Local News
November 22, 2021
206 views 0 secs 0

රාජ්‍ය නිලධාරීන්ට විනය පියවර…?

ඇතැම් රාජ්‍ය නිලධාරීන් රජය සහ රජයේ ප්‍රතිපත්ති අනවශ්‍ය ලෙස විවේචනය කරමින් සමාජ මාධ්‍යයේ අදහස් පළ කරන බව ඉකුත් සමය පුරාවට නිරීක්ෂණය වී ඇති අතර එය සළකිල්ලට ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ රජයේ ප්‍රතිපත්ති විවේචනය කරමින් අදහස් පළකිරීමෙන් වළකින ලෙස ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සියලු රාජ්‍ය සේවකයින් වෙත නියෝගයක් නිකුත් කර තිබෙනෙවා. ඒ අනුව මෙම නියෝගය කඩ කරමින් […]

Local News
November 21, 2021
217 views 0 secs 0

ශ්‍රී ලංකා මහ බැංකුවේ නව සහකාර අධිපතිවරුන් සිව්දෙනා…

පසුගියදා පැවති මුදල් මණ්ඩල රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වන කේ.ජී.පී සිරිකුමාර, ඩී. කුමාරතුංග, යූ.එල් මුතුගල සහ සී.පී.එස් බණ්ඩාර යන මහත්ම මහත්මීන් පසුගිය 17 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සහකාර අධිපතිවරුන් ලෙස උසස් කිරීමට පියවර ගෙන ඇති බව මහ බැංකුව නිවේදනය කළේය.

Local News
November 21, 2021
198 views 0 secs 0

ගෑස්, සිමෙන්ති හිඟය ඉවරද..?

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේ, දෛනිකව ගෑස් සිලින්ඩර් ලක්ෂයක් පමණ වෙළඳපොළට මුදා හැරීමට අදාළ සමාගම් කටයුතු කරමින් සිටින අතර වෙළඳපොළේ පවතින ගෑස් හිඟය ඉදිරි දින කිහිපය තුළ අවසන් වනු ඇති බවයි.. මීට අමතරව, වෙළෙඳපොළේ සිමෙන්ති හිඟය ද, ඉදිරි සති දෙක තුළ අවසන් වනු ඇති අතර හිඟය අවසන් වූ පසු රුපියල් 1,275 ක මිලකට […]

Local News
November 21, 2021
219 views 0 secs 0

අනුරාධපුර සැක කටයුතු මරණයක්…

අනුරාධපුර ,රාමකැලේ වලව්වත්ත ප්‍රදේශයේ නවාතැන් පහසුකම් සපයනු ලබන හෝටල් කාමරයක් තුළ නවාතැන් ගෙන සිටි පුද්ගලයෙකු සැකකටයුතු අන්දමින් මියගොස් ඇති අතර මෙය සිය දිවි හානි කරගැනීමක් ද මනුෂ්‍ය ඝාතනයක් ද නැතිනම්, ස්වාභාවික මරණයක් ද යන්න සොයා අනුරාධපුර පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ. මියගොස් ඇත්තේ, තිස්වැල්ල , කිරිඳිවෙල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි. මෘත ශරීරය, සිද්ධිය වූ […]

Local News
November 21, 2021
196 views 0 secs 0

ආර්ථික මධ්‍යස්ථානයක් වැසෙයි..

වගාවන්ට අවශ්‍ය පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය නොමැතිවීම හේතුවෙන් නුවරඑළිය, එළවළු ගොවීන් සිය එළවළු තොග නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයට ලබාදීම ප්‍රතික්ෂේප කර තිබේ.

Local News
November 21, 2021
196 views 0 secs 0

බන්ධනාගාරයක කොවිඩ් රෝගීන්…

බදුල්ල බන්ධනාගාරයේ රැඳවියන් 95 දෙනෙකුගෙන් ඊයේ (20) දිනයේ සිදුකළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ මඟින් රැඳවියන් 12 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති බව බදුල්ල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පියල් පද්ම සඳහන් කළා.

Local News
November 20, 2021
212 views 0 secs 0

ලංකාවට තවදුරටත් ණය ලබා ගත නොහැකිය- මහාචාර්ය ජී.එල්. පිරිස්

ශ්‍රී ලංකාවට රටක් ලෙස තවදුරටත් ණය ලබා ගත නොහැකි බව ආර්ථික ප්‍රබෝධය කේන්ද්‍ර කර ගනිමින් විදේශ කටයුතු අමාත්‍යාංශය ක්‍රියාත්මක කළ වැඩසටහනකදී විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පිරිස් මහතා ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදේශ අමාත්‍යවරයා කියා සිටියේ රට ගොඩනැගීමට නම් ශ්‍රී ලංකාව ප්‍රාග්ධනය ඉපයීමේ වෙනත් මාර්ග කෙරෙහි අවධානය යොමු කළ යුතු බවයි. ආයෝජන, වෙළෙඳාම, […]

Local News
November 20, 2021
198 views 0 secs 0

තවත් ඩෙල්ටා උප ප්‍රභේදයක් ලංකාවේන්

ශ්‍රී ලංකාවේන් තවත් ඩෙල්ටා උප ප්‍රභේදයක් හමු වී ඇති බව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා. මේ වන විට සොයා ගෙන ඇති නව ඩෙල්ටා අනු ප්‍රභේදය B.1.617.2.104 බවයි ආචාර්ය චන්දිම ජිවන්දර ට්විටර් පණිවුඩයකින් දැනුම් දෙනවා.

Local News
November 19, 2021
228 views 0 secs 0

ගෑස් සිලින්ඩර ලක්ෂ 8 කට ප්‍රමාණයක් සතිය තුළ

ලිට්‍රෝ ගෑස් සමාගම පවසා සිටියේ ගෘහස්ත ගෑස් සිලින්ඩර ලක්ෂ 8 කට අධික ප්‍රමාණයක් මෙම සතිය තුළ වෙළඳපොලට නිකුත් කරන බවයි. පසුගිය සතියේත් ගෘහස්ත ගෑස් සිලින්ඩර ලක්ෂ 7 ක ප්‍රමාණයක් වෙළඳපොලට නිකුත් කළ බවද ලිට්‍රෝ ගෑස් සමාගමේ අලෙවි හා වෙළඳ අධ්‍යක්ෂ ජනක පතිරත්න සඳහන් කළේය. තවත් දින 6 ක් තුළ මෙම ගැටලුව විසදෙනු ඇති බවයි ඔහු […]

Local News
November 19, 2021
228 views 0 secs 0

රියදුරු බලපත්‍ර ලබා ගැනිමේ ලිඛිත පරික්ෂණය විභාග දෙපාර්තමේන්තුව මගින්.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් පැවැත්වෙන රියදුරු බලපත්‍ර ලබා ගැනිම සදහා වන ලිඛිත පරික්ෂණවලට අදාළ ලිඛිත පරික්ෂණ විභාග දෙපාර්තමේන්තුව මගින් පැවැත්වීමටයි සැලසුම් කර තිබෙන්නේ. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් වැඩිදුරටත් සඳහන් කළේ අයදුම්කරුවන්ට තමා අයත් ප්‍රදේශය තුළම රියදුරු බලපත්‍ර ලබාගැනිමේ ලිඛිත පරික්ෂණ වලට සහභාගීවිමේ අවස්ථාව හිමිවන බවයි.