Local News, Sports
December 13, 2021
354 views 0 secs 0

මහේල ජයවර්ධන ජාතික කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස

හිටපු ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන 2022 ජනවාරි 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික කණ්ඩායම් සඳහා ‘උපදේශක පුහුණුකරු’ ලෙස පත් කර ඇත.වසරක කාලයක් සඳහා බලපැවැත්වෙන ඔහුගේ නව භූමිකාව තුළ ජාතික කණ්ඩායම්වල සමස්ත ක්‍රිකට් අංගය භාරව කටයුතු කරන ජයවර්ධන, ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ ක්‍රීඩකයින්ට සහ කළමනාකරණ කණ්ඩායම් සඳහා අගනා උපාය මාර්ගික සහයක් ලබා දෙනු […]

Local News
December 13, 2021
318 views 0 secs 0

ජනපති විදෙස්ගත වෙයි…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෞද්ගලික සංචාරයක් සඳහා අද (13) උදෑසන සිංගප්පූරුව බලා පිටත් වූ බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියා.

Local News
December 13, 2021
322 views 0 secs 0

අද තැපැල් වෘත්තීය සමිති වැඩවර්ජනයක

තැපැල් වෘත්තීය සමිති 23ක් ගැටලු කිහිපයක් මුල්කරගනිමින් අද සංකේත වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. එය අද පස්වරු 04.00 සිට හෙට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

Local News
December 12, 2021
310 views 0 secs 0

නත්තල බාල්දු කරන්න එපා – කාදිනල් හිමි…

නත්තල බාල්දු නොකරන්නැයි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් සංචාරක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළහ. ඒ ගනේමුල්ල,‍ බොල්ලත ප්‍රදේශයේ දේවස්ථානයක අද (12) උදෑසන පැවති දේව මෙහෙයකට එක් වූ අවස්ථාවෙයි. ඒ පිළිබඳ තවදුරටත් අදහස් දැක් වූ කදිනල් හිමි..“නත්තල් දවසට මත්පැන් විකුණන්න සංචාරක අමාත්‍යාංශයේ අනුමත හෝටල්වලට අවසර දෙන්න කියලා ඉල්ලලා. හොඳයි නේද?. නත්තලට බීලා බීලා මැරෙන්න. මේකද ආසියාවේ ආශ්චර්ය. මේකද […]

Health, Local News
December 12, 2021
287 views 0 secs 0

20ට වැඩි සියළුදෙනාට බූස්ටර් දීමට තීරණයක්….

වයස අවුරුදු 20ට වැඩි සියලු දෙනාට බූස්ටර් එන්නත ලබාදීමට මේ වනවිට තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. ඒ අනුව පළවන සහ දෙවන මාත්‍රා ලබාගෙන මාස 3 ඉක්මවූ වයස අවුරුදු 20ට වැඩි සියලු දෙනාට බූස්ටර් එන්නත ලෙස ෆයිසර් එන්නත තමන්ට ළඟම සහ පහසු ඕනෑම ස්ථානයකින් ලබාගත හැකියි..

Local News
December 12, 2021
322 views 2 secs 0

මෙරටින් හමු වූ ආසියාවේ රැජිණ…

ලොව විශාලතම ස්වභාවික තනි නිල් මැණික මෙරට තවමත් මැණික් ගවේෂණ සිදුකරගෙන යන ස්ථානයකින් හමු වී ඇති බව වාර්තා වේ. එහි බර බර කිලෝග්‍රෑම් 310කට ආසන්න වන අතර මෙය ආසියාවේ රැජින (QUEEN OF ASIA) ලෙස නම් කර ඇත. මේ වන විට ලොව විශාලතම තනි කොරොන්දම (Blue Sapphire) මෙය වෙයි. රත්නපුරය බටුගෙදර ප්‍රදේශයෙන් හමුවී ඇති මෙම මැණික […]

Local News
December 12, 2021
317 views 0 secs 0

ඉන්දීය අගමැතිගේ හැක් වුන ට්විටර් ගිණුම…

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ පුද්ගලික ට්විටර් ගිණුමට කිසියම් පුද්ගලයෙකු අනවසරයෙන් ඇතුළු වී ඇති බව වාර්තා වේඅ.. අද (12) අලුයම එම ගිණුම හරහා ක්‍රිප්ටො කරන්සි නැමැති මුදල් ඒකකය පිළිබඳ පණිවිඩයක් මුදා හැර ඇත. මේ වන විට ගිණුම යථා තත්ත්වයට පත්කර ආරක්ෂාව තහවුරු කර ඇත. නරේන්ද්‍ර මෝදි මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ ගිණුම […]

Local News
December 12, 2021
417 views 0 secs 0

ආහාර අර්බුදයක් අත ලඟද…?

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ස්වාභාවික සම්පත් පිළිබඳ මහාචාර්ය මෙත්තිකා විතානගේ ඉදිරි මාස හතර අවසන් වන විට මෙරට තුළ විශාල ආහාර අර්බුධයක් හටගන්නා බව ප්‍රකාශ කර සිටියා. කාබනික දියර පොහොර සියලුම බෝග සඳහා එකවර යෙදීමේ තීරණය තුළින් සෑම බෝගයකම වර්ධනය අඩාලවී ලැබෙන අස්වැන්න අඩු විය හැකි බවයි ඇය ප්‍රකාශ කලේ. මෙය බෝග කිහිපයකට භාවිතා කර එහි ප්‍රතිඵල […]

Local News
December 12, 2021
302 views 0 secs 0

අද දින විදුලි කප්පාදුවක්….

අද (12) දිනයෙත් ඇතැම් ප්‍රදේශවල සවස 6.00ත් රාත්‍රී 9.30ත් අතර කාලය තුළ විදුලි සැපයුම මිනිත්තු 30ක කාලයක් කපා හැරීමට සිදුවිය හැකිය බව විදුලිබල අමාත්‍යංශය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන සඳහන් කළේ නොරොච්චෝලේ, විදුලි බලාගාරයේ දෙවනි විදුලි ජනන යන්ත්‍රයේ කාර්මික දෝෂයක් හේතුවෙන් නැවත පද්ධතියෙන් ඉවත් කර ගැනීම හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවයි.

Local News
December 11, 2021
297 views 0 secs 0

ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි..

අඹතලේ සිට කොළඹට ජලය සැපයෙන ජල නලයක අලුත්වැඩියාවක් හේතුවෙන් අද(11) මධ්‍යම රාත්‍රි 12 සිට හෙට (12) පස්වරු 6.00 දක්වා පැය 18 ක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.ඒ අනුව කොළඹ 12, 13, 14 , සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.