Local News
December 08, 2021
327 views 0 secs 0

සමගි ජන බලවේගයේ සමාජිකයින් නැවතත් පාර්ලිමේන්තුවට

සමගි ජන බලවේගයේ සමාජිකයින් පාර්ලිමේන්තු සැසිවාරය සඳහා අද (08) සිට සහභාගී වන බව මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පවසනවා. ඒ අනුව කතානායකවරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙම තීරණය ගෙන තිබෙනවා.

Local News
December 07, 2021
369 views 0 secs 0

වයඹ පළාත් අණ්ඩුකාරවරයා අභාවප්‍රාප්ත වෙයි..

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු සභාපති, වයඹ පළාත් අණ්ඩුකාර අධි නීතීඥ රාජා කොල්ලුරේ මහතා කොවිඩ් -19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් අභාවප්‍රාප්ත වී තිබේ. පවුලේ ඥාතීන් සඳහන් කළේ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (06) රාත්‍රි ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති බවයි ලංකා සම සමාජ පක්ෂයේ දේශපාලනයට පිවිසි රාජා කොල්ලුරේ මහතා 2000 වසරේ […]

Local News
December 07, 2021
301 views 0 secs 0

පැරා ක්‍රීඩා උළෙලේ පදක්කම් 11 ලංකාවට

ආසියානු යොවුන් පැරා ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් තුනක් ඇතුළුව පදක්කම් 11 ක් දිනා ගෙන තිබෙනවා.මෙම ක්‍රීඩා උළෙල බහරේනයේදී පැවැත්වෙනවා. පළමු දින තුන අවසානයේ පිහිණුම් ඉසව්වලින්, පදක්කම් 4 ක් සහ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් පදක්කම් 7 දිනාගෙන තිබෙනවා.

Local News
December 07, 2021
312 views 0 secs 0

ප්‍රියන්ත ඝාතනයේ ප්‍රධානතම සැකකරු අත්අඩංගුවට

පාකිස්තානයේ සියල්කොට් නගරයේ ප්‍රියන්ත කුමාර දියවඩන ඝාතනයට අදාළ ප්‍රධානතම සැකකරුවෙක් වු ඉමිටියාස් අලියා බිල්ලි අත්අඩංගුවට ගෙන තිබෙනවා.විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප්‍රියන්ත කුමාර දියවඩනට පහර දී ඝාතනය කර ඔහුගේ සිරුර පිළිස්සීමේ සිද්ධියට මොහු මූලික වශයෙන් සම්බන්ධ වී ඇති බවයි අනාවරණ වී ඇති බවයි

Local News
December 07, 2021
326 views 0 secs 0

සතොසෙන් බඩු අඩුවට…

සතොස හරහා උත්සව සමයේදී සහනදායී ලෙස ජනතාවට සහල් ඇතුළු ආහාර ද්‍රව්‍ය ලබාදීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඒ අනුව සතොස වෙළෙඳසැළක් නොමැති ස්ථානවල ජනතාවට 1998 දුරකථන අංකය හරහා තමන්ගේ නිවසටම භාණ්ඩ ගෙන්වා ගැනීමට හැකියාව ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

Local News
December 06, 2021
288 views 0 secs 0

ප්‍රියන්තගේ දේහය දිවයිනට….

පාකිස්තානයේ දී සාහසික ලෙස ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර මහතාගේ දේහයේ අවශේෂ මීට සුළු වේලාවකට පෙර මෙරටට රැගෙන විත් ඇති බව වාර්තා වේ.

Local News
December 06, 2021
278 views 0 secs 0

නව මුද්‍රාවක් සමඟ ලිට්‍රො ගෑස් වෙළඳපොලට…

ලිට්‍රො ගෑස් සමාගම පාරිභෝගික කටයුතු අධිකාරියේ මාර්ගෝපදේශයන්ට යටත්ව වෙළෙඳපොළට ගෑස් නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.ඒ අනුව නව සිලින්ඩර තොග සුදු පැහැති පසුබිමක රතු වර්ණයෙන් යුත් ලිට්‍රො ගෑස් සමාගමේ ලාංඡනය සහිත පොලිතීන් මුද්‍රාවකින් යුක්තය.

Local News
December 05, 2021
311 views 0 secs 0

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු නැවත ආරම්භ වේ.

දෙසැම්බර් 7වනදා සිට තාවකාලිකව වසා දැමූ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් නැවත ආරම්භ කිරීමට තීරණය කර ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.

Local News
December 05, 2021
306 views 0 secs 0

විදුලි කප්පාදුව අද සිදු නොවේ

අද (05) දිනයේ පැයක උපරිමයකට යටත්ව සිදු කෙරෙන විදුලි කප්පාදුව අද දිනයේ සිදු නොවේ.ඇතැම් ප්‍රදේශවල සවස 6 ත් රාත්‍රි 9.30 ත් අතර කාලයේ දිවයිනේ විදුලි සැපයීම අත්හිටුවීමට සිදුවිය හැකි බව විදුලිබල අමාත්‍යාංශය ඊයේ (04) නිවේදනය කළේ ය.නොරොච්චෝලේ බලාගාරය සම්පූර්ණයෙන් යළි ක්‍රියාත්මක වනතුරු එලෙස විදුලිය සැපයීම අත්හිටුවීමට සිදුවන බවයි , මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් […]

Local News
December 05, 2021
304 views 0 secs 0

ලංකාවට දියර පොහොර ආනයනය කිරීම ප්‍රමාද වේ.

ඉන්දීය ගොවි පොහොර සමුපකාරය මගින් ඉන්දියාවට නිෂ්පාදනය කරන නැනෝ නයිට්‍රජන් දියර පොහොර ආනයනය කිරීමට සම්බන්ධ නියෝජිතයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ගැටලු මතුව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.මෙම තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට දියර පොහොර ආනයනය කිරීම ප්‍රමාද වෙමින් පවතින බවයි අමාත්‍යාංශය සඳහන් කළේ.මේ පවතින තත්ත්වය පිළිබඳ අවසන් තීරණයක් මේ සතියේදී ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.ඉන්දියාවේ නිෂ්පාදිත නැනෝ නයිට්‍රජන් […]