීමට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය (SLRSMU) තීරණය කර තිබේ.“අපගේ ගැටලු විසඳන ලෙස ප්‍රවාහන අමාත්‍යවරයා, රාජ්‍ය අමාත්‍යවරයා සහ දුම්රිය සාමාන්‍යාධිකාරී (GMR) වෙත ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කළ නමුත් අද පැවති සාකච්ඡාවේදී යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු […]

Local News
December 22, 2021
314 views 0 secs 0

අද වත්මන් ආර්ථිකය පිළිබඳ පැහැදිලි කිරීමට මාධ්‍ය හමුවක්

දැනට රට තුල පවතින ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට අද මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මාධ්‍ය හමුවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. එහිදී ඔහුජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමට ශ්‍රී ලංකාවේ සූදානම සම්බන්ධයෙන්ද කරුණු දැක්වීමට නියමිත බවයි ඊයේ (21)කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සඳහන් කළේ.

Local News
December 22, 2021
368 views 0 secs 0

බස් ගාස්තු වැඩිකිරීමට සාකච්ඡාවක්

අද දිනයේදී ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ බස් ගාස්තු වැඩිකිරීමට අදාළ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.මෙම සාකච්ඡාව ‍ අමාත්‍ය දිලුම් අමුණුගම සහ පෞද්ගලික බස් සංගම් නියෝජිතයින් අතරයි.පෞද්ගලික බස් සංගම් ඊයේ ප්‍රකාශ කළේ රජයෙන් ඉන්ධන සඳහා සහනාධාරයක් නො ලැබුණ හොත් බස් ගාස්තුව 25%කින් ඉහළ නැංවීමට සිදු වන බවයි