Local News
November 25, 2021
305 views 0 secs 0

යහපාලන ආණ්ඩුව මත්තල වී ගබඩා කලේ රාජපක්ෂලාගෙන් පළිගන්න – අග්‍රාමාත්‍යවරයා..

හැකි තරම් ණය ගත් යහපාලන රජය අවසානයේ කරපු දෙයක් නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අගමැතිවරයා මේ බව පැවසුවේ බණ්ඩාරනායක ජාත්‍යාන්තර ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද නව ගුවන් යානා අංගනය සහ උප ධාවන පථය විවෘත කිරීමට එක් වූ අවස්ථාවෙදීයි. එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, “2015 දී බලයට ආපු යහපාලන ආණ්ඩුව […]

Local News
November 25, 2021
334 views 0 secs 0

ඉල්ලීම් නොලැබුනොත් වර්ජනයත් නොනවතියි…

රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසා සිටියේ ඉදිරි දින 6 තුළදී සිය ඉල්ලීම් ඉටුකිරීමට රජය අපොහොසත් වන්නේ නම් සිය වර්ජනය අඛණ්ඩව සිදුකරන බවයි. සෞඛ්‍ය සේවයේ උසස්වීම් විෂමතා ගැටලු, සෞඛ්‍ය පරිපාලන සේවාවක් ඇති කිරීම සහ හෙද උපාධිධාරීන්ගේ වැටුප් කප්පාදු ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා ඇතුළු සෞඛ්‍ය වෘත්තීය […]

Local News
November 25, 2021
347 views 0 secs 0

හෙට සිට විශ්වවිද්‍යාල ලියාපදිංචිය ආරම්භ වේ

හෙට (26) සිට විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ 2020 උසස්පෙළ සිසුන් ලියාපදිංචිය ආරම්භ වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා. එම සිසුන් සඳහා විශ්වවිද්‍යාල ලියාපදිංචිය දෙසැම්බර් 05 දක්වා සිදු කිරීමට නියමිතයි.

Local News
November 25, 2021
330 views 0 secs 0

පන්නිපිටියේ පිපිරීමක්

අද පන්නිපිටිය ප්‍රදේශයේ නිවසක පිපිරීමක් සිදුව ඇත. මෙම පිපිරීම ගෑස් කාන්දුවක් හේතුවෙන් ඇති වුවක් බවට කොට්ටාව පොලීසිය සැක කරයි. අදාළ පිපිරීමෙන් නිවසට දැඩි හානි සිදුව තිබෙනවා. මේ වන විට මෙලෙස ගෑස් කාන්දු වීමෙන් සිදු වූ පිපිරීම් සිද්දි හතරක් වාර්තා වී තිබෙ

Local News
November 25, 2021
320 views 0 secs 0

කින්නියා නගරාධිපති අත්අඩංගුවට..

කින්නියා නගරාධිපතිවරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ ත්‍රිකුණාමලය කින්නියා, කුරින්ජන්කේනි කළපුවේ පාලම් පාරුවක් පෙරළීයාමෙන් පාසල් දරුවන් ඇතුළු හයදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ සිද්ධිය සම්බන්ධයෙනි.

Local News, Politics
November 25, 2021
362 views 0 secs 0

මහින්ද ඉල්ලා අස්වෙයි .

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත භාරදී තිබෙනවා.ඒ අනුව ඔහු ඉදිරියේදී අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ධූරයේ වැඩ භාර ගැනීමට නියමිතයි.

Local News
November 25, 2021
322 views 0 secs 0

දිස්ත්‍රික්ක 7කට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි.

දිවයිනේ දැනට පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතු කොට ගෙන දිස්ත්‍රික්ක 07කට නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා. දෙවන අදියරේ නායයෑම් අනතුරු සඳහා නිවේදන නිකුත් කර ඇත්තේ රත්නපුර, මාතලේ,කුරුණෑගල සහ මහනුවර දිස්ත්‍රික්ක සදහා ය. කොළඹ, කළුතර සහ නුවරඑළිය දිස්ත්‍රික් සඳහා පළමු අදියරේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.

Local News
November 25, 2021
314 views 0 secs 0

අද පස්වරුවේ නව කැලණි පාලම ජනතාවට විවෘත වේ.

අද පස්වරු 3.00 සිට නව කැලණි පාලම මහජනතාවට විවෘත කෙරෙන බව මහාමාර්ග අමාත්‍යංශය පවසනවා.ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික කේබල් මත ඉදි කල නව කැලණි පාලම ඊයේ (24) ජනපති සහ අගමැති ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා.

Local News
November 24, 2021
360 views 1 sec 0

තොරතුරු අයිතිවාසිකම් කොමිසමේ සාමාජිකයන් පත් කර නැහැ – ජාතික මාධ්‍ය සංසදය

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ ස්ථාපිත අයිතිවාසිකම් කොමිසම් සභාව දැනට මාස 2ක කාලයක් අක්‍රීය තත්ත්වයේ පසු වේ. එයට හේතුව වන්නේ පනතේ සදහන් ලෙස නව සමාජිකයින් පත් නොකර ගැනීම නිසයි.මෙම කොමිසමේ ආරම්භක සමාජිකයින්ගේ පස් අවුරුදු ධූර කාලය පසුගිය සැප්තැම්බර් 30 අවසන් වුව ද එම ධූර සදහා නාම යෝජනා ඉදිරිපත් කල ද තොරතුරු අයිතිවාසිකම් කොමිසම් සභාවේ සමාජිකයින් […]

Local News
November 24, 2021
308 views 0 secs 0

අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉටු නොවීම ගැන කණගාටුයි – කාදිනල් හිමි..

වාද්දුව ශුද්ධාත්ම දේවස්ථානයේ ප්‍රතිසංස්කරණය කරන ලද ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට අඟහරුවාදා (24) එක්වෙමින් 2019 අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් යළිත් වරක් කලකිරීම ප්‍රකාශ කර තිබේ. “ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු බවත්, එසේ කළ නොහැකි නම් එය කළ හැකි අයෙකුට මෙම කාර්යය භාරදිය […]