අද කාලගුණය
අද (01) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී සබරගමුව, මධ්‍යම, බස්නාහිර, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව පවසනවා. උදෑසන කාලයේදී මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවයි කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.මෙම කාලගුණය නිසා සිදුවන […]
අද සිට නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මලාවක් නිකුත් කෙරේ.
ඊයේ (30) දිනයේ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළා.මෙය අද (01) සිට 15 වනදා දක්වා ක්‍රියාත්මක වන මාර්ගෝපදේශ මාලාවකි. ඒ අනුව සිනමාශාලා සඳහා ආසන පහසුකම් අනුව සීයයට 75ක පිරිසකට ඇතුල්වීම අවසර හිමිව ඇති අතර ක්‍රීඩා තරඟ නැරඹීමට ප්‍රේක්ෂකයින්ට අවසර ලබාදී නොමැත. විවාහ මංගල්‍ය සඳහා උත්සව ශාලාවල ඉඩ ප්‍රමාණයෙන් 1/3ක ප්‍රමාණයක් හෝ […]
ගෑස් පිපිරීම් පිළිබඳ සොයා බැලීමට කමිටුවක්
මෑතක සිට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වන ගෘහස්ථ ගෑස් අනතුරු පිළිබඳ සොයාබලා එයට විසඳුම් ඉදිරිපත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කමිටුවක් පත්කර තිබේ. ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ ගෘහස්ථ, වෙළෙඳ හා විකුණුම් මධ්‍යස්ථානවල ගෑස් (LPG) සිලින්ඩර් ආශ්‍රිත ගිනිගැනීම්, පුපුරායාම් හා ඒ සඳහා හේතු සාධක සොයාබලා අදාළ විසඳුම් ඉදිරිපත් කරන ලෙසය. දැනට ඇති අධ්‍යනයන් හා විවිධ […]
සිරිසේන කුරේ අභාවප්‍රාප්ත වේ.
හිටපු එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරයෙක් වන සිරිසේන කුරේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඔහුගේ පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වු බව ය. ඔහු කලක් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන ලේකම් ධූරයද හෙබවීය. එසේම රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ රජයේ නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙසද ඔහු කටයුතු කළේය.
