Local News, Politics
December 02, 2021
304 views 0 secs 0

අසාද් සාලි නිදහස්

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා මේ වසරේ මාර්තු 9 වැනිදා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පවරා ඇති නඩුවකින් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා.රටේ වාර්ගික ආගමික සංහිඳියාවට හානි වන අයුරින් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් නීතිපතිවරයා සාලිට එරෙහිව අධි චෝදනා ගොනු කර තිබුණා.

Health, Local News
December 02, 2021
296 views 0 secs 0

ෆයිසර් විශාල තොගයක් ලංකාවට

අද (02) උදෑසන ශ්‍රී ලංකාවට රැගෙන එන ලද විශාලතම ෆයිසර් එන්නත් තොගය කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් තිබෙනවා.මෙරටට ෆයිසර් එන්නත් මාත්‍රා 1,503,450ක් රැගෙනවිත් ඇති බවයි රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන සඳහන් කළේ.

Local News, Politics
December 02, 2021
318 views 0 secs 0

නිදහස් පක්‍ෂය වැඩ අරඹයි.

අද (02) ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වීමට නියමිතව තිබෙනවා.පස්වරු 5.00ට පක්ෂ මූලස්‍ථානයේ දී පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම පැවැත්වීමට නියමිතයි.

Local News
December 02, 2021
284 views 0 secs 0

නීති විරෝධී ක්‍රම හරහා මුදල් මාරු කරන බැංකු ගිණුම් අත්හිටුවීමට පියවර….

ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින්නීති විරෝධී ක්‍රම භාවිත කරමින් මුදල් හුවමාරු කරන බැංකු ගිණුම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන බව ප්‍රකාශ කර තිබේ. සියලුම සංක්‍රමණිකයන්ට ඔවුන්ගේ ඉපැයීම් නීතිමය ක්‍රම හරහා පමණක් මාරු කරන ලෙස ඉල්ලා ඇත.

Local News
December 02, 2021
288 views 0 secs 0

මුදල් ඇමති රටින් යයි.

දෙදින ඉන්දියාවේ නිල සංචාරයක නිරත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉන්දියාවේ මුදල් හා ආයතනික කටයුතු ඇමතිනිය වන එස්. නිර්මලා සීතාරාමන් හමුවී තිබෙනවා.එහිදී දෙරට අතර පවතින ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතා වැඩසටහන් තවදුරටත් වර්ධනය කර වැඩිදියුණු කළ හැකි ක්‍රම සහ විධි පිළිබඳවද සාකච්ඡා කර ඇති බවයි සඳහන් වන්නේ.

Local News
December 01, 2021
312 views 0 secs 0

ලිට්‍රො සමාගමෙන් හදිසි දුරකථන අංකයක්….

ලිට්‍රො ගෑස් සමාගම විසින් 1311 හදිසි දුරකථන අංකය පාරිභෝගික ජනතාව වෙත හඳුන්වා දී තිබේ. ඒ ගෘහස්ථ ගෑස් සිලින්ඩර සම්බන්ධයෙන් හදිසි අවස්ථාවකදී ඇමතුම් ලබාගැනීමටයි.

Local News
December 01, 2021
304 views 0 secs 0

අද කාලගුණය

අද (01) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී සබරගමුව, මධ්‍යම, බස්නාහිර, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව පවසනවා. උදෑසන කාලයේදී මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවයි කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.මෙම කාලගුණය නිසා සිදුවන […]

Local News
December 01, 2021
328 views 0 secs 0

අද සිට නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මලාවක් නිකුත් කෙරේ.

ඊයේ (30) දිනයේ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළා.මෙය අද (01) සිට 15 වනදා දක්වා ක්‍රියාත්මක වන මාර්ගෝපදේශ මාලාවකි. ඒ අනුව සිනමාශාලා සඳහා ආසන පහසුකම් අනුව සීයයට 75ක පිරිසකට ඇතුල්වීම අවසර හිමිව ඇති අතර ක්‍රීඩා තර​ඟ නැරඹීමට ප්‍රේක්ෂකයින්ට අවසර ලබාදී නොමැත. විවාහ මංගල්‍ය සඳහා උත්සව ශාලාවල ඉඩ ප්‍රමාණයෙන් 1/3ක ප්‍රමාණයක් හෝ […]

Local News
November 30, 2021
344 views 0 secs 0

ගෑස් පිපිරීම් පිළිබඳ සොයා බැලීමට කමිටුවක්

මෑතක සිට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වන ගෘහස්ථ ගෑස් අනතුරු පිළිබඳ සොයාබලා එයට විසඳුම් ඉදිරිපත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කමිටුවක් පත්කර තිබේ. ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ ගෘහස්ථ, වෙළෙඳ හා විකුණුම් මධ්‍යස්ථානවල ගෑස් (LPG) සිලින්ඩර් ආශ්‍රිත ගිනිගැනීම්, පුපුරායාම් හා ඒ සඳහා හේතු සාධක සොයාබලා අදාළ විසඳුම් ඉදිරිපත් කරන ලෙසය. දැනට ඇති අධ්‍යනයන් හා විවිධ […]