Local News
December 15, 2021
355 views 0 secs 0

සෞඛ්‍ය මාර්ගෝපදේශ තවත් දින 15කට දීර්ඝ කරයි

දැනට ක්‍රියාත්මක වන සෞඛ්‍ය මාර්ගෝපදේශ තවත් දින 15කට දීර්ඝ කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන පවසනවා. අද දිනයෙන් අවසන් වන සෞඛ්‍ය මාර්ගෝපදේශ දෙසැම්බර් 31 වන දින දක්වා ක්‍රියාත්මකය.

Local News
December 15, 2021
363 views 0 secs 0

රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වයස සංශෝධනය වේ

2021.12.10 පාර්ලිමේන්තුවේදී සම්මත වු 2022 මුදල් වර්ශයට අදාළ විසර්ජන පනතට අනුව 2022 ජනවාරි 01 වැනි දින සිට වන රාජ්‍ය ව්‍යාපාරයන්හි සේවකයන්ගේ අනිවාර්ය විශ්‍රාම වයස සංශෝධනයකට ලක් කිරීමට තීරණය කර ඇත. මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල සඳහන් කරන්නේ ඔවුන්ගේ විශ්‍රාමික වයස අවුරුදු 62 දක්වා වැඩි කෙරෙන බවයි.

Local News
December 15, 2021
357 views 0 secs 0

ගෑස් සමාගම්වලට එරෙහි පෙත්සම යලි කැදවයි

අද (15) ලිට්රෝ සහ ලාෆ් ගෑස් සමාගම් විසින් වෙළෙඳපොළට මුදාහැර තිබෙන ගෑස් සිලින්ඩර ආපසු කැඳවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නාගානන්ද කොඩිතුවක්කු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම යළි කැඳවීමට නියමිතයි. ඊයේ (14) මෙම කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණය ලිට්‍රෝ ගෑස් සමාගමට ගෑස් සිලින්ඩරයක අඩංගු සංයුතිය සහ එය සිලින්ඩරයේ ප්‍රදර්ශනය කිරීමට ඇති හැකියාව පිළිබඳව දැනුම්දීමට අද දක්වා කාලය […]

Local News
December 15, 2021
312 views 0 secs 0

ගෑස් තොගය ගොඩබෑම තහනම් කරයි.

දිවයිනට පැමිණි ගෑස් නෞකාවෙන් ලබාගත් ගෑස් සාම්පල ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නියමිත ප්‍රමිතියට අනුකූල නොවන බව අනාවරණය වී තිබෙනවා. එම නිසා ලිට්‍රෝ ගෑස් තොගය ගොඩබෑමට අවසර නොදෙන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නියෝග කර තිබෙනවා .

Local News
December 14, 2021
323 views 0 secs 0

ජවිපෙන් බලශක්ති ගිවිසුම ගැන සැර ප්‍රකාශයක්

හිටපු බලශක්ති ඇමතිවරුන් වන මහින්ද අමරවීර, ඩලස් අලහප්පෙරුම වගේම ඇමෙරිකානු තානාපතිනියත් ශ්‍රී ලංකාවේ නීතියට යටත් නැති මේ හොර ගිවිසුම ගැන තමන්ගේ ස්ථාවරය ප්‍රකාශ කළ යුතුයි. ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මේ පිළිබඳ අද පැවැති ජවිපෙ මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.අවුරුද්දකට ඩොලර් තුන්සීයක් බදු ගෙවන ඇමෙරිකාවේ කොම්පැණියකටද අපේ රටේ බලශක්ති සැපයීමේ කොන්ත්‍රාත්තුව දෙන්න යන්නේ… පරංගි එන කාලේ […]

Local News
December 14, 2021
321 views 0 secs 0

නැවතත් කිරිපිටි හිගයක්

කිරිපිටි ආනයනය නැවත වරක් අත් හිටුවීමට සිදුව ඇති බව ශ්‍රී ලංකාවේ ප්‍රධාන කිරිපිටි සමාගමක් පැවසීය.මෙයට හේතුව වන්නේ ඩොලර් හිගයත් සමග විදේශ සැපයුම්කරැවන්ට ගෙවීම් සිදු කිරීමට නොහැකි වීමය.මේ වන විට කිරිපිටි ආනයනෙයන් 50%ක් පමණ නතර වී ඇති අතර ඉදිරියේ දී කිරිපිටි ආනයනය අනුමත කර ගැනීමට නොහැකි වුවහොත් ජනවාරි මස සිට නැවත කිරිපිටි හිගයක් ඇති විය හැකි […]

Local News
December 14, 2021
364 views 0 secs 0

ගෑස් පිපිරීම් නිසා හානිවන වින්දිතයින්ට නොමිලේ නීතිඥ සහය

සමගි ජන බලවේගය විසින් දිවයින පුරා සිදුවන ගෑස් පිපිරීම් හේතුවෙන් වින්දිතයින් බවට පත්වන සියලු දෙනා වෙනුවෙන් නොමිලේ නීති සහය ලබා දෙන බවත් ඒ උදෙසා විපක්ෂ නායක කාර්යාලය සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.ආණ්ඩුව විසින් රටේ ආර්ථිකයත් , ගොවි ජනතාවගේ ජීවිතත් බාල ප්‍රමිතියෙන් යුතු පොහොර ගෙන්වීමෙන් අද වන විට රට මහා විනාශයකට තල්ලු කර […]

Health, Local News
December 14, 2021
393 views 0 secs 0

සෞඛ්‍ය උපදෙස් උල්ලංඝනය කරන පුද්ගලයින් PCR පරීක්ෂණ

කොළඹ දිස්ත්‍රික්කයේ ජනාකීර්ණ ස්ථානවල සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරන පුද්ගලයින් PCR පරීක්ෂණවලට ලක් කිරීමට තීරණය කර තිබෙනවා. කොළඹ මහා නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි සඳහන්කළේ මේ සඳහා සෑම ප්‍රදේශයකම පොලිස් ස්ථානවල සහයෝගය ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි

Local News
December 14, 2021
315 views 0 secs 0

චීන පොහොර සමාගමට ඇමරිකානු ඩොලර් මිලියන 6.7ක්

රජය නීතිපතිවරයාගේ උපදෙස් මත චීන පොහොර සමාගමට ඇමරිකානු ඩොලර් මිලියන 6.7ක් ගෙවීමට තීරණය කර තිබෙනවා. පොහොර තොගය නැවත ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රමිතීන්වලට අනුව නිෂ්පාදනය කරන ලෙස අදාළ සමාගමට දැනුම් දී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා. නෞකාවේ තිබූ පොහොර තොගයේ අහිතකර බැක්ටීරියා අඩංගුවීම හේතුවෙන් මෙරටට ලබා ගැනීම ප්‍රතික්ෂේප කළා.

Health, Local News
December 13, 2021
353 views 0 secs 0

ඔමික්‍රෝන් හේතුවෙන් සිදුවූ පළමු මරණය වාර්තා වෙයි

එක්සත් රාජධානියෙන් ඔමික්‍රෝන් නව කොවිඩ් ප්‍රභේදය ආසාදනය වීම හේතුවෙන් සිදුවූ පළමු මරණය වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.